(තුසිත කුමාර ද සිල්වා)

උදරයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් කොළඹ රිජ්වේ ළමා රෝහලේ ප්‍රතිකාර ලැබූ දස හැවිරි දරුවකු මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. 

මෙසේ මියගොස් ඇත්තේ අංක 129 බි, බප්පුගොඩ, දර්ගා නගරය පදිංචිව සිටි පි.කේ.ඩී. අදීශ හංසන(10) නැමැති දරුවෙකි.

මෙවර ශිෂ්‍යත්වය විභාගයට පෙනී සිටිමට සූදානමින් සිටි මෙම දරුවා  දර්ගා නගරය ශ්‍රී ඥාණස්සර විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ පහ වසර ඉගෙනුම ලබමින් සිටියේය.

ඉකුත් සිකුරාද පාසල් නිමවී නිවසට පැමිණ බඩ රිදෙන බව පවසා වමනය කළ බව ඔහුගේ මව පවසයි. පසුව   දර්ගා නගරය රෝහලටත් වැඩිදුර ප්‍රතිකාර සහ කලුතර නාගොඩ රෝහලට මාරු කර යවා ඇත.

පසුව ඊයේ කළුතර රෝහලින්  බොරැල්ල රිජ්වේ ළමා රෝහල මරු කර ඇත.

රෝහල් තුනකට ඇතුළත් කළත් දරුවාගේ රෝගය හඳුනාගෙන ප්‍රතිකාර නොලැබීමෙන් අද 31 උදෑසන අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙන බව එම දරුවාගේ මව පැවසීය.