
(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල හෙට්ටිමුල්ල නුගගහපාර ප්‍රදේශයේ පොල්ගස් අනූවක අතුරක මල් කැපීමේ කටයුතුවල නිරතව සිටි පොල්රා මැදීමේ වෘත්තිකයෙකු එම අතුරේ මීටර් 25ක පමණ උස පොල් ගසකින් පයලිස්සා ඇද වැටී බරපතල තුවාල ලබා බේරුවල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇතැයි බේරුවල පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ කොස් වාඩිය මහ වැව ප්‍රදේශයේ පදිංචිව සිටි , ජයලත් පේඩි ඇන්ටනී(65) නමැති විවාහයකයෙකු බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා ඊයේ (31) සවස් වරුවේ පොල්මල් කැපීමට පොල් ගස් අනූවකින් සමන්විත අතුරෙ ගසින් ගස ගමන් කරමින් සිටියදී 86 වෙනි පොල් ගසින් අවාසනාවන්ත ලෙස ඇද වැටී රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව පොල් රා කර්මාන්තයේ හිමිකරු , මරණ පරීක්ෂකවරයා හා පොලිසිය හමුවේ පවසා තිබේ.
මරණකරු මේ වසරේ ජනවාරි මාසයේ සිට මිය යන තෙක් බේරුවල හෙට්ටිමුල් ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි වීපොල් රා මැදීමේ සේවාව කර ඇති අයෙකු බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව ලැබේවා....
අතුරෙන් වැටී රා මදින්නන් අනතුරට පත්වීම මේ රටේ බොහෝ කාලයක සිට සිදුවෙන දෙයක්. රා මදින්නන් අතුරට "ආරක්ෂිත පටියකින්" සම්බන්ධ කර තිබීමෙන් මේ අනතුර වළක්වා ගැනීමට පුළුවනි.