(සුජිත් හේවාජුලිගේ )
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ලක්ෂයකට අඩු මාසික පොලී ආදායමෙන් අයකරගත් සියයට පහක රැඳවුම් බද්ද ඉතාම කෙටි කලකින් නැවතත් ඒ තැන්පතුකරුවන්ට නිදහස් කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කරගෙන යන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
පවතින නීතිය අනුව එම රැඳවුම් බද්ද ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මෙතෙක් නිකුත් කෙරුණේ වසරකට පසුව බවද ඔහු සඳහන් කළේය.
මෙම සියයට පහේ රැඳවුම් බද්ද අය කෙරුණේ සාමාන්‍ය බදු නීති අනුව බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එම රැඳවුම් බද්ද කෙටිකාලීනව නිදහස් කිරීමට ක්ෂණික වැඩපිළිවෙළක් අරඹා ඇතැයිද ප්‍රකාශ කළේය
නොගැලපෙන රඳවා ගැනීම් සියල්ල වර්ෂයකට පෙර නිදහස් කිරීමට
කටයුතු කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.
මේ අතර සේවකයන්ගේ උපයනවිට බද්ද අදාල ආයතන මගින් ගෙවීම අසාධාරණ බව පැවසූ සියඹලාපිටිය මහතා මින්පසු ඒ බද්ද අදාල සේවකයන් මිස ආයතනවලට ගෙවීමට ඉඩ නොදෙන බවද ප්‍රකාශ කළේය.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායමෙන් රැදවුම් බද්දක් අය ගැනීම ඉතා අසාධාරණ බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාද පාර්ලිමේන්තුවේදී පසුගිය 21 වැනිදා දීර්ඝ ලෙස කරුණු දක්වමින් පෙන්වා දුන්නේය.
එලෙස බදු අය කිරීම නොකරන්නැයිද මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන්සුව....
ඕවා ඉතින් ක්‍රියාවට නංවනකන් විශ්වාස කරන්න බැහැ...
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සියයට 15ක පොලියක් ගෙවීමට කටයුතු කළේ යහපාලන රජයේ මුදල් ඇමැතිවරයා ලෙසට කටයුතු කළ රවී කරුණානායක ඇමැතිවරයා විසින් වුණත් එතුමා වෙනුවෙන්වත් මනාපයක් දීමට බස්නාහිර ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කටයුතු කළේම නැහැ... එහෙම තියෙද්දී ඒ රජයේ හිටපු අගමැති වත්මන් ජනාධිපති මුදල් ඇමැතිවරයා ලෙසට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා තිබුණු එම පහසුකම් කපා දැමීම ඉතාමත් කණගාටුයි...
අපිට බදු ගහන්න කලින් ඔයාලගේ පඩි වැඩි කරගත්තා නේද රංජිත්? ලොකු ගාණකින්...
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ට දැන් ඇත්තෙ අසුබ ආරංචි පමණකි. ඔවුන් ට මිලියන 1.5 ක් තෙක් ලබා දී තිබූ විශේෂ තැන්පත් ක්‍රමය ද අහෝසි කර, බැංකු තැන්පත් පොලී ප්‍රතිශත 9% තෙක් අඩු කර ඇත. දැන් ලැබෙන පොලියෙන් විදුලි සහ ජල බිල් ගෙවීමෙන් පසු ආහාර සඳහා වෙන් කරනවා තියා බෙහෙත් ටික ගන්න වත් මුදලක් ඉතිරි නොවේ. ඔවුන්ට ලබා දිය හැකි සුබ ම ආරංචිය නම් නැවතත් අහෝසි කළ ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පත් ක්‍රමය යළි බලාත්මක කිරීම යි.
කිසිම ආදායමක් නැහැ... දුව තමයි උදව් කරන්නේ... කුලී නිවසක්... මමයි, මගේ ස්වාමි පුරුෂයාගෙයි වයස 71, 73... පුතාට රැකියාවක් නැහැ වයස 40යි...
ආදායම් නැහැ... වයස71 සවාමිපුරුෂයාට, භාර්යාවට 73යි. කිසිම රැකියාවක් කරන්න බැහැ.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට කෑමට වඩා බෙහෙත් වලට වියදම් යනවා. ඒ නිසා කාඩ්පතක් නිකුත්කර ෆාමසි වලින් 20 හෝ 25% හා පිටින් කර සියලු පරීක්ෂණ සඳහා ඒ හා සමාන මිල අඩුකර ජනතාවට සහනයක් ලබාදෙන්න. නිදහස් සෞඛ්‍ය සේවය ලබාගැනීමට නොහැකි අයට ඒ සහනය ලබාදෙන්න.
