(ටී.කේ.ජී.කපිල )

ඉන්දුනීසියාවේ 12 වැනි " බාලි අන්තර්ජාතික සංගීත තරගාවලියේ " ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ කණ්ඩායම රන් පදක්කම් 04 ක් දිනා ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

මෙම තරගාවලිය ඉන්දුනීසියාවේ බාලි අගනුවර රටවල් 14 ක කණ්ඩායම් 92 ක තරගකරුවන් 4,000 ක ගේ පමණ සහභාගීත්වයෙන් පසුගිය 25 සිට 29 දක්වා පැවැත්වුණි.

එහිදී කණ්ඩායම් තරග අංශයෙන් සංගීත අධ්‍යක්ෂණයෙන් සහ මෙහෙයවීම වෙනුවෙන් ශිවන්ති සුබ්‍රමනියම් මහත්මියත් , කේවළ වැඩිහිටි අංශයෙන් ෂෙනුක් විජේසිංහ සහ ළමා තරග කේවළ අංශයෙන් රකිත විද්‍යාපති රන් පදක්කම් දිනා ගැනීමට සමත් වී සිටියහ .

මෙම සංගීත ශිල්පීන් පිරිස කටුනායක ගුවන් තොටුපොළේ දී සිය ගායන කුසළතා විදහා පෙන්වමින් ඉංග්‍රීසි ගීත කීපයක් ද ගායනා කළහ .

ජයාරූපය , රන් පදක්කම් වමේ සිට දකුණට . ෂෙනුක් විජේසිංහ , රකිත විද්‍යාපති සහ ශිවන්ති සුබ්‍රමනියම් .