
(ආරියරත්න රණබාහු)
මේ රට ඉදිරියට ගෙනයා හැක්කේ අධ්‍යාපනයේ ඇති කරන වෙනස්කම් තුළින් පමණක් යැයි ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (02) කොළඹදී පැවසීය.
ඇතැමුන් අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් ලෙස සලකා කටයුතු කර නමුත් එය එසේ නොවිය යුතු බවත් දැනුම කිසිසේත් වෙළෙද භාණ්ඩයක් නොවිය යුතු බවට ඔහු අවධාරණය කළේය.
රට වැටී තිබෙන තැන පිළිබඳව නොයෙක් තැන් වලෙ විවිධ විග්‍රහ තිබුණත් එය ගොඩනැගිය හැක්කේ ජාතික ජන බලවේගය අතට බලය හුවමාරු වීමෙන් පමණක් යයිද ඔහු සඳහන් කළේය.
ලංකා ගුරුසේවා සංගමයේ ජාතික සමුළුව අමතමින් ඒ මහතා එසේ කීය.
මරදාන පී.ඩී සිරිසේන ක්‍රීඩාංගනයේ මෙම සමුළුව පැවැත්විණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ප්‍රධාන පරිපාලන නිලධාරියෙක් වෙලත්, දේශපාලන පවුලක වෙලත්, යුද්ධය අවසන් කිරීමට පෙරමුණ අරගෙනත් ගෝඨාභය මහතාට බැරි වුණා ජනාධිපතිකම කරන්න. ජනාධිපතිකම යනු කතා පැවැත්වීම පමණක් නම් අනුර මහතාට එය කළ හැකියි. මේ පාර කාට ඡන්දේ දෙනවාද කියලා තවම තීරණය කරගන්න බැරිවයි ඉන්නේ...
තියෙන ටිකත් කාපු ගුරුවරුන්ගේ ගෞරවයත් විනාශ කරලා දාපු අය. ඔයාලා හදයි අධ්‍යාපනේ. සහරාන් වගේ ත්‍රස්තවාදීන් සෙට් එකක් හදයි මොවුන්ට ඡන්දෙ දුන්නොත්...!
අපොයි ඔව්. එක වසරේ ඉඳන්ම නවකවදය, පෙළපාලි, උද්ඝෝෂණ, අරගල උගන්නමු. අධ්‍යාපනය නැගලාම යයි.
ජයවේවා එය කළ හැක්කේ ඔබට පමණයි...
අම්බෝ ඇත්තද?
ඒකනං සම්පූර්ණ ඇත්ත... කවදාවත් නැතුව ඇත්තක් කතා කරලා තියනවා රටේ හොඳට තිබිච්ච අධ්‍යාපනය මේ තරම් විනාශ කරන්න ලංකාවේ උපාධිය තුට්ටු දෙකට වට්ටන්න තරම් මහන්සි වුණු වෙන පිරිසක් නෑ. මොවුන් විද්‍යාලයේ වලට රිංගලා දේශපාලන අරමුණු වෙනුවෙන් ශිෂ්‍යයින් බිලිගන්න එක නැවත්තුවොත් මේ රටේ අධ්‍යාපනයට හොඳ කලක් උදාවේවි. දැන් මොවුන් අලුත්ම ව්‍යාපෘතිය තමයි පාසල්වල අධ්‍යාපනයට ඇඟිලි ගහලා රටට ආදරයක් නැතිව ආගමට, සංස්කෘතියට ගරු නොකරන හරි ගස්සන්න ගුරුවරුන්ගේ මනසවල් විකෘති කරන එක...!
එහෙම කොහොමද අපි මෙච්චර දර දිය අදින්නේ අධ්‍යාපනය දියුණු කරන්නද? අපිට ඕනෑ විශ්ව විද්‍යාල වල දේශපාලනේ කරන්න, නවක වදය දෙන්න, අවුරුදු 10වත් අඩුම ඉගෙන ගන්නවා වගේ ඉන්න. කොණ්ඩ කපන්නේ නැතුව දත් මදින්නේ නැතුව ඉන්න, කුහකකම වපුරන්න, වෘත්තීය සමිති දාලා හැම දේම අවුල් කරන්න. පිනට කන්න...
දැනුම අද රටේ වෙළද භාණ්ඩයක් බවට පත්වී බොහෝ කල්, එකවර ළමුන් 700-800 උගන්වන ටියුෂන් මුදලාලිලාට සහ ලෙඩුන් සූරා කන චැනල් කඩදමාගෙන සිටින දොස්තරලගේ ක්‍රියාකලාපය පිළිබඳව ඔබලාගේ මතය ප්‍රකශ කරනවා නම් ඉතා හොඳයි... නැතුව අර අරගලේ සිස්ටම් චේන්ජ් කරන සටන්පාඨය මෙන් කිසිම අරමුණක් නොමැතිව දැනුම වෙළෙඳ භාණ්ඩයක් කරන එක නවතනවා කියලා පොදු ප්‍රකාශයක් කරන එක කිසිම තේරුමක් නොමැති බව ප්‍රකාශ කරන්න ඕනේ.. අධ්‍යාපනය, ආර්ථිකය, රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම, රාජ්‍ය දේපල පුද්ගලිකකරණයට ලක්කරනවාද? එහෙම කරනවා නම් කොපමණ ප්‍රමාණයක්ද යන්න පිළිබඳව, කිසිම සැලැස්මක් ඉදිරිපත් නොකර කොහොමද ඡන්ද දායකයා තීරණයකට එන්නේ?
