
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද(01) පැවැත්වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ණය මුදල පිළිබඳ සාකච්ඡා කිරීම එම හමුවේ අරමුණ බව සේමසිංහ මහතා පැවැසුවේය. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම ඊයේ(31) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මුණගැසුණේය.
නියෝජිත පිරිස මෙරටට පැමිණීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර සිටියේ මෙරට ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ පසු විපරමක් කිරීමටත් මෑතකදී සිදුවූ ආර්ථික වර්ධනයන් පිළිබඳ සාකච්ඡා කිරීමට නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට පැමිණ සිටි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසාන එක නේද
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තාම ට්‍රයි කරන්නේ තමන්ගේ කෙනාව ජනාධිපති කරන්න වෙන්න ඇති.
රට ගොඩගන්න දුන්නු සේරම සල්ලි ඡන්දේට බෙදලා ඉවර වෙලාද?