
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පිටකොටුව පොලිසියේ රථවාහන අංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයකුගේ තාවකාලික රියදුරු බලපත්‍ර පොත උදුරාගෙන පිටු කීපයක් ඉරා දැමූ ගුරුවරියක් අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි.
පිටකොටුව පොලිසි ස්ථානයේ රථ වාහන අංශයට අනුයුක්ත රාජකාරි කරනු ලබන පොලිස් සැරයන්වරයා පිටකොටුව ටයිටස් ගොඩනැගිල්ල ඉදිරිපිට රාජකාරී යෙදී සිටියදී සිටියදී තහනම් ප්‍රදේශයක මෝටර් රථයක් නවතා තිබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
එම අවස්ථාවේදී රියදුරට විරුද්ධව නිත්‍යානුකූලව කටයුතු කිරීමට යාමේදී රියදුරුගේ බිරිඳ වන සැකකාර ගුරුවරිය නිලධාරියා අත තිබූ රියදුරුගේ රියදුරු බලපත්‍රය බලහත්කාරයෙන් ලබාගෙන කඩා ඉවතට විසිකර නිලධාරියට අයත් තාවකාලික රියදුරු බලපත්‍ර පොතේ පිටු කිහිපයක් ඉරා දමා ආවේගශිලීව හැසිරී ඇතැයි පොලිසිය කියයි.
ඒ අනුව සැකකාරිය සාපරාදි බලහත්කාරය පෑම රාජකාරියට බාධා කිරීමේ වරදට අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත. අත්අඩංගුවට ගත් සැකකාරිය පිළියන්දල වෑවල පාර කරදියාන පදිංචි 53 හැවිරිදි කාන්තාවකි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න ළමයින් ගැන කුමන කතාද? විනය? රටේ අනාගතයට සුබ වෙයිද?
දවස් 14 කට හිරේ
ඉස්කෝලේ වෙලේ උගන්වන්නේ මොනවාද දන්නේ නෑ ළමයින්ට කියලා දෙන්නේ...
ගුරුවරියක් කිව්වාට ඇත්තටම ගුරුවරියක්ද නැත්නම් ගුරුවරියක් වගේ පේන්න ඉන්නවාද? ගුරුවරියක් කිව්වාම මනා හික්මීමක් තියන තැනැත්තියක් වෙන්න ඕනෑ. මෝඩ අම්මන්ඩි කෙනෙක්. ගුරු වෘත්තීයට නිගාවක් .. මෝඩකමට බෙහෙත් නෑ...
ඉස්කෝලෙ ගුරුවරියක් වෙන්න බැහැ. ඒක නිසා සමස්ත ගුරුවරුන්ට දොස් තබන්න එපා.
ඒ ඉරා දැමුවේ නීතිය. කොහෙන්ද මෙහෙම හයියක් ?
මාලිමාවේ ගුරු සමුළුවට සහභාගී වුණු අභිමානවත් ,නිර්භීත ගුරුවරියක්.
බලේ ගන්න රැස්වීමට ගිහින් එනගමන්, බලේ ගන්න කලින් ඔහොම නම් බලේ ලැබුණොත් කොහොම තියෙයිද?
මෙය කියන්නේ පොලිසිය පැත්තෙන් නේ විත්තිය පැත්තෙනුත් අහන්න ඕනැ.