ඒ නිසා තමයි දුප්පත් දෙමව්පියන්ගේ දරුවන් පාරට දාලා, ඉගෙනීමත් කඩාකප්පල් කරලා, තමුන්ලාගේ දරුවන් පිටරට සහ මෙරට පුද්ගලික විශ්ව විද්ද්යාල වල ඉගෙනුම ලබන්නේ. ඉස්සෙල්ලාම බලවේගයේ සෙට් එක ළමයින්ව එළියට දාන්න. පව් අර අසරණ දෙමව්පියෝ...!
සිසු අරගල නැවැත්වූවා නම් අධ්‍යාපනය දියුණු කළ හැකියි. වැඩ වර්ජන නැවැත්වූවා නම් මුළු රටම දියුණු කළ හැකියි. මෙම කාර්යයන් දෙකම කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි...!
රජයේ විශ්ව විද්‍යාලවල අද පවතින මේ පහත් තත්වයට පත් කලේත් මේ උදවියනේ...!
සහතික ඇත්ත... මොකද විශ්ව විද්‍යාල ඇතුලේ සිදුවන කාලකන්ණි නවක වදය හා ටැප් එකක වතුර නැති වුණත් කෙරෙන උද්ඝෝෂණ, ඒ වගේම ගුරුවරුන් ලවා කෙරෙන උද්ඝෝෂණ මගින් පාසල් ළමුන්ගේ අධ්‍යාපනයට කෙරෙන සියලු කෙනහිලිකම් නවත්වන්න පුළුවන් ජෙප්පන්ට විතරයි... මොකද ඔය ඔක්කෝම නටවන්නේ මේ අය බව කවුරුත් දන්නවානේ...!
ඉන්දියාවේ හිටපු කලකට පෙර අභාවප්‍රාප්ත ලංකාවේ බොහෝ පිරිසක් ඇදහූ සත්‍ය සායි බාබාගේ උපදේශාත්මක කතා රසවාහිණී සඟරාව තිබුණු කාලයේ එහි පලකොට තිබුණා එහි එක කතාවක තිබුණා... එක රටක හිටපු හොරෙක් නිසා රටේ ජනතාව දැඩිසේ පීඩාවට පත්වෙනවා කියලා.. ඉතින් රජ්ජුරුවන්ට කරන්නම දෙයක් නැති නිසා ඒ හොරාට රජයේ රැකියාවක් දීලා වගකීම් පැවරීමක් කළා. එදා සිට එම හොරාට හොරකම් කරන්න මංකොල්ලකෑම් කරන්න වෙලාවක් නැතිවුණා... රටේ සමාදානය ඇතිවුණා... නුවනැත්තෝ සිතත්වා මට හිතෙනවා එම සඟරාව නිකුත්වුනේ බොහෝ කාලයකට පෙර වුණත් ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවේ තැන්පත්ව ඇතියි කියලා..
ඒක තමයි හැමදාම කැම්පස් ස්ට්‍රයික් කරලා ළමයි වලට අදින්නේ...!
ජයවේවා...!
ගොඩනැගීම කෙසේවෙතත් විශ්ව විද්‍යාල සිසුන් පාරට දමලා, ගුරුවරුන් වර්ජන රැල්ලට දමලා, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විවෟත කරන්න ඉඩ නොදී, ළමුන් පාසල් ගිය බස් ගිනිතියලා අධ්‍යාපනය විනාශ කලේ ඔය සහෝදරයෝ තමයි. අනිත් අය හොරා කෑව. මුන්ට ඒ අවස්ථාව නැති නිසා, සියල්ල විනාශ කළා.
අධ්‍යාපන ඇමැති ජෝශප් ස්ටාලින්, රාජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ. ඵහෙමද?
ඔව්... වර්ජනය කරවා දේශීය විශ්ව විද්‍යාල වසා දමා තම දරුවන්ට විදෙස්‌ගත අධ්‍යාපනය දීලා...
