
(යොහාන් භාසුර)
‘ඔන්ලයින් වීසා’ නිකුත් කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් පැනවීමත් සමඟ වීසා නිකුත් කළ නොහැකි තත්වයක් උද්ගතව ඇති බවත් අධිකරණ නියෝගයට ගරු කරමින් ඒ අනුව කටයුතු කළ යුතු බවත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා අද (2) පස්වරුවේ පැවසීය.
කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගය නොලැබීම නිසා ඉදිරි ක්‍රියමාර්ග පිළිබඳව නිෂ්චිතව කිවනොහැකි බව කී ඉලුක්පිටිය මහතා මෙම තත්වය පිළිබඳව විෂය භාර අමාත්‍ය ටිරාන් අලස් මහතා සමඟ සාකච්ඡා කරන බව ද ඉලුක්පිටිය සඳහන් කළේය.
එළඹෙන සඳුදා දිනයේ වීසා නිකුත් කිරීම පිළිබඳව අවිනිශ්චිත තත්වයක් ඇති බවත් එසේ වුවහොත් රටේ කීර්තිනාමයට මෙන්ම ආර්ථිකයට ද දැඩි හානියක් වන බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාස් පෝර්ට් ලබාදීම මේ තරම් ගැටළුවක් වුනේ ආණ්ඩුව රටේ ජනතාවට අධික මුදලකට පාස් පොර්ට් විකිනීම ආරම්භ කරපු කාලයේ සිටයි, ඉල්ලුමේ ප්‍රමාණයට පාස් පෝර්ට් විකිනීමට ආණ්ඩුව අපොහොසත් වෙලා තියෙනවා...
කීර්ති නාමය අපිට තිබුනද? මුළු ලෝකයම දන්නේ ශ්‍රී ලංකාව අසාර්ථක රටක් ලෙසයි
"රටේ කීර්තිනාමයට මෙන්ම ආර්ථිකයට ද දැඩි හානියක්", ඇයි දැන් මේ දැක්ම ඉතාමත් හොඳ තත්වයකද තියෙන්නේ?
දැන් කොහෙන්ද අර ගෙම්බන්ට සල්ලි දෙන්නේ..?
මෙකල ලෝකයේ රාජ්‍ය නායකයයෝ සහ ඒ ඒ රාජ්‍යවල පාලනය හොබවන උප ජනාධිපතිවරු, අග්‍රාමාත්‍යවරු, අමාත්‍යවරු, මන්ත්‍රීවරු, ඇතුලු රාජ්‍ය පාලනයට සම්බන්ධ දේශපාලන බලාධිකාරියේ බලයලත් කවරෙකු හෝ වේවා ඒ ඒ රටේ නීතිය සර්ව සම්පූර්ණයෙන් නොදනිත්. ඇතැම් රටවල, ඇමරිකා එක්සත් ජනපදය ආදී රටවල රාජ්‍ය නායකත්වයට පත් වීමේදී ඒ ඒ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සැළකිය යුතු දැනුමක් ඇති කර ගැනීමට අවශ්‍යයි. අද ලෝකයේ බොහෝ රටවල රාජ්‍යයේ නීති දැනුම ඇති උදවිය දේශපාලන බල අධිකාරියට පත් වන්නේ නැත. බොහෝ දීයුණු රටවල ඒ අඩුව පිරිමසන්නේ ඒ රටවල් නීති උපදේශකයන්ය. පරිණත දේශපාලන උපදේශකයෝ දේශපාලන තීන්දු තීරණ ගැනීමට දායක වෙත්... ගන්නා දේශපාලන තීන්දු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ තත්කාලයේ රටේ පවතින නීතියට ගැලපෙනවද ද යන්න සොයා බලා නිර්දේශ කරනු ලබන්නේ ඒ ඒ රටවල නීති උපදේශකයන් විසිනි. දියුණු රටවල දේශපාලන බල අධිකාරිය හිතුමතයේ, නීතිය නොසලකා ක්‍රියා නොකරයි. රටේ සංවර්ධනයට ඇවැසි දේශපාලන තීන්දු රටේ නීතියට පටහැනිවීම වළකා ගැනීම තත් කාර්යයේ අරමුණයි.
කට්ටිය ඔක්කෝම එකතුවෙලා රටේ කීර්තිනාමයට විතරක් නෙවෙයි මුලු රටටම කෙලලා, ජාතියටත් කෙලලා ඉවර කරලා දැන් ටිකක් කල්...!
ඇයි ඔය අලුත් ක්‍රමය අටවගෙන රටට එන මුදලත්, අර අධිකරන චෝදනා ලෙස දක්වපු දත්තයන් විදෙස්වලටත් දෙන්න හදන්නෙ? එතකොට ඔය කියන කීර්ති නාමය සැලකුවෙ නැද්ද? තමන්ගෙ සාක්කු වලට සල්ලි එන මාර්ග හදාගෙන ලංකාවෙ කීර්තියක් ගැන කතා කරන්න එපා.
ටිරාන් කරන්නෙම අයුතු වැඩ, හැබැයි පෙන්වන්න හදන්නෙ හරිම සාධාරණ විදියට.
