ඩෙන්මාර්ක අගමැතිනියට ප්‍රහාරයක් ඩෙන්මාර්ක අගමැතිනී මෙට් ෆෙඩ්රික්සන්, එරට කෝපන්හේගන් අගනුවර මධ්‍යයේය ජනතාව අතරින් ගමන් කරමින් සිටිද්දී ප්‍රහාරයකට ලක් වූවාය. 08 June 2024
රන් සෙවූ පොලිසියේ හතරකට මාරු ස්කැනර් යන්ත්‍රයක් රැගෙන විත් ආණමඩුව පෙරමාකුත්තුව ප්‍රදේශයෙ නිවසක් කැණීම් කර රත්රන් සෙවිමේ නිරත වු බව කියන පුත්තලම කොඨඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති වරයා ඇතුළු නිලධාරීන් සිවු දෙනකු වහාම එම ඒකකයෙන් ඉවත් කර ස්ථාන මාරු කළ බව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා පැවසිය. 08 June 2024
ජෙනරාල් ශවේන්ද්‍රට සේවා දිගුවක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යළිත් වරක් පත්කර ඇත. 08 June 2024
’නාලිකා ඔස්සේ කුමන්ත්‍රණ කර සජිත් නැති කරන්න බෑ’ රාජ්‍ය නාලිකා උපයෝගි කර ගෙන කුමන්ත්‍රණ කර සජිත් ප්‍රේමදාස නැති කරන්න කාටවත් නොහැකි බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කීය. 07 June 2024
උප ලුතිනන්වරිය නොකළ වරදකට ජීවිතය පුදලා? නොකළ වරදක් බාර ගන්නා ලෙසට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීයකුගේ බලපෑමකට ලක්වීීීීමෙන් සිත්තැවුලට පත්ව සිටි බව කියන උප ලුතිනන්වරිියක අද මහනුවර සිට කොළඹ බලා ධාවනය වු අන්තර් නගර සීඝ්‍රගාමී දුම්රියේ ගැටී මරණයට පත් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව මීරිගම පොලිසිය කියයි. 07 June 2024
මැදිරි 4ක් මඟ දමා බෙලිඅත්ත දුම්රිය අලුත්ගමට ගිහින් මරදාන සිට බෙලිඅත්ත දක්වා ගමන් ගත් දුම්රියේ මගින් සහිත මැදිරි හතරක් අලුත්ගම දුම්රිය ස්ථානයට මීටර් 500ක් පමණ නුදුරින් අද (7) රාත්‍රියේ ගැලවී ඇති අතර එම මැදිරි හතර නොමැතිව එන්ජිම සහිත සෙසු මැදිරි අලුත්ගම දුම්රිය ස්ථානය දක්වා පැමිණි බව අලුත්ගම දුම්රියේ ස්ථානයේ ප්‍රකාශකයකු පැවසීය. 07 June 2024
’’හර්ෂට මරණ තර්ජන’’: සජිත් ගෙන් පැමිණිල්ලක් කටුනායක ගුවන්තොටුපොළේ වීසා ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන පවත්වන රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතාට එම විමර්ශන නවතන ලෙසට කිසියම් කණ්ඩායමක් තර්ජනය කර ඇති හෙයින් ඒ ගැන වහාම සොයා බලන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී අද (7) ඉල්ලීමක් කළහ. 07 June 2024
උසාවියට ඇඳුම සුදුසු නැතැයි කී කොස්තාපල්ට අඹුසැමි යුවල පහරදීලා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන දොරටුවේ රාජකාරි නියුතුව සිටී කොස්තාපල්වරයාට පහර දීම සම්බන්ධයෙන් අඹුසැමි යුවලක් අද අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි. 07 June 2024
ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නොමිලේ හජ් වන්දනාව සෞදි අරාබි රජය ත්‍රිවිධ හමුදාවේ සේවයේ නියුතු මුස්ලිම් භක්තිකයන් වෙත වාර්ෂික හජ් වන්දනාව සඳහා නොමිලයේ සහභාගි වීමට අවස්ථාව දීමට තීරණය කර තිබේ. 07 June 2024
රාජ්‍ය ණය කළමනාකරණ පනත සම්මතයි රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත අද (07) පාර්ලිමේන්තුවේදී විවාද කිරීමෙන් අනතුරුව සංශෝධන සහිතව සම්මත විය. 07 June 2024
කුකුල් චමින්දට හොඳටම සලකලා බත් කවන අතර වාරයේදී සිඟිත්තියකට වරින්වර අමානුෂික ලෙස පහර දීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු එම්.කේ. චමින්ද නොහොත් ’’කුකුල් චමින්ද’’ යන සැකකරුට අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටියදී, රැඳවියන් පිරිසක් පහර දීම හේතුවෙන් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට අද (07) ඇතුළත් කළ බව අනුරාධපුර පොලිසිය පැවසීය. 07 June 2024
දුම්රිය රියදුරු වර්ජනයෙන් ගමන් වාර 100ක් අවලංගුයි ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමයට අයත් දුම්රිය රියදුරන් ඊයේ (6) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් අද දිනයේ දුම්රිය ගමන් වාර 100 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 07 June 2024
ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන IMF මතය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනට අනුකූලව ශ්‍රී ලංකාව බාහිර ද්වි පාර්ශ්වික ණය හිමියන් සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹෙනු ඇතැයි දැඩි බලාපොරොත්තුවක් තිබෙන බව එම අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලී කොසැක් මහත්මිය ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළාය. 07 June 2024
