අදත් දුම්රිය 35 අවලංගුයි ඉල්ලීම් කීපයක් මුල් කරගෙන දුම්රිය ලොකෝමොටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමය ආරම්භ කළ වර්ජනය හේතුවෙන් අද (9) පෙරවරුවේ දුම්රිය 35 ක් අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය. 09 June 2024
කොටි සමයේ රන් සෙවූ සී.අයි ඇතුළු පහක් අත්අඩංගුවට කොටි සංවිධානයේ පැරණි කඳවුරක් පැවති කිලිනොච්චිය, රාමනාදපුරම්, අලගාරි හි ස්ථානයක එම සංවිධානය විසින් වළඳමා ඇති බවට සැක කරන රත්තරන් සෙවු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව රාමනාදපුරම් පොලිසිය පවසයි. 09 June 2024
සංවිධානාත්මක කල්ලියක් මෙහෙය වූ සැරයන්ගේ වැඩ තහනම් ව්‍යාපාරිකයන්ට දුරකථන ඇමතුම් ලබාදෙමින් දෙමටගොඩ පොලිසියේ භෝජනාගාරය මගින් අඩු මුදලට සහල් සහ සිල්ලර භාණ්ඩ ලබාදිය හැකි බව පවසා සංවිධානාත්මක කල්ලියක් මෙහෙයවමින් රුපියල් ලක්ෂ ගණනාවක මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොටුව පොලිසියේ සැරයන්වරයාගේ රාජකාරී වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය කියයි. 09 June 2024
තියුණු ආයුධ සමඟ අයෙක් අත්අඩංගුවට යාපනය චුන්නකම් පොලිස් වසමේ ඊවිනෙයි ප්‍රදේශයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී අපරාධයන් සඳහා යොදාගන්නා බවට සැකකෙරෙන තියුණු ආයුධ සමගින් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව යාපනය පොලිස්ට්ඨා කොට්ශඅපරාධ විමර්ශන අංශය පවසයි. 09 June 2024
සමුද්‍ර කෞතුකාගාරයේ ලක්ෂ 16ක මුල්‍ය වංචාවක් ගාල්ල සමුද්‍ර කෞතුකාගාරයේ ප්‍රවේශපත්‍ර ආදායම බැංකුගත කිරිමේ දි 2014 ජනවාරි සිට 2022 අගෝස්තු මස දක්වා කාලය තුළදි රුපියල් 1,652,605 මුල්‍ය වංචාවක් සිදුවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ. 09 June 2024
මහනුවරට ගං වතුර අවදානමක් නිරිත දිග මෝසම් වැසි සක්‍රීය වන ඉදිරි කාලයේදී මහනුවර නගරය බරපතළ ලෙස ජල ගැලීම් වලට ලක්විය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගර්භ විද්‍යා පිළිබඳ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි . 09 June 2024
මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට ජනපති යයි ඉන්දීය මහ මැතිවරණයෙන් ජයගත් නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙදින නිල සංචාරයක් සදහා අද(9) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය . 09 June 2024
බ්‍රිතාන්‍යය ලංකාවේ යුද අපරාධ ගැන සොයයි ශ්‍රී ලංකාවේ පැවැති සිවිල් යුද්ධය සමයේ සිදුවූවා යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ත්‍රස්ත මර්දන ඒකකය විමර්ශනයක් ආරම්භ කර තිබේ. 09 June 2024
තැනින් තැනට අදත් වැස්ස බස්නාහිර,සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව කියයි. 09 June 2024
බස්නාහිර නිවාස ආධාර ඉහළ නැංවේ බස්නාහිර පළාතේ නිවාස සංවර්ධන අරමුදල යටතේ අඩු ආදායම්ලාභීන් සඳහා ලබාදෙන නිවාසාධාර මුදල් ප්‍රතිපාදන ප්‍රමාණයන් බස්නාහිර පළාත් ආන්ඩුකාරවර රොෂාන් ගුණතිලක මහතා විසින් ඉහළ දමා ඇත. 09 June 2024
