(යොහාන් භාසුර)

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) ද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (සිපෙට්කෝ) ඉන්ධන මිලට සම කරමින් ඉන්ධන මිල අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට සංශෝධනය කරන බව එම සමාගම පවසයි.

ඒ අනුව එල්.අයි.ඕ.සී. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 12 කින් ඉහළ දැමූ බවත් ඩීසල් ලීටරයක් රුපියල් 2 කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 10 කින් අඩු කළ බවත් එම සමාගම කියයි.