රටේ ණය ගැන හෙළිදරව්වක් මේ වසරේ මාර්තු 31 වනවිට පැවැති දේශීය ණය ප්‍රමාණය රුපියල් කෝටි 1725200 ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 June 2024
ගංවතුර ආධාර ගන්න ග්‍රාමසේවක සහතිකය අනිවාර්යයි ගංවතුරෙන් හානි වූ නිවාස පිරිසිඳු කරගැනීම සඳහා රජයෙන් රුපියල් 10,000ක මුදලක් ලබාදෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය. 07 June 2024
කප්පම් නොදුන්නැයි කොන්දොස්තරට පිහියෙන් ඇනලා පාදුක්ක හංවැල්ල බස් රථයක කොන්දොස්තරවරයෙකුගෙන් කප්පම් ඉල්ලා ලබා නොදීමෙන් එයට උරණ වු පුද්ගලයෙක් කොන්දොස්තරවරයාට පිහියකින් ඇන පලාගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි. 07 June 2024
ළමා ගිණුමෙනුත් කැපිල්ලක් වැඩිහිටියන්ගේ ගිණුම් වලින් පමණක් නොව ළමයින්ගේ ඉතිරි කිරීමේ ගිණුම් වලින් පවා රජය සියයට පහක් කපා ගැනීමට කටයුතු කරන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද(7) ප්‍රකාශ කළේය. 07 June 2024
බාර් ලයිසන් අල්ලස් දීම වහා නවත්වන්න මන්ත්‍රීවරුන් බාගැනීමේ අරමුණින් මත්පැන් බලපත්‍ර අල්ලස් වශයෙන් ලබාදීම වහා නවත්වන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (7) රජයෙන් ඉල්ලීමක් කළේය. 07 June 2024
කරන්නාගොඩගේ පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් තමාට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාග කිරීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගැනීම සඳහා සාමාජිකයන් 5 දෙනකුගෙන් යුත් පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කිරීමට අභියාචනාධිකරණය අද (07) තීරණය කළේය. 07 June 2024
ගංවතුරේ වැඩ දැමූ චරිත්මාට මැතිසබයෙනුත් මල් මිටක් ගංවතුරට හසුවූ පාදුක්ක වග ප්‍රදේශයේ අඹුසැමි යුවළක් බේරා ගනිමින් වීර ක්‍රියාවක් කළ චරිත්මා ජිනේන්ද්‍රී මාඉටිපේ දියණියට මැතිසබයේ ගෞරවය ප්‍රණාමය පුද කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 June 2024
නිවසේ තනිව සිටි කත ඝාතනය කරලා පිලැස්ස ප්‍රෙද්ශයේ නිවෙසක තනිව විසූ කාන්තාවක තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි මාවතගම පොලිසිය කියයි. 07 June 2024
රෝහිතට පොහොට්ටුවෙන් නව තනතුරක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (07) පත් කරගෙන ඇත. 07 June 2024
දඹුල්ල තන්ඩර්ස් හිමිකරුට ඇප එල්. පී. එල් 2024 ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමට බලපෑම් කලේ යයි කියන දඹුල්ල තන්ඩර්ස් ක්‍රිකට් කණ්ඩායමේ හිමිකරු, බ්‍රිතාන්‍ය පුරවැසි බංග්ලාදේශ ජාතික තමීම් රහ්මාන් ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මහතා අද (07)නියෝග කළේය. 07 June 2024
කුරුදුවත්තේ තේ කම්හලක් ගිනි ගනියි නාවලපිටිය කුරුදුවත්ත පොලිස් වසමට අයත් කුරුදුවත්ත ගල්පාය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවක් අද (07) සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව කුරුදුවත්ත පොලිසිය පැවසිය. 07 June 2024
මහනුවර මාර්ගය හෙට පහළ කඩුගන්නාවෙන් වහයි කොළඹ මහනුවර මාර්ගය පහළ කඩුගන්නාවෙන් හෙට (08) උදෑසන 10 සිට සවස 7 දක්වා විටින් විට වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්දන ජයසිංහ මහතා පවසයි. 07 June 2024
රියදුරු වර්ජනයෙන් දුම්රිය ගමන් වාර 32ක් අවලංගුයි දුම්රිය ධාවනාගාර රියදුරු වැඩ වර්ජනය හේතුවෙන් අද (7) පෙරවරුවේ පමණක් දුම්රිය ගමන්වාර 32 ක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 07 June 2024
ගාල්ල බන්ධනාගාර රැදෙවියෙක් පැන ගිහින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි බන්ධනාගාර රැදවියකු රෝහලින් පැන ගොස් ඇති බැව් ගාල්ල බන්ධනාගාරය පවසයි. 07 June 2024
මෝටර් රිය අඩි 200ක් පහළට : අයෙක් රෝහලට එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 200 ක් ප්‍රපාතයෙන් පිහිටි කාසල්රි ජලාශය අසලට පෙරලිමෙන් එම මෝටර් රථයේ ගමන් ගත් එක් කාන්තාවක් තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසීය. 07 June 2024
පළාත් කිපයකට අදත් වැස්ස බස්නාහිර, සබරගමුව, සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 07 June 2024
කෝවිල් භාරකරුට සන්නද්ධ කණ්ඩායමක් පහරදීලා යාපනය අච්චුවේලි ප්‍රදේශයේ දී සන්නද්ධ කල්ලියක් කෝවිලක භාරකාර මණ්ඩල සාමාජිකයකුට තියුණු ආයුධවලින් පහරදීම නිසා තුවාල ලබා ඇති බව අච්චුවේලි පොලිසිය සදහන් කරයි. 07 June 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026