බලෙන් කතුන් විකිණු කතක සහ තවත් අයෙක් මාට්ටු කාන්තාවන් අයුතු ලෙස සිරකර බිය ගන්වා අඩ නිරුවත් ඇඳුම් අන්දවා ලිංගික ක්‍රියාකාරකම්වල යොදවා ඒවා පටිගත කර අන්තර්ජාලයට මුදාහැර මහා පරිමාණයෙන් මුදල් ඉපයීමේ ජාවාරමක් සිදුකළ ප්‍රධාන සැකකරු හා සහය වූ කාන්තාවක අත්අඩංගුවට ගත් බව ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය කියයි. 09 June 2024
අවිස්සාවේල්ල කෝච්චිය යථා තත්වයට වග දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබු කොළඹ හා අවිස්සාවේල්ල අතර දුම්රිය ධාවනය දින පහකට පසු අද (7) සිට සාමාන්‍ය තත්වයට පත් වූ බව දුම්රිය දෙපාර්තමෙන්තුව පවසයි. 08 June 2024
යුරෝපා මැතිවරණය අවසන් අදියරේ සිවු දිනක් තිස්සේ පැවැත් වුණු යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය හෙට (9) අවසන් වෙයි. ඉන්දීය මහ මැතිවරණයට පසු, ලෝකයේ දෙවැනි විශාලතම ප්රජාතන්ත්රවාදී මැතිවරණය ලෙස යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය හැඳින්විය හැක. 08 June 2024
ලොකු දොස්තරලා හිඟයෙන් ඉස්පිරිතාල ගොඩක වැඩ කොටඋඩ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය උග්‍ර වීම හේතුවෙන් බොහෝ රෝහල්වල ශල්‍යකර්ම ඇතුළු විවිධ ප්‍රතිකාර සේවා කටයුතු වලට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි රෝහල් බලධාරීහු පෙන්වාදෙති. 08 June 2024
’ස්ටාර් ලින්ක්’ බලපත නිකුත් කරන්න මහජන අදහස් විමසයි ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකා පුළුල් පරාස දත්ත සේවාව සැපයීම සඳහා ඉල්ලුම් කර ඇති සීමාසහිත ස්ටාර් ලින්ක් ලංකා පුද්ගලික සමාගම වෙත අදාල බලපත්‍රය ලබාදීම පිළිබඳව මහජන අදහස් විමසීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කරයි. 08 June 2024
ප්‍රාණඇපයේ සිටි 4 ක් මුදා ගැනෙයි ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටි, ප්‍රාණ ඇපකරුවන් සිවු දෙනකු බේරා ගැනීමට ඊශ්‍රායල හමුදා සමත් විය. ඒ, මධ්‍යම ගාසා තීරයේ සිදු කළ හමුදා මෙහෙයුමකදීය. 08 June 2024
ගුණතිලකට පහරදීමට මන්ත්‍රී තුනකගෙන් ප්‍රශ්න කරයි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාට පහර දෙන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි වාර්තාවේ. 08 June 2024
විපක්ෂ නායකයා රාහුල් ගාන්ධි ? ඉන්දීය මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරුණු රාහුල් ගාන්ධි විපක්ෂ නායක ධුරයට සුදුසු යැයි රාහුල්ගේ කොංග්රස් පක්ෂයේ ක්‍රියාකාරී කමිටුව යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. 08 June 2024
කොළොන්නාව වෙන තැනකට කොලොන්නාව නගරය තිබෙන තැනින් ඉවත් ඉවත් කොට එම ප්‍රදේශයේම උස් බිමක ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. 08 June 2024
කුඩු සමග ජේලර් මාට්ටු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 18 ක් (මිලි ගෑම් දහ අට දාහක්) ප්‍රවාහනය කරමින් සිටි බන්ධනාගාර ජේලර්වරයෙක් නිවිතිගල පොලිසිය විසින් අද දහවල් අත් අඩංගුවට ගනු ලැබිය. 08 June 2024
