අහුංගල්ලේ වෙඩි තැබීමකින් ත්‍රිරෝද රථකරුවකු මරුට අහුංගල්ල නගරයේ සිදු වූ වෙඩි තැබීමකින් කුලී ත්‍රිරෝද රථකරුවකු මියගොස් ඇතැයි අහුංගල්ල පොලිසිය පවසයි. 01 March 2024
පාසල් වෑන් රියට සිව් හැවිරිදි දරුවා බිලි කල්මුණේ පෙරියනීලාචනී පොලිස් වසමේ විශ්ණු විද්‍යාල පාර ප්‍රදේශයේදී පාසල් වෑන් රියකට යටවීමෙන් සිව් හැවිරිදි දරුවෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි. 01 March 2024
කොළඹ සරසවියේ වැට ගැලවූ හොරාට දඬුවම 18ට කොළඹ විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ යකඩ වැට ගලවාගෙන ගියේ යැයි කියන සංචාරක සොරා, අදාල චෝදනාවන්ට වරදකරු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (01)නියෝග කළේය. 01 March 2024
ඉන්ධන - ලිට්රෝ ගෑස් මිල මාර්තුවේ සංශෝධනය නොවේ ඉන්ධන මිල මෙම මස සංශෝධනය නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (1) පැවසීය. 01 March 2024
පළමු වරට ‘සූරිය පැනල’ කෘෂි ව්‍යාපෘතියක් හන්තානේ ශ්‍රී ලංකාවේ පළමු වරට ‘සූරිය පැනල’ හරහා විදුලිය ගෙන ආලෝකය දෙන අර්ධ විනිවිද නියමු කෘෂි ව්‍යාපෘතියක් මහනුවර දිස්ත්‍රික්කයේ හන්තාන ප්‍රදේශයේ ස්ථාපිත කර තිබේ. 01 March 2024
ජුලී චංග් - අමරවීරට රහසක් කියයි ඇමරිකා එක්සත් ජනපදයේ සංවර්ධනය සඳහා වන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මුල්‍ය අනුග්‍රහය මත ශ්‍රී ලංකාව තුළ සුළු හා මධ්‍යම පරිමාණ කිරි නිෂ්පාදකයින් බල ගැන්වීම සඳහා වන වෙළෙඳපළ පදනම් කර ගත් සුහුරු කිරි නිෂ්පාදන ව්‍යාපෘතිය දියත් කරනු ලැබීය. කොළඹ MoveNpick හෝටලයේ දී මෙම වැඩ සටහන පැවැත්විණි. 01 March 2024
පෙනහල්ලක කැරපොත්තෙක් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වෛද්‍යවරුන් පිරිසක්, රෝගියකුගේ පෙනහල්ලකින් සෙන්ටි මීටර් 4 ක් දිග කැරපොත්තකු ඉවත් කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි. 01 March 2024
ලංකාවේ ආර්ථික අයිතිය කඩන්න කාටවත් ඉඩ දෙන්නෙ නෑ ශ්‍රී ලංකාවේ ආර්ථික අයිතිවාසිකම් උල්ලංඝනය වන ඕනෑම අවස්ථාවකදී ඊට එරෙහිව කටයුතු කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 01 March 2024
ගුරුවරයෙක් සිසුන් 7කට කොසුමිටෙන් පහරදීලා පාදුක්ක නගරයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක දහ වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන් හත් දෙනෙකුට එහි ගුරුවරයෙකු විසින් කොසු මිටකින් පහර දීම නිසාවෙන් සිසුන් තිදෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව පාදුක්ක ප්‍රාදේශීය රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය. 01 March 2024
ගාල්ල දුම්රිය මාර්ගයට ගලක් පෙරලී දුම්රියට දැඩි හානි ගාල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ බිංගෙය අසලදි දුම්රිය මාරගයට අද (01) උදැසන ගලක් පෙරලිම නිසා රුහුණු කුමාරි දුම්රියේ ඉන්ධන ටැංකියට සහ දුම්රිය මාරගයට හානි පැමිණ තිබේ. 01 March 2024
කාසල්රි - මවුස්සාකැලේ ජල මට්ටම පහලට මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාල ගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සිඝ්‍රයෙන් පහල බසමින් පවතින එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය. 01 March 2024
මවට නින්ද යයි : සිඟිත්තා මහපාරට වැටෙයි හැටන් කොළඹ මාර්ගයේ ගුරුමැතිය ප්‍රදේශයේදී මාසයක් වයසැති කුඩා බිළිඳෙකු මවගේ අතින් ලිස්සා ගොස් ප්‍රධාන මාර්ගයේ වැටී සිටියදී හමු වූ බව පොලීසියට හමුවූ බව කිතුල්ගල පොලිසිය පවසයි. 01 March 2024
පොලිස්පති කතානායක හමුවෙයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (01) හමුවී සුහද සාකච්ඡාවක නිරත විය. 01 March 2024
පාදුක්කේ නිවසකට වෙඩි ප්‍රහාරයක් පාදුක්ක මාදුලාව ප්‍රදේශයේ නිවසකට කිසිවෙකු විසින් අද (01) අලුයම් කාළයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි. 01 March 2024
පැහැරගෙන යමින් තිබූ වාහනය අතහැර කොල්ලකරුවෝ පැනයති පැහැරගෙන යමින් තිබූ වැගන් ආර් වර්ගයේ රියක් ඇල්පිටිය ජම්බුගහහේන ප්‍රදේශයේ අතහැර දමා කොල්ලකරුවන් පලාගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි. 01 March 2024
සිඟිත්තියට පහරදුන් මව පියා අත්අඩංගුවට රිදීමාලියද්ද ඌරණිය ප්‍රදේශයේ නිවසකදී අවුරුදු 3 ක් පමණ වයස සිගිති දැරියකට කෲර ලෙස පහරදී ළමා හිංසනය කළැයි සැකපිට මව්පිය යුවලක් අද (1) අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලිසිය පවසයි . 01 March 2024
