
(යොහාන් භාසුර)
සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (අයි.එච්.පී.) ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයන්ට ලැබෙන සහය (අභිප්‍රාය) පිළිබඳව කළ සමීක්‍ෂණයේදී සමඟි ජනබලවේගයේ අපේක්‍ෂක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් සිටින බවත් ප්‍රේමදාස මහතාට සියයට 43 ක සහයක් ඇති බවත් එම ආයතනය අද (1) නිවේදනය කළේය.
ජාතික ජනබලවේගයේ අපේක්‍ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට සියයට 30 ක සහයක් ඇතැයි එම සමීක්‍ෂණයෙන් හෙළිවූ බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙන සහය සියයට 20 ක දක්වා ඉහළ ගොස් ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයාට සියයට 7 ක සහයක් ඇති බවත් එම ආයතනය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිමාව ඉදිරියෙන්. ජනතාව අතරට ගිහින් බලන්න.
අවසාන ඵලය තරගය සජිත් සහ රනිල් අතර වෙන්න බැරිද? ඒ කියන්නේ ලංකාවේ බොරු වාමාංශික දේශපාලනය ඉවරයි....
ඡන්දෙට තව පෝය දෙකක්ම තියෙනවනෙ. අපිට ආරංචි හැටියටනම් බහුතරයක් තාම කාටද ඡන්දෙ දෙන්නේ කියලා තීරණය කරලා නෑ.
මෙයා අපිට මොනවාද කරලා තියෙන්නේ ඉදිරියෙන්ම ඉන්න?
ලංකාවේ නොවෙයි ඉතියෝපියාවේ හරි සූඩානයේ හරි කෙරුව සමීක්ෂණයක ප්‍රතිථල වෙන්න ඇති ඔය.
පුතානෝ ඉදිරයෙන්ලු. ඒක නියම සමීකරණක්.
මේ කොහේ තිබුන IHP එකක්ද ? මේක මේ සජිත්ට සපෝට් කරන්න අටවාගත්ත මගුලක්. මාලිමාව දැන් නැවත හරවන්න බැරි ලක්ෂ්‍ය පසුකරගෙන ගිහින්.මාලිමාව අනිවාර්යයෙන්ම ජයගන්නවා.
කවුරු ඉදිරියෙන් හිටියත්,නැතත් චන්දේ දෙන්නේ කාටද නැද්ද කියන එක තියෙන්නේ ජනතාවගේ කතිරේ මත .අතීතයෙන් පාඩම් ගෙන වර්තමානය ගැන හොන්දින් සිතා බලා අනාගතයේ බුද්දිමත් හරිහමන් පිරිසක් තෝරා ගැනීමට ජනතාවට මොලේ පෑදේවා .
සජිත් ප්‍රේමදාස
සජිත් ප්‍රේමදාස ජනාධිපති විය යුතුයි
මොකක්ද මේ 'සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය' කියන්නෙ? එන්ජිඕ එකක්ද? කවුද සල්ලි දෙන්නෙ?
පට්ට බොරු ,අනුර කුමාර 80%
මේවගේ ගොන් ඒවාට කොහෙන් හිනා වෙන්නද මන්ද. මිනිසු 414 සංගණනයක් කරලා දානවා
රටේ ඇවිදින කොට දැනෙනවා සජිත් ගැන ජනතාව දරන අදහස්, ඔහු ජනතාව අමතන්න... අමතන්න ඔහු ජනාධිපතිකමට නුසුදුසු පුද්ගලයකු කියලා වැටහෙනවා. වරක් ඔහු ජනතාව අමතන විට කියනවා මම මිය යන්නෙත් ජනතාව සමග අත්වැල් බැඳගෙන කියලා. මේ සමීක්ෂණ ශීතල කාමරවල ඉඳගෙන කරන බහුරූ කෝලම්...
සජිත් ප්‍රේමදාස මහතා දිනනවා
ඉදිරියෙන් හිටියාට පිටුපසින් එන කෙනාගෙන් ප්‍රවේශම් වෙන්න.
මේ සමීක්ෂණ දැක්කාම හිනා යනවා
යකෝ අහස්කූර උඩ යනවා වගේනේ පුතානෝ උඩ ගිහින් තියෙන්නේ...! හෙට, අනිද්දා වෙද්දී සියට සියයම ගනියිද දන්නේ නැහැ..!
ජවිපය කරපු සමීක්ෂණයක්ද කොහේද....? සජිත්ට ලණුවක් දීලා
ලංකාවේ සමීක්ෂන අනාවැකි අසාර්ථකයි. හේතුව මේ සමීකෂණ කරන්නේ විද්‍යාත්මක පදනමක් නැතිවයි. බොහෝදුරට තමන්කැමති අපේක්ෂකයා දිනන බව පෙන්වීමට කැමති නිසා සමීක්ෂන ප්‍රතිඵල අසාර්ථකයි.