
(යොහාන් භාසුර)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමට ගිය මන්ත්‍රීවරුට ඕනෑම ගිනිඅවියක් ගතහැකි ආකාරයට ගිනිඅවි බලපත්‍ර ද දී ඇති බවත් බාර් පර්මිට් 1200 කට වැඩි සංඛ්‍යාවක් දුන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (1) පැවසීය.
කොළඹදී අද (1) පැවැති මාධ්‍ය හමුවකදී දයාසිරි ජයසේකර මහතා එසේ පැවසීය.
රුපියල් ලක්‍ෂ තුනේ සිට ඉහළ ගිනිඅවි මිලදීගැනීමට එම ගිනිඅවි බලපත්‍ර නිකුත් කර ඇති බව කී දයාසිරි ජයසේකර මහතා අරගලය සමයේ නිවෙස්වලට හානිවූ අයට කෝටි තුන හතර දී ඇති බව ද සඳහන් කළේය.
ජනාධිපතිවරයා සමඟ අද සිටින බහුතරයක් මීට පෙර පොහොට්ටුවේ සිටියදී රනිල් වික්‍රමසිංහ මහතා පට්ට ගැසූ අය බවත් ඒ මහතා මහ බැංකුව කැඩූවේ යැයි චෝදනා කළේ ද ඔවුන් බවත් ජයසේකර මහතා වැඩි දුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දෙගෝල්ලෝ නඩු කිය කියා ඉන්න. නැත්නම් ඔයා සජී බබාට හේත්තු වෙන්න. මොකද අතේ අනිත් ටීම් එක රනිල් ලග නිසා.
දුකට කියන කවි.
ජාතික ජනබලවේගය පමණයි රටේ ජනතාවගේ එකම පැතුම. මාලිමාවට ජයවේවා !!
ප්‍රශ්නයක් නැහැ. ජාතික ජනබලවේගයේ රජයක් පැමිණි වහාම ඔය බාර් පර්මිට්, ගිනිඅවි පර්මිට් අවලංගු වෙනවා.
රටේ දුප්පත් මහජනතාවගෙන් එකතු කරන බදු මුදල් මුන්ගේ මුදල් වගේ කෝටි ගණන් වියදම් කරනවා.රටේ ජනතාව මේවා තේරුම් ගත්තොත් විතරයි මේ රට වෙනස් කරන්න පුළුවන්.මුන්ගේ පැවැත්ම උදෙසා කරන දේවල් මිසක් රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කරන දේවල් නොවන බව රටේ ජනතාව තේරුම් ගත යුතුයි.