(රාස්සගල සමිපත් ප්‍රියනන්දන සහ ඉඹුල්පේ නාලක ජේ හෙට්ටිආරච්චි)
යතුරුපැදියක් අනතුරට ලක්කර 7 හැවිරිදි දැරියකට තුවාල සිදුකර පලා ගොස් නැවත 32 හැවිරිදි පියා විදුලි කණුවක හප්පා මරණයට පත්කල බව කියන ලොරි රථය රියදුරු සමග අද (02) දා රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි.
බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
බලන්ගොඩ නගරයේ දි මෙම ලොරි රථ රියදුරු විසින් යතුරුපැදියක ලොරි රථය හප්පා හත් හැවිරිදි දැරියකට තුවාල සිදු කර පලා ගොස් තිබුණ.
පසුව එම දැරියගේ පියා සිය යතුරු පැදියෙන් ලුහුබැඳ ගොස් ලොරි රථයේ රියදුරු අසුන පැත්තේ ඇති දොරට නැග රියදුරු බස්සවා ගැනිමට උත්සාහ කර තිබුණ අතර එහිදී ලොරි රථ රියදුරු විසින් ලොරි රථය විදුලි කණුවක හප්පා එම පියා මරණයට පත් කර පලාගොස් තිබුණි.
ඒ අසල නිවසක සවිකර තිබුණ සිසිටිවි දර්ශන පරික්ෂාකර ලොරි රථය හදුනාගෙන මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය.
සැකකරු හෙට (03) දා බලන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුද්ගලයකු ඝාතනය කර පලාගොස් සිටි රියදුරු අත්අඩංගුවට
m. saman perera Saturday, 03 August 2024 10:33 AM
නීතියෙන් උපරිම දඬුවම දිය යුතුයි.