දැන් පේනවනේ? මුළු රටේම ප්‍රධාන ආදායම් මාර්ගය බාරදුන්නේ විදේශ සමාගමකට. අඩුතරමින් විකල්ප ක්‍රමයක් පවත්වාගෙන යන්නෙත් නැතිව... මේ වැඩේ උසාවියේ නවත්වන්නේ නැතිව පහුවෙලා එකපාරටම බංකොළොත් වුණා නම්... නැතිනම් සමාගමේ දත්ත පද්ධතිය හරකුන් අතර ගියානම්... එහෙමත් නැතිව සමාගම වෙනත් දේශපාලන බලවේගයක් අතට පත්වී රජයට බලපෑම් එල්ල කිරීම නතර කළාම.. ඒ පාර මොකද වෙන්නේ? තව මෙවැනි දේ බොහෝයි. අයි.එම්.එෆ්. එකේ නම විකුණමින් රට විකිණීම වහාම නැවැත්විය යුතුයි.
රටේ කීර්ති නාමය.. කොහෙද තියෙන්නේ..?
මහලොකුවට තොරතුරු තාක්ෂණය ආදිය ගැන පුරසාරම් දොඩමින් මේ වගේ සුළු දේවල් පවා පිටරට ජාවාරම් කාරයින්ට දෙන එක ලැජ්ජා නැද්ද?
බය වෙන්න එපා... මොල හොඳට වැඩ කරන ජනාධිපති සහ අකැමැති තුමාගෙන් උපදෙස් ගන්න.
ඔය ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සිටින නිලධාරී බහුතරයක් හොරු , ඔය හදන්නේ අධිකරණ නියෝගයට විරුද්ධව ජනමතයක් හදන්න... අපි රැවටෙන්නේ නැහැ ඕකට, පසුගිය කාලේ දුන් තීන්දු මෙන් මේ අවස්ථාවේ අධිකරණය හොඳට හොයලා බලලා ජනතාවගේ පැත්තෙන් නිවැරැදි තීන්දුවක් දෙන බවට මට විශ්වාසයි.. මගේ පුද්ගලික මතය නම් මේ අවස්ථාවේ කළ හැකි හොඳම දෙය, කලාපයේ සංචාරක කර්මාන්තයේ යෙදෙන අපේ තරගකරුවන් වන මාලදිවයින, තායිලන්තේ, වියට්නාමය සංචාරක වීසා නිකුත් කරන ආකාරය අධ්‍යයනය කර එහා සමාන මිළගණන් වලට ක්‍රමයක් අපිත් අනුගමනය කරන එක, වීසා නිකුත් කිරීම මොනම හේතුවක් නිසාවත් පුද්ගලික සමාගම් වලට නොදිය යුතුයි. ඔය ටිරාන් හර්ෂ එකතුවෙලා කරන කොමිස් ජාවාරම් නිසා අද පාස්පෝර්ට් එකක්වත් හරියට නිකුත් කරගන්න බැරිව ඔක්කොම අවුල්වෙලා... හරි නම් මේ හොරු ඉන්න ඕනේ හිර ගෙදර...
මේ ඉලුක්පිටිය කියන මිනිහාට මේක වැරැදි වැඩක් කියලා තේරුම් ගන්න මොලයක් තිබිලා නැතිද?
ආගමන විගමන ලොක්කෝ හැමදාම ජනතාව රස්තියාදු කරමින් අපහසුතාවයට ලක් කරන මේ හොරු සෙට් එක මෙදා පාර මට්ටු වෙන්නේ අධිකරණයෙන් , එනවා මෙතන අධිකරණ නියෝගේ නිසා සංචාරකයන්ට විස දෙන්න බැහැ කියල බොරු මත සමාජ ගත කරන්න , අනිවාර්යයෙන්ම මුන්ව හිරේ අරින්න ඕනේ , අධිකරනෙට විරුධව දුර්මත සමාජගත ප්‍රකශ කිරීමට සහ අධිකරනෙට අපහස කිරීම නිසා , මේ අවස්ථාවේ රටේ ජනතාවට තිබෙන එකම සහනය අධිකරණය පමණි ,
රටේ අවශ්‍ය ප්‍රමාණයට වැඩිය තුන් ගුණයක් රජයේ සේවකයෝ ඉන්නවා , ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල උපාධි ධාරී රජයේ සේවකයෝ වාඩිවෙන්න පුටු නැතුව ඉන්නවා , ආගමන විගමන දෙපාර්තමේන්තුවට නවීන පන්නයේ ගොඩනැගිලි , පරිගණක පහසුකම් තිබෙනවා , නමුත් අද රටේ පුරවැසියන්ගේ මුලික ඓතිවසිකමක් වන ගමන් බලපත්‍රයක් ගන්න බැරුව මිනිස්සු පොරකනවා , වීසා දෙන එක විදේශීය පුද්ගලික සමාගමක් නැතුව කරගන්න බැහැලු , මේක අපේ රටට සහ රාජ්‍ය සේවයට කරන අපහාසයක් , ලෝකේ කිසිම රටක ජාතික ආරක්ෂාව අනතුරේ වැටෙන මෙවැනි දේවල් කරන්නේ නැහැ , මම හිතන විදිහට අධිකරණෙ විසින් මේ හර්ෂ ඉලුක්පිටිය කියන අසාර්ථක පාලකයා අර පොලිස්පති ගෙදර ඇරිය ආකාරයටම ගෙදර අරිනවා , මේ නිලධාරීන් කරන අසාධාරණයෙන් අධිකරණය විසින් රටේ ජනතාව බේරා ගන්න බව මම විශ්වාස කරනවා ,
පාර්ලිමේන්තුව උත්තරීතරයි කියාගෙන මුන් රටේ වටිනා දේවල් තුට්ටු දෙකට විකුනනවා .ගරු අධිකරණයේ පිහිට නිසා රට මේ මට්ටමට වත් රැකෙනවා.තව චන්දෙත් ඉල්ලනවා ලැජ්ජාවක් නැතුව