(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ශක්තිමත් කිරීමට අදාල සියලු යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
ඒ අනුව 13 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාලව බලය බෙදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ලබන සතියේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කිරීමට ද නියමිතය.
ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ශක්තිමත් කිරීමට අදාල අණ පනත් ගෙන ඒම ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැහැදිලි කිරීමට ද නියමිතය. පොලිස් බලතල හැර අනෙකුත් බලතල බෙදා ගන්නේ කෙසේද යන කාරණය ගැන ජනාධිපතිවරයා මෙම ප්‍රකාශයේදී කරුණු පැහැදිලි කරනු ඇත.
ජනාධිපතිවරයා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළත් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ හා දෙමළ ජාතික සන්ධානය ඇතුළු දෙමළ පක්ෂ වල එක මතයක් නොමැතිවීම ජනාධිපතිවරයාගේ කටයුත්තට බාධාවක් වී අතැයි ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්නේ කොහේද මල්ලේ පොල්. මිනිස්සුන්ට දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ ජීවත් වෙන්නේ කොහොමද? ළමයින්ට කන්න දෙන්නේ කොහොමද කියලා. මෙයාට දැන් අවශ්‍ය දෙමළ ඡන්ද ටික ගන්නේ කොහොමද කියලා... 2005 දෙමළ ඡන්ද ටික හම්බ වුණා නම් යුද්දෙ තාමත් තියෙනවා. අනිත් එක තමයි උද්ධමනය පහළ ගිහින් බඩුමිල වැඩිවෙන ලෝකෙ තියෙන එකම රට ලංකාව...
ඔය මොනවා කළත් එයාලා හදාගන්න යන්නේ ඊළම. ඊට පස්සේ එතැන ඉඳන් නැවත ප්‍රශ්න... පුළුවන් නම් කනාෂොට් ඇවිත් තව අවුලක් හදලා යයි මෙතුමාත්...
13 නෙවෙයි 63 ක්‍රියාත්මක කළත් වැඩක් තියෙනවද ඡන්දයක් නැතුව... ඉස්සල්ලා ඡන්දෙ තියලා ඉන්ටකෝ... සිංහල දෙමළ මුස්ලිම් හැම පක්ෂයක්ම එදා එක හඬින් කිව්වේ ඒකනේ. අනිත් එක ඔබතුමාට ඔය වගේ තීරණ ගන්න තරම් ප්‍රබල ජනමතයක් ලැබිලා නෑ. යාන්තම් පාර්ලිමේන්තු ආවෙත් මාමා ගෙනාපු ව්‍යවස්ථා ගැටේ හින්දා. පොහොට්ටුවේ අපි නැත්නම් ඔබතුමා නිකම්ම නිකන් මන්ත්‍රී... ගෝඨාභය සර් කරපු සමහර පිස්සු වැඩ නිසා යන්න වුණාට රටේ 69 ලක්ෂයක ඡන්දෙ දීලා ආණ්ඩුවක් හැදුවේ අලුත්ම අලුත් ව්‍යවස්ථාවක් ගේන්න මිසක් තියෙන එකට අණ්ඩ දාන්න නෙවෙයි...
රට විනාශකරන තුරු මෙයාට නින්ද යන්නේ නැහැ.
අරගලයින්ගේ අග්‍ර ඵලය ඔබ වුවත්, 13 වැනි වඩාත් සංවේදී මාතෘකා පිලිබඳ කතා කිරීමට ඔබට ජනතාව ගෙන් වරමක් ලැබී නෑ නේද? වෙසෙසින්ම ගෝඨා මහතාගේ ඉතිරි ධුර කාලය තුළ එවැනි දේ කිරීමට ඔබට සදාචාරාත්මක අයිතියක් නැත්තේ ගෝඨා මහතා 13ට විරුද්ධව සිටි නායකයකු බැවිනි..
මේකද රටේ තියෙන දැවෙන ප්‍රශ්නේ... උතුරේත්, දකුණේත් දුප්පත්කම, බඩගින්න, බෙහෙත් නැති ඉස්පිරිතාල තව කෝටියක් ඇත්තටම ප්‍රශ්න... කපටි නරියා ආයෙත් ජනාධිපති වෙන්න හදනවා.
