(කේ. බුද්ධික කුමාරසිරි)
ඝාතනයට ලක් වූ සංවිධානාත්මක අපරාධකරුවකු වන රණාලේ ඌරැ ජුවා නැමැත්තාගේ කණ්ඩායමේ සාමාජිකයකු ලෙස දුරකතන ඇමතුමක් ලබා දී අතුරැගිරිය ඔරැවල ප්‍රදේශයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ අසූවක කප්පම් මුදලක් ඉල්ලා මරණ තර්ජනය කළ විශ්‍රාමික නාවික හමුදා සෙබළකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අතුරැගිරිය පොලිසිය පවසයි.
තමාට තිබෙන නඩු කටයුත්තක් සදහා ඉතා ඉක්මනින් රුපියල් ලක්ෂ අසූවක මුදලක් අවශ්‍ය බවත් එම මුදල ලබා නොදුන හොත් ව්‍යාපාරිකයාගේ බිරිද සහ දරුවන් මහමගදී මරා දමන බවද සැකකරු තර්ජනය කර තිබූ බවද පොලිසිය පවසයි.
ඒ අදාල දුරකතන ඇමතුම් විශ්ලේෂණයට ලක් කර සැකකරුවන් සිටින ස්ථානය පිළිබදව ලද තොරතුරක් මත අතුරැගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරධ ප්‍රනාන්දු මහතා සැකකරුවන් අත් අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ අතුරැගිරිය ඔරුවල සහ මුල්ලේගම ප්‍රදේශවල පදිංචිකරුවන් වන විශ්‍රාමික නාවික හමුදා පාලක සුළු නිළධාරියකු වන 43 හැවිරිදි පුද්ගලයකු සහ 40 හැවිරිදි කම්කරුවෙකි.
ප්‍රධාන සැකකාර විශ්‍රාමික නාවික හමුදා සෙබලා අදාල ව්‍යාපාරිකයාට අයත් ආයතනයක් අසල කුලී ත්‍රීරෝද රැකියාවේ නිරතව සිටින අතර අනෙත් පුද්ගලයා සමග එක් වී වෙනත් නිවසකින් සොරකම් කල දුරකතනයක සිම් පතක් භාවිතා කරමින් මෙලෙස කප්පම් ඉල්ලා ඇති බවත් පොලිසිය පවසයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ලක්ෂ 80ක කප්පම් ඉල්ලූ දෙදෙනෙක් මාට්ටු