(යොහාන් භාසුර)

දේශීය බිත්තර නිෂ්පාදකයන් නම්‍යශීලීව සැළකිය යුතු ලෙස බිත්තර මිල පහළ දැමීමට කටයුතු කළහොත් බිත්තර ආනයනය නතර කරන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

එසේ නොවුණ හොත් මෙරට නිෂ්පාදනය කරන බිත්තර ප්‍රමාණය සහ වෙළෙඳපොළට අවශ්‍ය බිත්තර ප්‍රමාණය සොයා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු වැනි ඊට අදාළ සියලු රජයේ ආයතනයන්හි අධීක්ෂණය යටතේ බිත්තර ආනයනය නිසි ප්‍රමිතියෙන් යුතුව ඉදිරියට ගෙන යන බවත් අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කීය.