(අංජුල මහික වීරරත්න)

ඉන්දියාවේ කොචින් ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි දී සහ ඉන්දුනීසියාවේ ජකර්තා ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි දී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා සඳහා සේවා සපයා ගැනීමට කොන්ත්‍රාත්තු පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ඉන්දියාවේ කොචින් හා ඉන්දුනීසියාවේ ජකර්තා යන ගුවන්තොටුපල වල ගුවන් මගීන්, ජංගම ගුවන් සෝපාන හා භාණ්ඩ තොග හසුරුවාලීම යන අංශ සඳහා සේවා සැපයුම්කරුවන් තෝරා ගැනීම පිණිස ලංසු කැඳවා ඇත.

ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි සේවා සැපයුම් කොන්ත්‍රාත්තු ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.