(අංජුල මහික වීරරත්න)
මේ වසරේ පළමු මාස හත ඇතුලත සංචාරකයන් 763,000ක් මෙරටට පැමිණ ඇතැයි ද එයින් ඇමරිකා ඩොලර් මිලියන 800ක අදායමක් ලබාගැනීමට හැකිවූ බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.
රටේ ආර්ථිකය ගොඩඟීම සඳහා සංචාරක ක්ෂේත්‍රය ද උපරිම වශයෙන් දායකකර ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක වී ඇති බවත් තවදුරටත් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යංශය ලෙස නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවත් ඒ මහත්මිය සඳහන් කළාය.
සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙම අදහස් පළ කළේ, 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
සංචාරක කර්මාන්තය නංවාලීමට සාම්ප්‍රදායික ක්‍රමවලින් මිදිය යුතු බව කී ඩයනා ගමගේ මහත්මිය මළ නගරවලට (Dead Cities) සංචාරකයන් නොපැමිණෙන බවත් සංචාරකයින්ට සක්‍රීය නගර ඇති කිරීමේ අවශ්‍යතාවක් ඇති බවත් අවධාරණය කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බක පණ්ඩිත දේශපාලුවෝ විනාශ කරපු රට. සමහර පළාත්වල තෝරා, මෝරා, තලපත් කඩේ නෑ... මොකද මිනිස්සුන්ගේ අතේ සල්ලි නැති නිසා. සාලයා තමා. එහෙමයි කියලා මොවුන් ලංගමේ පාර්ලිමේන්තු ගියාද? නෑ මිත්‍රවරුනි, රැවටෙන්න එපා.
ගීතගේ මන්ත්‍රී ධුරය නැති කළා වගේ මෙයාට කරන්නේ නැත්තේ ඇයි? කාගේ හයියක්ද?
ඒ සංචාරකයින්ට ගංජා වික්කා නම් මිලියන 800 අඩුම ගානෙ මිලියන 1000 කරගන්න තිබුණා පහසුවෙන්... කෝ මේ රටේ බූරුවන්ට ඕවා තේරෙන එකක්යැ. නැද්ද?
මේකෙන් පේනවා මොනවගේ සංචාරකයෝද අපේ රටට ඇවිල්ලා තියෙන්නේ! එක් අයෙක් වියදම් කරලා තියෙන්නේ USD 1,048.50. සංචාරක ප්‍රවර්ධනයත් හොඳටම කරලා.
සංචාරකයින් සඳහා කරපු දෙයක් නම් පේන්න නෑ. ගුවන්තොටුපළ ඇතුලෙ ඔවුන් වරු ගණන් පෝලිම්වල. කිසිම පිළිවෙළක් නෑ. සිය ගණනක් සේවක සේවිකාවන් ඔහේ වැනි වැනී ඉන්නවා. මේ ගැනවත් හොයා බැලුවොත් සංචාරකයින් ට ප්‍රසන්න හැඟීමක් ඇතිවෙයි.
සංචාරකයින්ට ගුවන් තොටු පලේදී කංසාවලින් නිපදවූ කායවර්ධන ඖෂධ හඳුන්වා දීමට වැඩපිළිවෙළක් කළොත් හොඳයි, සලකා බැලුවොත් හොඳයි හිතෙන් නැතිද?
අරගොල්ලන්ට භාගයක් ????
ලොකු ලොකු දේවල් කරන්නට පෙර නගර හා උපනගර පිරිසිදුව තබා ගැනීමේ වැඩපිළිවෙළක් දියත් කළ යුතුයි. ඒ සඳහා නගර සභා සහ ප්‍රාදේශීය සභාවලට වැඩි කම්කරුවන් සංඛ්‍යාවක් බඳවා ගත යුතුයි. 2015 දී දෙගුණයක් කල සභිකයන් සංඛ්‍යාව යලි පෙර තිබූ සංඛ්‍යාව තෙක් කපා හරින්න.
අර දිය ඇලි ටිකයි... සුද්දා හදපු රේල් පාරයි, තේ වතු ටිකයි, කළින් රජවරු හදපු මාලිගා ටිකයි, සීගිරිය වගේ ස්ථානයි, වනාන්තරයි, මුහුදු වෙරළයි නිසා තමයි, සංචාරකයෝ තාම එන්නේ... මෙයා මොනවද කළේ...?