(නිමල් ප්‍රේමචන්ද්‍ර)
මල්වතු මහා විහාර පර්ශවයේ සත් කෝරලේ මහ දිසාවේ අභිනව උප ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ කඩවලගෙදර විමලරත්න නා හිමියනට මඩිහේ මිදියාල ජුම්මා මුස්ලිම් පල්ලියේදී මවුලවි තුමෝ ඇතුළු පිරිසක් උපහාරය පුද කළහ.
අභිනව නා හිමියන් පළිගැනීම සඳහා වදුරැස්ස බෝධිරුක්ඛාරාම දායක සභාව සංවිධාන කළ උපහාර උත්සවයක සහභාගීව සඳහා හුණුගම හන්දියේ සිට පෙරහරකින් පා ගමනින් වැඩම කරන අතරතුර විමලරත්න නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය මිදියාවල ජුම්මා මුස්ලිම් පලිය අසලින් ගමන් ගන්ද්දී ඒ.බී. අම්ජාඩ් මවුලවි තුමන් සහ හිටපු ග්‍රාම නිලධාරී එච්.එම් අබුබකර් මහතා ඇතුළු මඩිහේ මිදියාල ගම්මානය පිරිස් නාහිමියන් නා හිමියන් ඇතුළු මහා සංඝරත්නයට පල්ලියට වැඩම කරන ලෙස ආරාධනා කර පිළිගෙන පසුව ගිලන් පස ද පුජා කළේය.
කොළඹගම මියුගුණාරාම රාජමහා විහාරාධිපති වාරියපෙළ ශ්‍රී සුමංගල පිරිවෙන් හිටපු පරිවේණාධිපති කඩවලගෙදර විමලරත්න නා හිමියන් හුණුගම හන්දියේ සිට වදුරැස්ස ශ්‍රී බෝධිරුක්ඛාරාම විහරස්ථානයට පෙරහරින් ගමන් කරන මාර්ගය ද දෙපස බෞද්ධ කොඩිවලින් සැරසීමට මඩිහේ මිදියාල මුස්ලිම් ජනතාවට දායකත්වය දරා ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අභිනව නා හිමිට ජුම්මා පල්ලියෙන් උපහාර
Dinesh Tuesday, 01 August 2023 09:17 PM
ආගමික සහජීවනය... හැබැයි මෙහෙම අවංකව සමගියෙන් හිටියොත් දේශපාලුවන්ට පැවැත්වක් නැහැ.
Upul Wednesday, 02 August 2023 06:22 AM
රැවුල කොණ්ඩය වවාගෙන ඉන්න කෙනා කවුද?
Handunneththi Wednesday, 02 August 2023 10:58 AM
මොකක් හරි ලොකු වැඩකට හාමුදුරුවන්ගේ ඉදිරියේදී ඇතිවෙන්න විරෝධය අඩුකරගන්න දමන්න උප්පරවැට්ටියක්
Hasith Wednesday, 02 August 2023 04:27 PM
තව අවුරුදු 10ක් විතර යද්දී මේ සහජීවනය හොඳටම දැනෙන්න ගන්නවා.
Bamunuarachchi Thursday, 03 August 2023 11:06 AM
ඔව් ඔව් හම්බ ජනගහනය වැඩිවෙලා. ෂර්යා නීතිය ඉල්ලනකොට. වටලප්පන් දන් වළඳපු ගොයියෝ ටික අත් දෙකයි කකුල් දෙකත් උස්සලා කැමැත්ත දේවි .
Nimal Wednesday, 02 August 2023 06:04 PM
දේශපාලුවන්ට කනේ පහරක්... !
Dayananda bandara Friday, 04 August 2023 08:08 PM
ආගමික සහජීවනයට මෙවැනි සිදුවීම් වලට වැඩි ප්‍රසිද්ධියක් දිය යුතුයි.