
(නිමල් ප්‍රේමචන්ද්‍ර)
මල්වතු මහා විහාර පර්ශවයේ සත් කෝරලේ මහ දිසාවේ අභිනව උප ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ කඩවලගෙදර විමලරත්න නා හිමියනට මඩිහේ මිදියාල ජුම්මා මුස්ලිම් පල්ලියේදී මවුලවි තුමෝ ඇතුළු පිරිසක් උපහාරය පුද කළහ.
අභිනව නා හිමියන් පළිගැනීම සඳහා වදුරැස්ස බෝධිරුක්ඛාරාම දායක සභාව සංවිධාන කළ උපහාර උත්සවයක සහභාගීව සඳහා හුණුගම හන්දියේ සිට පෙරහරකින් පා ගමනින් වැඩම කරන අතරතුර විමලරත්න නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය මිදියාවල ජුම්මා මුස්ලිම් පලිය අසලින් ගමන් ගන්ද්දී ඒ.බී. අම්ජාඩ් මවුලවි තුමන් සහ හිටපු ග්‍රාම නිලධාරී එච්.එම් අබුබකර් මහතා ඇතුළු මඩිහේ මිදියාල ගම්මානය පිරිස් නාහිමියන් නා හිමියන් ඇතුළු මහා සංඝරත්නයට පල්ලියට වැඩම කරන ලෙස ආරාධනා කර පිළිගෙන පසුව ගිලන් පස ද පුජා කළේය.
කොළඹගම මියුගුණාරාම රාජමහා විහාරාධිපති වාරියපෙළ ශ්‍රී සුමංගල පිරිවෙන් හිටපු පරිවේණාධිපති කඩවලගෙදර විමලරත්න නා හිමියන් හුණුගම හන්දියේ සිට වදුරැස්ස ශ්‍රී බෝධිරුක්ඛාරාම විහරස්ථානයට පෙරහරින් ගමන් කරන මාර්ගය ද දෙපස බෞද්ධ කොඩිවලින් සැරසීමට මඩිහේ මිදියාල මුස්ලිම් ජනතාවට දායකත්වය දරා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගමික සහජීවනය... හැබැයි මෙහෙම අවංකව සමගියෙන් හිටියොත් දේශපාලුවන්ට පැවැත්වක් නැහැ.
රැවුල කොණ්ඩය වවාගෙන ඉන්න කෙනා කවුද?
මොකක් හරි ලොකු වැඩකට හාමුදුරුවන්ගේ ඉදිරියේදී ඇතිවෙන්න විරෝධය අඩුකරගන්න දමන්න උප්පරවැට්ටියක්
තව අවුරුදු 10ක් විතර යද්දී මේ සහජීවනය හොඳටම දැනෙන්න ගන්නවා.
දේශපාලුවන්ට කනේ පහරක්... !
ආගමික සහජීවනයට මෙවැනි සිදුවීම් වලට වැඩි ප්‍රසිද්ධියක් දිය යුතුයි.