සහතික ඇත්ත. දූෂණයෙන් පිරුණු දේශපාලඥයෙන් මහජනතාවගේ දැනුම වර්ධනයට කිසිවක් නොකරයි. මහජනතාව මෝඩයින් වන තාක් කල් දූෂිත දේශපාලනඥයින්ට, මහජනතාව දිගටම රැවටිය හැක. රටක සංවර්ධනයට ආකල්ප සහ චර්යාවන් වෙනස් වූ ජන සමාජයක් බිහිකිරීම මුල් ළමා විය අවදියේ සිට අධ්‍යාපන රටාවන් වෙනස් කිරීම තුළින් ම කළ යුතු අතර එය කල හැක්කේ අවංක දේශපාලන ප්‍රවාහයකට පමණි. මාලිමාවට එම අවංක චේතනාව ඇති බව පෙනේ. ඔවුන්ට ජය වේවා
ඔව්වා අර දඹාන එක්කෙනෙක් හිටියා විභාග 9ක් අසමත් වුණු.. නාකි වෙලත් කැම්පස් එකේ කොහොමද?
මෙන්න සජියයි, රනිලුයි එකට කමෙන්ට් දානවා. අපි ඕක වෙන බව දන්නවා. අපිට ඕනත් ඒකම තමයි.. ජය වේවා..!
අධ්‍යාපනය විනාශ කලේ ජවිපෙයි අනුර කුමාරගෙ ගෝලයෝ දෙන්නා වන ස්ටාලිනුයි මහින්ද ජයසිංහයි. අනුර කුමාර කැමති රටෙ අධ්‍යාපනය විනාශ වෙලා හරක් පරපුරක් හදන්න, ඒ තමන්ට උවමනා වෙලාවට පාරට ගන්න ගවයන් අවශ්‍ය නිසා. තවද රජයේ පාසල් අකර්මන්‍ය කිරිමෙන් පුද්ගලික පාසල් ප්‍රවර්දනය කරලා එම ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ගන්නවා. වැනි කෙනෙකු කිසිම විටකදි රටේ නායකත්වයට තියා පාර්ලිමේන්තුවටවත් සුදුසු නැහැ.
ඒක වෙන්න ඇති රනිල් වික්‍රමසිංහ මහත්තයා අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙනැල්ලා එදා මුළු රටේම දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය දෙන්න හදන කොට ඒකට විරුද්ධ වෙලා රනිල් මහත්තයාගේ රූපේ දාලා පඹයෝ හදලා පිච්චුවේ. අද ඔබට සහ ඔබේ සගයින්ට ඉංග්‍රීසි වචනයක් කතා කරගන්න බැහැ . ඉතාම කුහකයෝ ඔබලා. රනිල් මහත්තයාට රටේ දරුවෝ ගැන අධ්‍යාපනය ගැන මීට අවුරුදු 30 කට කලින් දැකපු දේ අදවත් ඔබලාට හරියට තේරුම් ගන්න බැහැ. මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කළ ඔබලාට කවදාවත් මේ රටේ බලය ලැබෙන්න එපා. එක තමා මේ රටේ වැඩි දෙනෙකුගේ ප්‍රාර්ථනාව...!
හිඟාකන්නේ නැතිව ජීවත්වන විදිහක් දන්නේ නැතිව අනිත් ඔක්කොම හදන්න දන්නවා මාරයි ඈ...
රටම ගොඩ ගත හැක්කේ ජජබ පමනයි
අයියෝ!රඟපාන ඔබ කවුද සුකුමලියේ .පිස්සු නැත්නම් ශෝක් .අනේ අයියේ අපි ඉවරයි .සියලු ලංකා වාසී සියලුදෙනාට අබසරණයි
මාක්ස්වාදී රජයක් යටතේ දෙන අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම දේශපාලනීය කරන එකක් මිස පුළුල් නිදහස් අදහස් ඇති උගතුන් බිහිකරන එකක් නෙමෙයි.කොටින්ම කියතොත් කුඩා ලමයාගේ පටන් මොළ සුද්ද කිරීමක්.එවන් කාලකණ්ණි අධ්අධ්‍යාපනයකින් රටේ තත්ත්වය තවත් පිරිහෙනවා.ජාත්‍යන්තරයට අවශ්‍ය ත්‍රස්තවාදීන් බිහිකරන ක්‍රමයක් වෙනවා.
නිදහස් අධ්‍යාපනය යනු සුළුතරයක පමණක් උසස් අධ්‍යාපනය නොමිලේ ලබාදී , මධ්‍යම පන්තික බහුතරයක් අතරමන් කර , තවත් , මුදල් තිබෙන සුපිරි ධනපති පන්තියේ ළමුන් සුළුතරයක් විදේශ වල උසස් අධ්‍යාපනය ලැබීම නොවේ . මේ ක්‍රමය වෙනස් කල යුතුය , මධ්‍යම පාන්තිකයන්ට තමන්ගේ ඉඩමක් විකුනාහෝ ළමයාට ලංකාව තුල පුද්ගලික විශ්වවිද්‍යාලයක් උසස් අධ්‍යාපනය ලබාදීමට හැකියාව තිබිය යුතුය