(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ගංජා වැටලීමකට සෙල්ල කතරගම වල්ලි ගුහාව ප්‍රදේශයේ නිවසකට ගිය කතරගම පොලීසියේ නිලධාරීන් කණ්ඩායමකට පිහි සහ පොරෝ රැගෙන පහරදීමට උත්සාහ කළේ යැයි කියන යුද හමුදා සෙබළෙකු, ඔහුගේ බිරිඳ පුතා සහ දියණිය සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි කතරගම පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාර සෙබළා මඩකලපුව ප්‍රදේශයේ හමුදා කඳවුරක රාජකාරි කරන හතළිස් තුන් හැවිරිදි අයෙකි.
අත්අඩංගුවට ගත් ඔහුගේ බිරිඳ 41 හැවිරිදි වියේ පසු වන අතරපුතා 20 හැවිරිදි වියේ ද දියණිය 17 හැවිරිදි හැවිරිදි පසුවෙති.
වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකාර යුද හමුදා සෙබලා ගංජා කතුරකින් කපමින් සිටිනවා දැක පොලිස් නිලධාරීන් තිදෙනා ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කර ඇති අතර ඒ අවස්ථාවේ ඔහුගේ බිරිඳ පුතා සහ දියණිය පිහි සහ පොරෝ රැගෙන එම නිලධාරීන්ට පහර දීමට උත්සාහ කරමින් කලහකාරී ලෙස හැසිරී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සැකකාර සෙබළා ද ඔහු අතේ තිබූ කතුරෙන් නිලධාරීන්ට ගැනීමට උත්සාහ කර ඇතැයි පොලිසිය කියයි.
පොලිස් නිලධාරීන් තිදෙනා මේ බව කතරගම පොලිසියට දැනුම් දී තවත් පොලිස් කණ්ඩායමක් එහි ගෙන්වා ගත් අවස්ථාවේ එම නිලධාරීන්ට දපහරදීමට උත්සාහ කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.
පොලිස් කණ්ඩායම සැකකරුවන්සහ සැකකාරියන් අල්ලා මෙල්ල කර සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. කතරගම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳ ආදර්ශමත් පවුලක්...