IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


මාස හතකදී සංචාරක ආදායම ඩොලර් මිලියන 800ක්

(අංජුල මහික වීරරත්න)

මේ වසරේ පළමු මාස හත ඇතුලත සංචාරකයන් 763,000ක් මෙරටට පැමිණ ඇතැයි ද එයින්  ඇමරිකා ඩොලර් මිලියන 800ක  අදායමක් ලබාගැනීමට හැකිවූ බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

රටේ ආර්ථිකය ගොඩඟීම සඳහා සංචාරක ක්ෂේත්‍රය ද උපරිම වශයෙන්  දායකකර ගැනීම සඳහා  ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතා ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක වී ඇති බවත් තවදුරටත් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යංශය ලෙස නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවත් ඒ මහත්මිය සඳහන් කළාය.

සංචාරක  රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙම අදහස් පළ  කළේ,  'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද  (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

සංචාරක කර්මාන්තය නංවාලීමට සාම්ප්‍රදායික ක්‍රමවලින් මිදිය යුතු බව කී ඩයනා ගමගේ මහත්මිය මළ නගරවලට (Dead Cities) සංචාරකයන් නොපැමිණෙන බවත් සංචාරකයින්ට සක්‍රීය නගර ඇති කිරීමේ අවශ්‍යතාවක් ඇති බවත් අවධාරණය කළාය.



අදහස් (9)

මාස හතකදී සංචාරක ආදායම ඩොලර් මිලියන 800ක්

සල්ලි Tuesday, 01 August 2023 09:11 PM

බක පණ්ඩිත දේශපාලුවෝ විනාශ කරපු රට. සමහර පළාත්වල තෝරා, මෝරා, තලපත් කඩේ නෑ... මොකද මිනිස්සුන්ගේ අතේ සල්ලි නැති නිසා. සාලයා තමා. එහෙමයි කියලා මොවුන් ලංගමේ පාර්ලිමේන්තු ගියාද? නෑ මිත්‍රවරුනි, රැවටෙන්න එපා.

:       2       0

Dinesh Tuesday, 01 August 2023 09:22 PM

ගීතගේ මන්ත්‍රී ධුරය නැති කළා වගේ මෙයාට කරන්නේ නැත්තේ ඇයි? කාගේ හයියක්ද?

:       2       2

Perera Wednesday, 02 August 2023 05:33 AM

ඒ සංචාරකයින්ට ගංජා වික්කා නම් මිලියන 800 අඩුම ගානෙ මිලියන 1000 කරගන්න තිබුණා පහසුවෙන්... කෝ මේ රටේ බූරුවන්ට ඕවා තේරෙන එකක්යැ. නැද්ද?

:       1       3

Aruna Wednesday, 02 August 2023 07:35 AM

මේකෙන් පේනවා මොනවගේ සංචාරකයෝද අපේ රටට ඇවිල්ලා තියෙන්නේ! එක් අයෙක් වියදම් කරලා තියෙන්නේ USD 1,048.50. සංචාරක ප්‍රවර්ධනයත් හොඳටම කරලා.

:       1       3

කිරිපුතා Wednesday, 02 August 2023 09:26 AM

සංචාරකයින් සඳහා කරපු දෙයක් නම් පේන්න නෑ. ගුවන්තොටුපළ ඇතුලෙ ඔවුන් වරු ගණන් පෝලිම්වල. කිසිම පිළිවෙළක් නෑ. සිය ගණනක් සේවක සේවිකාවන් ඔහේ වැනි වැනී ඉන්නවා. මේ ගැනවත් හොයා බැලුවොත් සංචාරකයින් ට ප්‍රසන්න හැඟීමක් ඇතිවෙයි.

:       1       10

Widyarathna Wednesday, 02 August 2023 10:53 AM

සංචාරකයින්ට ගුවන් තොටු පලේදී කංසාවලින් නිපදවූ කායවර්ධන ඖෂධ හඳුන්වා දීමට වැඩපිළිවෙළක් කළොත් හොඳයි, සලකා බැලුවොත් හොඳයි හිතෙන් නැතිද?

:       0       5

jANAHITHA Wednesday, 02 August 2023 01:37 PM

අරගොල්ලන්ට භාගයක් ????

:       0       0

Ananda Munasinghe Wednesday, 02 August 2023 02:23 PM

ලොකු ලොකු දේවල් කරන්නට පෙර නගර හා උපනගර පිරිසිදුව තබා ගැනීමේ වැඩපිළිවෙළක් දියත් කළ යුතුයි. ඒ සඳහා නගර සභා සහ ප්‍රාදේශීය සභාවලට වැඩි කම්කරුවන් සංඛ්‍යාවක් බඳවා ගත යුතුයි. 2015 දී දෙගුණයක් කල සභිකයන් සංඛ්‍යාව යලි පෙර තිබූ සංඛ්‍යාව තෙක් කපා හරින්න.

:       0       4

Nimal Wednesday, 02 August 2023 06:01 PM

අර දිය ඇලි ටිකයි... සුද්දා හදපු රේල් පාරයි, තේ වතු ටිකයි, කළින් රජවරු හදපු මාලිගා ටිකයි, සීගිරිය වගේ ස්ථානයි, වනාන්තරයි, මුහුදු වෙරළයි නිසා තමයි, සංචාරකයෝ තාම එන්නේ... මෙයා මොනවද කළේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 507 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site