මේ රටේ ජේෂ්ඨ පුරවැසියා යනු හුදෙක් දේශපාලකයින් විසින් තම පතිරූපය ඉහළ නංවා ගැනීම සඳහා භාවිතාකරන ආටෝප, සාටෝප වචන සෙට් එකෙන් එකක් පමණි... ! අවුරුදු 60ක් තිස්සේ රාජකාරිය සඳහා පැය අටකුත් මහපාරට පැය හතරකුත් අවම වශයෙන් වැයකරන පුරවැසියකුට අවසානයේ ලැබෙන්නේ දෙසතියක් ජීවත්වීම නොසෑහෙන විශ්‍රාම වැටුපකි....! කුමන හෝ ස්ථිර රැකියාවක් නොලබන එදිනෙදා කුලියට වැඩකරන ජනයාගේ ජීවිතයේ අවසාන කාලය විශ්‍රාමිකයෙකුගේ ජීවිතයට වඩා අතිශය භයානකය. දෙෙනික ආදායමක් නැති පවුල්වල දුක ගැන කවුරුන් විසින් තබන ලද සටහන් වුවද මහ පොලොවේ යථාර්ථය එයයි. වසර පහකට පාර්ලිමේන්තු ගොස් මසකට දින හතරක් රැස්වීම්වලට සහභාගි වන මේ රටේ ජනතා නියෝජිතයින්ට අන් කිසිවකුට නැති බොහෝ වරප්‍රසාද සමග වයස නොසලකා විශ්‍රාම වැටුප් සහ දීමනා ලැබේ. ඔවුන් ඉටුකර තිබෙන එකම රාජකාරිය මහජන ධනය කාබාසිනියා කරන ව්‍යාපෘති සඳහා වැයකළ බිලියන ගණන් වූ ඇස්තමේන්තු අනුමත කිරීම සඳහා පඹයින් සේ අත් එසවීම සහ සභා ගර්භය තුළ නිදා වැටීම පමණි...! එහෙත් රට බංකොලොත් වී ඇති බවක් ඔවුහු නොදනිති.... ! අපි මේ පාර්ලිමේන්තුවම නැවත නැවතත් පත් කරමු...!
දැනට දේශිය ආදායම් දෙපාර්තමේන්තුව ඔය කිසිම රඳවා ගැනීම් බද්දක් වත් හරි හපන් විදියට ආපසු ගෙවීම පැත්තක තියලා, ගෙවිය යුතු බද්දෙන් අඩුකිරීමක් ලබාගන්න, ආයෙ බැංකුවට ගිහිල්ලා, ලියකියවිලි නැවත දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කලායින් පසුව, බැංකුව දෙපාර්තමේන්තුවට එවතන ලද ලයිස්තු පරිශීලනය කර නිවැරදි නම් පමණක් අර ඉඩ දීම කරනවා, නැති නම් තක්සේරු නිකුත් කරනවා, බදු ගෙවන්නා නැවත ආයාචනයක් කර ආයාචනය විසදීමට දෙපාර්තමේන්තුව පස්සේ යන්න ඕන. ඉතින් විශ්‍රාමිකයින්ටත් අර අස්වැසුම වගේ පෝලිමේ යන්න වේවි! රඳවා ගැනීම් බදු සැලැස්ම නීති වලින් විසඳන්න බෑ, ඉතා දියුණු පරිගණක පද්ධතියකින් පමණයි පුළුවන්, එහෙම එකකට විශාල මුදලක් වැය වෙනවා, ගවු ගානක එහෙම දෙයක් පේන්නේ නෑ, තාම කරන්නෙ manual system එකකින්!
මගේ ස්ථිර තැන්පත් මුදලින් මාසෙකට ලැබෙන පොලිය රුපියල් 11500කි. එයිනුත් රුපියල් 575ක් බදු ගැසීම ඉතා අසාධාරණයක්... මගේ වයස අවුරුදු 76 කි. බිරිඳගේ වයස අවුරුදු 66 කි. අපට දරුවන් නැත. මා හෘද රෝගියෙක්. බිරිඳ දියවැඩියා රෝගියෙක්. බෙහෙත් ගන්නේ මේ මාසෙකට ලැබෙන මුදලින්... ඥාති දියණියක් අපට කෑම දෙන්නේ... මේ අසාධාරණ ලෙස අයකරගැනීම නවත්වන්න .
වර්තමාන රජයේ ආර්තික පුතිපත්ති අනුව වෛද්‍ය ආහාර ඇතුලු සියලඅ දේ වැඩි ඇතත් ජ්‍යෙෂ්ඨ පුරවැසියනි සදහා වෙනත් ඉපයිම් නොමැති නිමා මෙලෙස වැඩිහිටි ගිනුම්වලින් පොලිය කපා ගැනිම අසාධාරනය.ණය නොගෙවු යහලුවනිගෙේේේණමුදල්ය කපා හරිමින්ද.බසු සහන ලබා දෙමින ්ද්කර න අනුගුහයන් හැටියට ජ්‍යෙෂ්ංඨ පඅරවරසියන්ට ලබාදි තිඉු ඒ සහනය නැවත ලබාදිමට විශුාමිකව නැවත එකිව සිටින මහබැංකු අධිපතිවරයාට ණුවන පහලවේවා