උතුරු නැගෙනහිර පුරවැසියන් අමතක කර බලය ලබාගැනීම මූලික අරමුණ කරගත් දේශපාලන කණ්ඩායම් වෙනුවට සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඔබ්බට ගොස් දේශපාලනය කළහැකි ලෝකයේ වෙනත් රටවල සේවය කළ අධ්‍යාපනය ලද සහ ඒ පිළිබඳව සහ ලෝකයේ වෙනස්වීම් පිළිබඳව අවබෝධයක් තිබෙන, අලුත් අදහස් තිබෙන්නා වූ, ජාතීන් වශයෙන් නොව අප ශ්‍රී ලාංකිකයින් වශයෙන් එක්ව නැගිසිටිමු යන්නා වූ මතයේ සිටිනා තරුණ පිරිසට ලංකාවේ දේශපාලනයට එක්කර ගත යුතුවේ. ද්විත්ව පුරවැසි බව ගැටළුවක් නොවන ආකාරයට දක්ෂයින්ට අවස්ථාවක් ලබාදීම වැදගත් වේ. ද්විත්ව පුරවැසියන් රටට සේවයට පැමිණියද ඔවුන්ට යම් චෝදනා එල්ල වන්නේ නම් ඔවුන්ට අධිකරණයෙන් දඬුවම් පැමිණවිය හැකි ආකාරයට නීති සම්පාදනය විය යුතුවේ. "ලංකාවේ ඉපදී වෙනත් රටක පුරවැසි බාවය" ලබා නැවත ලංකාවට පැමිණ සහයෝගය ලබාදීමට කිසිවකු අවහිර නොවන ආකාරයට අවස්ථවන් ලබාදුන හොත් බොහෝ පිරිසක් නැවත ලංකාව නගාසිටුවීමට සහයෝගය ලබාදෙනු ඇත. ද්විත්ව පුරවැසියන් පිළිබඳව තිබෙන්නා වූ සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ පිළිබඳව අදහස් දක්වමින් ජනතාව රැවටීමට අවස්ථාවක් ලබා නොදිය යුතුවේ...
13 ගැන මොන මගුල කරන්නත් 13 ක්‍රියාත්මක කරනවා කියලා ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රකාශ කර මහජන කැමැත්තෙන් බලයට එන්න. 13 බල ගැන්වීමට ඔබට ජනතාව බලය දී නැත. ලක්ෂ 69 ඝෝඨාභයට ඡන්දෙ දුන්නේ රට, ජාතිය රැකගන්න මිස පාවා දෙන්න නොවෙයි. වැස්සට පිළිකන්නට ගොඩ වුණු කෙනා ගෙදර උළුවහු වෙනස් කරන්න කථා කරනවා වගේ රටේ ආර්ථික අහේනිය වෙලාවේ රට ගෙනියන්න සුදුසු කෙනෙක් නැති නිසා රට බාරගෙන, රට පිදුරු ගහක එල්ලිලා ගොඩ එන්න බලනකොට මේ ගොයියා කලදුටුකළ දෙමළුන්ට වල ඉහගන්න උදව් කරන්න ගොස් ලී කොටේ කූඥ්ඤ ඇද්ද වඳුරා කර ගත්තු දේ කරගන්නවා ෂුවර්. මේ හදන්නේ 13 දුන්නත්, නොදුන්නත් දෙමලුන්ගේ ඡන්ද එකතු කරගන්න....
කොන්ද පණ නැති මාමා විසින් ඉන්දීය බලපෑමට යටත්ව එයට එරෙහි වූ සිංහල තරුණ තරුණියන් 66000 ම්ලේච්ඡ ලෙස ඝාතනය කර සම්මත කරගත් 13 හොර පාරෙන් ලබාගත් ජනපති පුටුව තවදුරටත් රැකගැනීමේ තණ්හාවෙන් පීඩිතව සිටින කොන්ද පණ නැති අය විසින් බලාත්මක කිරීමට යන වගයි...