
(සුජිත් හේවාජුලිගේ)
පක්ෂය නැවත තීරණය කළහොත් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගත් තීරණය වෙනස් කළ හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දී ඇත.
එසේම පක්ෂය ගත් තීරණය තමාට පෞද්ගලිකවම මැදිහත්වී වෙනසක් කළ නොහැකි බවද හිටපු ජනාධිපතිවරයා දන්වා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
ඉදිරි ජනාධිපතිවරණයේදී සහයෝගය ලබා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිවෙසේදී ඊයේ (1) හමුවී සාකච්ඡා කර ඇත
හිටපු ජනාධිපතිවරයා සිය ස්ථාවරය මෙසේ දැනුම් දී ඇත්තේ එම හමුවේදීය.
දෙදෙනා අතර මෙම සාකච්ඡාව පැයකට ආසන්න කාලයක් ඉතා සුහද අයුරින් පැවැත්වුණු බව දැනගන්නට ඇත.
මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගත් තීරණය වෙනස් කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපතිවරයාගෙන් මීට පෙරද ඉල්ලීමක් කර තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර දෙකක් පිනට ජනාධිපතිකම පොහොට්ටුවෙන් අරන් දුන්නා. ඒකට කළගුණ සලකලා පොහොට්ටු අපේක්ෂකයා දිනවන එක නේද කරන්න ඕනේ? තව තණ්හාවට දඟලන්නේ නැතිව...
මේක මෙගා නාට්‍යයක්... මුලාවෙන්න එපා.
ශ්රී ලංකාවේ ජීවත්වන ජනතාව එදා වගේම තවමත් "පල් මෝඩයින්" කියලා හිතාගෙන ජනතාව අන්දවන්න හදන ඉතාමත්ම අශ්ලීල, අන්ත දූෂිත දේශපාලුවන් දෙදෙනෙක් "පුංචි ගනුදෙනුවක්" කරන ආකාරයයි මේ. පසුගිය මැතිවරණ ඉතිහාසයේ.. මේ පක්ෂ 2 ට "අන්ධවෙලා" ඡන්ද කාලේදී ඡන්ද දායකයින් කි දෙනෙක් පක්ෂ පාට භේදයෙන් ගහමරාගෙන "අකාලයේ " මියගියාද? ඒ මියගිය මිනිසුන්ට මොවුන් ගරු කරන ආකාරයද මේ? මොවුන් දෙදෙනාම අන්ත දූෂිත, මිනීමරු හොරු දෙදෙනෙක්... දෙදෙනා අතර ඇති ගිවිසුම තමයි .."ඔයා ඡන්දෙන් පැරැදිලා මම ආවොත්, මම ඔයාව බලාගන්නවා.. ඔයාට විරුද්ධව කිසිම දෙයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒ වගේම මම පැරැදිලා ඔයා බලයට ආවොත් ඒ විදිහටම මාව බලාගත යුතුයි.." කියන එක. ආදරණිය මිනිස්සුනේ අපි තවදුරටත් මේ මායාකාරයින්ගේ ඇස් බැඳුම්වලට රැවටී වහලුන්මෙන් ජීවත්වෙනවද? නැතිනම් මේ මායාකාරයින්ගෙන් මිදිලා අනාගත දරුවන් වෙනුවෙන් පැහැදිලි සත්‍යයට මුහුණ දෙනවාද? තීරණය ඔබසතුයි. ජාතික ජනබලවේගයට ජයවේවා !!! මාලිමාව!!!
නාමල් පුතාගෙ අනාගතය බලල ගනිපු තීරණයක් ශ්‍රිලනිපය කඩල හදපු පොහොට්ටුව නැත්තටම නැතිවෙනව නමට හරි අපේක්ෂකයෙක් නොදෑවොත්, වැරදිල හරි රනිල් දිනුවොත් නාමල්ගෙ දේශපාලන අනාගතය අවසන්. පොහොට්ටුවෙ බහුතරයක් හොරු රංචුව රනිල් ලඟට ගියේ ආරක්ෂා වෙන්නනත් පාර්ලිමේන්තුවට රිංගන්නත්
හා මල්ලි කියලා තමන්ගේ පරම්පරාවේ අයට ලැබුණු තරුපහේ හෝටලය අත් හරින්න පුළුවන්ද? මමත් මැරෙද්දී ලොකු කොල්ලො රජ පුටුවේ තියලා එකෙක් ආරක්ෂක ඇමැති හෝ ලේකම් කරලා අනෙකා මුදල් ඇමැති කරලා උත්සවශ්‍රීයෙන් මෙලොවින් චුතවෙලා යමලොව ගියාම යම රජතුමා වුණත් මට බලය දීලා විශ්‍රාම ගන්න ඉඩ තියෙනවා කියලා දන්නේ නැද්ද?
පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්දව සහ ඉදිරිපත්වන අපේක්ෂකයන් සම්බන්දව පවතින දේශපාලන වියකුලත්වය මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පක්ෂ මාරු කිරීමට පමණක් නොව ඔවුන්ගේ අප්පචිවූ යුද්දය දිනු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පවා අමතක කරමින් ඔවුන්ගේ දැඩි විවේචනයට ලක්වූ වර්තමාන ජනධිපති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග එක්ව සිටි. සත්‍ය වශයෙන්ම මොවුන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග එක්වුයේ රටේ ආර්ථිකය , රටේ පුරවැසියන් එනුවෙන් හෝ රටේ පවතින ගැටළු සදහා විසදුම් ලබාදීමට නොව ඔවුන්ගේ පුද්ගලික දේශපාලන අවශ්‍යතවයන් සහ පැවැත්ම, තනතුරු සහ බල තන්හාව නිසා නොවේද?
මන්ත්‍රීවරුක් මේ සියලු රගපාම් සිදුකරමින් සිටින්නේ ඔවුන්ව පාර්ලිමේන්තුවට පත්කළ පිඩිත ජනතවගේ පරමාධිපත්‍යයේ බලය නිසාවෙනි. පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රී , ඔවුන්ගේ අවශ්‍ය තත්වයන් වෙනුවෙන් ජනතවගේ පරමාධිපත්‍ය බලය අවතක්ෂේරුවට ලක්කළ හැකිද යන්න ගැටලුවකි. ජන්ධිපතිවරණයෙන් පසු පැවැත්වෙන මහමැතිවරණයේදී ඔවුන්ට මහජනත්ව වෙත ගොස් චන්දය ඉල්ලා සිටිය හැකිද ?
පක්ෂය කියන්නේ ඉන්දියාවේ දේවාලෙද අනුරාධපුරේ අක්කාද?
පොහොට්ටුවේ කට්ටිය අර 134 දෙනා රනිල්ට පක්ෂව ඡන්දෙ දෙනකොට ඕක කල්පනාවට ආවේ නැද්ද.? රනිල් සාර්ථකවුනොත් පක්ෂයෙන් කොටසක් රනිල්ගේ පැත්ත ගන්නා බව අවබෝධ කරගන්න තිබුනේ මුලදීමය. දැන් ඉතින් ගිය නුවන ඇතුන් ලවාවත් අද්දවාගන්න බැරිය. පොහොට්ටුව දෙකඩවීම නොවැලැක්විය හැකිය.
රටේ තිබුන සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ කඩන දේශපාලන තොන්ඩුව හැදුවේ මේ දෙන්නම තමයි, දැන් ඒ දෙන්න ඒ තොන්ඩුවම වැටිල නේද? - මේ පාදඩ දේශපාලන සංස්කෘතිය නං ඉක්මනටම ඉවර විය යුතුයි.
මහින්දට රනිල් කලේ කූඩාරමට රිංගපු ඔටුවා කරපු දේ. නාමල්ට යන්තම් හරි අනාගතයක් බලාපොරොත්තු වෙනවා නම් වෙනම ඉල්ලන එක තමයි කළ යුත්තේ. හැබැයි පරදින නිසා කවුරු දැම්මත් එකයි.
පින් ජනාධිපති රනිල් කිසි ලෙසකින් සාර්ථක වූයේ නැත... එසේ වුවද රට කාබාසිනියා කළ පොහොට්ටුවේ දෙදරීම වැළැක්විය නොහැක...
එදා පොහොට්ටුව ඩලස් හෝ චරිත හේරත් වැනි පුද්ගලයෙක් ජනාධිපති කරගෙන ඔහු සමග ගමනක් ගියා නම් අද මෙහෙම ලතැවෙන්න අවශ්‍ය නැහැ.. අඩුම වශයෙන් විපක්ෂ නායකකමවත් පක්ෂෙට ගන්න තිබුණා. දැන් මුකුත් නැහැ...!
මාලිමාව ගෙනල්ලා රට විනාශ කරා.. දැන් පුතා ඒ චාන්ස් එක ගන්නයි දඟලන්නේ...!
මේ දෙන්නාම කෙරුවේ පක්ෂය දෙකට කැඩෙන තැනට වැඩ සිද්ද කරපු එක. අන්තිමට වෙච්චි දේ පේනවනේ? හොඳ වැඩේ?
බැසිල්ගෙ මොලේ තමයි මොලේ… කොහොමද නාට්ටිය.. නැගලාම යනවානේ.. (හිටිගමන් පිටපතේ නැති කෑලිත් යනවා) කොතැනදීද ඇත්තට සජිත් එකතු වෙන කෑල්ල ඇත්තේ? දන්න අය පිළිතුරු දීලා දුරකථනයක් දිනාගන්න.
මේ බොරැ වලට ඇන්දෙන්න එපා. අන්තිමට පොහොට්ටුවේ බහුතර මතයට හිස නමනවා කියලා මයිනත් රනිලට සෙට් වෙනවා.
134 කින් ජනාධිපතිකම අරන් දුන්නට කාලගුණ සලකන්න නොදන්නා නිසා අද පින්සේන්දු වෙන්න වෙලා .බල තන්හාව හමුවේ අහිංසක වෙන හැටි