(අංජුල මහික වීරරත්න)

2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී යන තනතුරු බලයලත් නිලධාරීන් වශයෙන් පත් කිරීමට හැකිවන පරිදි මෙම පනත් කෙටුම්පත සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.