රුවන්වැලි සෑය ළඟ ගංජා විකුණූ ජාවාරමා මාට්ටු අනුරාධපුර පූජා භූමිය ප්‍රදේශයේ අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ ලක්ෂ අටකට අධික වටිනාකමක් ඇති කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයකු රුවන්වැලිසෑය ඉදිරිපිට ඇති රථගාලේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගනු ලබීය. 01 March 2024
කළුතර අනවසර කඩ ඉවතට කළුතර නගරයේ අනවසර කඩ ඉවත් කිරීම ඊයේ(29) රාත්‍රී සිට අද(01) අලුයම දක්වා සිදු කළේය. 01 March 2024
දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව කියයි. 01 March 2024
ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා වැසියෝ 104 ක් මරුට ගාසා තීරයේ, උන්හිටිතැන් අහිමි වූ පලස්තීන වැසියන්, ආධාර ලබා ගැනීමට පොරකද්දී, ඊශ්‍රායල හමුදා කළ වෙඩි තැබීමකින් 104 දෙනකු මියගොස් 760 දෙනකු තුවාල ලැබූ බව පලස්තීන සෞඛ්‍ය අංශ පවසයි. 01 March 2024
බංග්ලාදේශයේ ගින්නක් බංග්ලාදේශයේ ඩකා අගනුවර, සත් මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් 43 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් 40 දෙනකු පමණ දුම් ආඝ්රාණ වීමෙන් සහ පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කෙරුණි. 01 March 2024
රට යවන්න ගත් ලක්ෂ 53 අධිකරණයෙදී ගෙවයි කැනඩා යවන බව පවසමින් වංචා කළ රුපියල් පනස් තුන් ලක්ෂ හැත්තෑ පන්දහසක මුදලක් විත්ති පාර්ශවයේ කාන්තාවක වින්දිත පාර්ශවයට ගෙවීම පානදුර අතිර්ක මහේස්ත්‍රාත් ලහිරු එන් සිල්වා මහතාගේ අනුමැතිය මත පානදුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදුවිය. 29 February 2024
කුසල් වෙනුවට දික්වැල්ල විස්සයි20 පිලට ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු කුසල් පෙරේරා අසනීප තත්වයකින් පසුවීම නිසා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලිය ඔහුට අහිමිවන බවත් එම ස්ථානයට නිරෝෂන් දික්වැල්ල ආදේශ කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් පැවසීය. 29 February 2024
ව්‍යවස්ථා සභාවේ තීරණවලට විධායකයට බලපෑම් කරන්න බෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගනු ලබන තීරණවලට බලපෑම් කිරීමේ හැකියාව විධායකයට නැතැයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 29 February 2024
බාල බෙහෙත් වංචාවට වෛද්‍ය ජයනාත් බුත්පිටියට වරෙන්තු බාල බෙහෙත් ජාවාරමට අදාළව කටඋත්තර ගැනීමට සිටියදී විදේශ ගතව සිටින වෛද්‍ය සැපයුම් අංශයේ රාජකාරි කළ වෛද්‍ය ජයනාත් බුත්පිටිය මහතා අත්අඩංගුවට ගැනීමට නියම කරමින් මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඉංග්‍රීසි භාෂාවෙන් අද (29) වරෙන්තු නිකුත් කළාය. 29 February 2024
‘‘ජනතාව ප්‍රතික්ෂේප කළ පිරිස් පණ ගැට ගහ ගන්න දඟලනවා‘‘ ජනතාව ප්‍රතික්ෂේප කළ පිරිස් පණ ගැට ගහ ගැනිීම සඳහා සන්ධාන ගතවීම් සිදුකරමින් සිටියද ඒ කිසිදු සන්ධානයකට ජාතික ජනබල වේගය එකතු වන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැලවත්ත පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. 29 February 2024
හිටපු ඇමැති රෝනී රුහුණු සරසවියට අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය රොනී ද මැල් මහතාගේ දේහය අද සවස රුහුණ විශ්ව විද්‍යාලයට රිය පෙරහැරකින් රැගෙන ආවේය. 29 February 2024
හෙට දකුණට ශෝක දිනයක් අභාවප්‍රාප්ත හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ රොනී ද මැල් මහතාගේ අවසන් කටයුතු කරන හෙට (01) දින දකුණු පළාත තුළ ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. 29 February 2024
ලැබිය යුතු කාටත් අස්වැසුම දෙනවා අස්වැසුම හිමි විය යුතු සියලු දෙනාට කඩිනමින් එම සහනය ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 29 February 2024
මෛත්‍රීට නිල නිවෙසක් දීමට කැබිනට්ටුව ගත් තීරණය බල රහිතකරයි මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ කටයුතු කරමින් සිටියදී තමන් පදිංචිව සිටි කොළඹ මහගමසේකර මාවතේ පිහිටි නිවස විශ්‍රාම ගැනීමෙන් පසු තමන්ට හිමිවන බවට ආමාත්‍ය මණ්ඩලය ගත් තීරණය මගින් තම මූලික අයිතිවාසිකම් කඩවිමක් සිදුවු බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අමාත්‍ය මණ්ඩල තීරණය බලරහිතකරන නියෝගයක් නිකුත් කළේය. 29 February 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026