රාජකීය වැඩවලින් කේට් ඉවත් වෙයි? කේට් කුමරිය නැවතත් කිසිම දිනක රාජකීය වැඩකටයුතුවලට සහභාගී නොවීමට ඉඩ තිබෙන බව යූ.එස් වීක්ලි සඟරාව පසුගියදා වාර්තා කළේය. 08 June 2024
මුද්‍රණයේ බෙදිල්ල විගණනයෙන් එළියට රජයේ මුද්‍රණ දේපාර්තමේන්තුව විසින් අයවැය චක්‍රලේඛ විධිවිධාන උල්ලංඝනය කරමින් සමස්ත අතිකාල දිමනා හා වෙනත් දිමනා ගෙවිම් සදහා ඉකුත් වර්ෂයේ දි (2023) අනුමත ප්‍රතිපාදන ඉක්මවා සියයට 60.39ක් වැඩියෙන් වියදම් කොට ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ. 08 June 2024
ගං වතුරෙන් පීඩා වූ සෑම ගෙදරකටම 10000ක් ගංවතුරෙන් පීඩාවට පත් වූ සෑම නිවසකටම රුපියල් 10,000ක දීමනාවක් ලබා දෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය. 08 June 2024
විජයදාස ජනපති සටනට එනවාලු ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස තමන් අනිවාර්යයෙන්ම ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා හෝමාගමදී පැවසීය. 08 June 2024
රට ගොඩ ගියේ මගේ කාලයේදී රට ගොඩ ගියේ තමාගේ කාලයේදී බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 08 June 2024
කඩා ගත් මාලයත් සමග කොල්ලකරුවෝ මාට්ටු අකුරැස්ස දෙණියාය ප්‍රධාන මාර්ගයේ අතුඇළ ප්‍රදේශයේ දී සිය යතුරු පැදිය නවතා දුරකථන ඇමතුමක් ලබා ගනිමින් සිටි කාන්තාවකගේ කට මිරිකා ඇය සතු රුපියල් 140000.00 ට ආසන්න මුදලක් වටිනා රන්මාලය සහ ජංගම දුරකථනය කොල්ලකා තවත් යතුරුපැදියකින් පලා ගිය සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුට ගත් බව මොරවක පොලීසිය කියයි. 08 June 2024
විජයදාස පොහොට්ටුවෙන් දොට්ට? වෙනත් දේශපාලන පක්ෂයක සභාපති ධුරයක් ලබා ගැනීම සැලකිල්ලට ගෙන ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කළ බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය 08 June 2024
ගොවි ආයතනයට ඇමැති රැකවලුන්ගෙන් කෝටියක පොල්ලක් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ නේවාසිකාගාරය එවකට අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරීන් සඳහා කුලියටදී රුපියල් කෝටියකට ආසන්න හිඟ කුලී මුදලක් අයකරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 08 June 2024
මෝටර් රථය දුම්රියේ ගැටී කතක් සමග දෙකක් මරුට ප්‍රධාන දුම්රිය මාර්ගයේ එඬේරමුල්ල දුම්රිය හරස් මාර්ගයේ ආලෝක සංඥා ක්‍රියාත්මක වෙමින් තිබියදී ධාවනය කළ මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් දෙදෙනකු මියගොස් ඇති බව එඬේරමුල්ල පොලිසිය පවසයි. 08 June 2024
නොදන්න ගුලි කා අයියයි මල්ලීයි රෝහලේ මත්ද්‍රව්‍ය සහිත ගුලි දෙකක් පාසලේදී කෑ බව කියන බාල වයස්කාර සහෝදරයින් දෙදෙනකු ක්ලාන්ත ගතියක් ඇතිවී පදියතාලාව රෝහලට ඇතුළත් කළ බව අම්පාර ,පදියතලාව පොලිසිය පවසයි. 08 June 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026