IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පොඩි හාමුදුරුවන්ට ගෞරව දක්වන්න ගංගාරාමයට මහ සෙනඟක්

(ආරියරත්න රණබාහු)

බුදු සසුන සෝබමාන කළ සියලු දනන්ගේ මහත් භක්තිය ආදරයට ලක් වූ  ශ්‍රේෂ්ඨ සංඝ පීතෘවරයකු වන කොළඹ හුණුපිටිය  ගංගාරාමාධිපති අපවත් වී වදාළ ආචාර්ය  ගල්බොඩ ඥාණිස්සර නාහිමියන්ගේ දේහයට ගෞරව දැක්වීම සඳහා අති විශාල පිරිසක් කොළඹ ගංගාරාම විහාරස්ථානයට පෙරවරුවේ සිට  පැමිණෙමින් තිබේ.

නාහිමියන්ගේ දේහය විහාරස්ථානයට ඇතුළුවන ප්‍රධාන ශාලාවේ තැන්පත් කර තිබෙන අතර බොහෝ සැදැහැවත් පිරිස් නාහිමි දේහය අසල වැඳ වැටී මහත් බැතියෙන් නමස්කාර කරන අයුරු සුලභ දසුනක් විය.

අද උදෑසන හයට පමණ ක් නාහිමියන්ගේ දේහය විශේෂ රථ පෙරහරකින් විහාරස්ථානය කරා වැඩම කෙරිණි.

එහිදී  මහා සංඝරත්නය විසින් දේහය පිළිගෙන  විශේෂ පීටිකාවේ තැන්පත් කෙරිණි අනතුරුව මහා සංඝරත්නය විසින් උන්වහන්සේගේ දේහයට ප්‍රථමයෙන් ගෞරව නමස්කාර කරනු ලැබීය

ඉන්පසු මහජනතාවට ගෞරවාචාර පුද කිරීමට අවස්ථාව සලසා දුන් අතර එම අවස්ථාවේදී වරින් වර දවස පුරාම විවිධ ආගමික නායකවරු සහ මැති ඇමතිවරුන් රැසක් උන්වහන්සේට සිය අවසන් ගෞරවය දැක්වූහ.

එම පිරිස අතර කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම්  කාදිනල් රංජිත් හිමිපාණන්, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, කථානායක මහින්දයාපා අබේවර්ධන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අමාත්‍ය බන්දුල ගුණවර්ධන ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක යන මහත්වරු වූහ.

නහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳුදා පස්වරු තුන දක්වා කාලය වෙන් කර ඇති බව විහාරාධිකාරී ආචාර්ය ය කිරින්දේ අස්සජී හිමියෝ පැවසූහ.

ආදාහන පූජෝත්සවය  රාජ්‍ය ගෞරව මැද  විහාරස්ථාන අසල ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන බවද උන්වහන්සේ කීහ. 



අදහස් (0)

පොඩි හාමුදුරුවන්ට ගෞරව දක්වන්න ගංගාරාමයට මහ සෙනඟක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site