(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටෙි සිරිකොත පක්ෂ මූලස්ථානයේදී හෙට (2) පැවැත්වේ.
එක්සත් ජාතික පක්ෂ සම්මේලනය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම උදෙසා මෙම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වනු ඇත.
එක්සත් ජාතික පක්ෂයේ 76 වැනි සංවත්සරය හා පක්ෂ සම්මේලනය සැප්තැම්බර් මස 10 වැනිදා පැවැත්වීමට එජාප කළමනාකරණ කමිටුවේදී ගත් තීරණය හෙට පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අනුමත කිරීමට ද නියමිතව ඇතැයි පක්ෂ මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.
පක්ෂ සම්මේලනය පැවැත්වෙන ස්ථානය හා සම්මේලනය සංවිධානය කිරීමේ කමිටුව ද මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අනුමත කර ගැනීමට ද සැලසුම් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂය මේ වන විට මුළු රටම ආවරණය වන පරිදි පක්ෂ බලමණ්ඩල 135 ට වඩා පිහිටුවා ඇති අතර ඉදිරියේදී තවත් බලමණ්ඩල රැස්වීම් පැවැත්වෙනු ඇත.
සියලු බලමණ්ඩල රැස්වීම් අවසානයේදී පක්ෂ සම්මේලනය පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවට එකඳු මන්ත්‍රී කෙනෙක්වත් ඡන්දෙකින් දිනවාගන්න බැරිවුණ ඔය බංකොළොත් පක්ෂයට මොන කෘත්‍යාධිකාරි රැස්වීම්ද?
අවසන් පක්ෂ සමුළුව තියපල්ලා, ඊළඟ ඡන්දයෙදී අපි ඕක වළදානවා සහතිකයි...
දැන් මුළු රටේම ජනාධිපති නිසා පක්ෂයේ වැඩවලට යන්නේ නැහැ කිව්වා නේද? මොකද වැඩේ අල කරගෙනද?