අනාගත ජනපතිවරුන්ට පූර්වාදර්ශයක් දෙන තීන්දුවක් රෝයල් පාර්ක් නඩුවේ මරණ දඬුවම හිමිව සිටි විත්තිකරු ජනාධිපති සමාවෙන් නිදහස් කිරීම මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ඉතාම පැහැදිලි අනාගත ජනාධිපතිවරුන්ට පූර්වාදර්ශයක් කරගත හැකි තීන්දුවක් බව හිටපු මානව හිමිකම් කොමසාරිස් ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවැසීය. 07 June 2024
සෙල්ෆි ගනිමින් සිටි කාන්තාව දුම්රියේ හැපෙයි මෙක්සිකෝවේ කාන්තාවක, සිය පුතු ද සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගනිමින් සිටිද්දී, දුම්රියක ගැටී මියයෑමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 07 June 2024
තරහා වෙලා පොලිසි ඇවිත් එකතුවෙලා පර්ස් එකට විදලා පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් දැමීමට පොලිසියේ ලාච්චුවක තිබූ කාන්තා කොස්තාපල් වරියකට අයත් මුදල් පසුම්බිය සොරාගෙන ගිය අඹුසැම් යුවළක් අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි. 07 June 2024
මැදරට කුණුවලින් රජරට වැනසෙයිද කන්ද උඩරට ප්‍රදේශවල මහජනතාව ඉවතලන කැලි කසල ප්ලාස්ටික් අපද්‍රව හා කෘමිනාශක ඇසුරුම් බොහොමයක් මේ වන විට නාවුල බෝවතැන්න ජලාශයේ තම්පත්ව තිබීම නිසා ජලය පරිබෝජනය කරන රජරට ප්‍රදේශවල මහජනතාවට දැඩි සෞඛ්‍ය තර්ජනයකට ලක්වීමේ අවදානමක් තිබෙන බව බෝතැන්න ජලාශභාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා පවසයි. 06 June 2024
අද මාධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය වර්ජනයක් දුම්රිය රියදුරන්ගේ උසස්වීම් ප්‍රමාදවීමේ ගැටලුව ඇතුළු ගැටලු කීපයක් මුල්කරගනිමින් ‘ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස්’ දුම්රිය රියදුරු සංගමය අද (6) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව එම සංගමය පවසයි. 06 June 2024
විදුලි පනත සම්මතයි ශ්‍රී ලංකා විදුලි පනත් කෙටුම්පත වැඩි ඡන්ද 44කින් පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සම්මත විය පනතට පක්ෂව ඡන්ද 103ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 59ක් පමණි. 06 June 2024
රනිල්ට ශ්‍රීලනිප නිමල් පිලේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වුවහොත් ඔහුට සහාය දැක්වීම පිළිබඳව පක්ෂය තුළ කිසිදු විරෝධයක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා කොළඹ අද (06) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය 06 June 2024
’’ජන පීඩන විදුලි පනත වාහාම හකුලා ගනිව්’’ ‘ජන පීඩන විදුලි පනත වාහාම හකුලා ගනිව්’ යන සටන් පාඨය යටතේ විදුලි සේවකයන් පිරිසක් කොළඹ පිහිටි විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටදී අද (6) පස්වරුවේ විරෝධතාවක් ආරම්භ කළහ. 06 June 2024
ගංවතුරක් කළ හදියක් දිවයිනේ ප්‍රධාන ගංගා ආශ්‍රිතව පවතින ගංවතුර ක්‍රමයෙන් බැසයමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. 06 June 2024
ලෝක චිත්‍ර තරගයකින් ලාංකික දැරියක් පළමු තැනට ජපානයේ යුනිසෙෆ් කාර්යාලය සහ ජපානයේ තත්ත්ව සහතික පත්‍ර කාර්යාලය එක්ව 23වන වරටත් පැවැත්වූ අන්තර් ජාතික ලෝක ළමා චිත්‍ර තරගයකින් පුත්තලම කොච්චුකට්ටිය ජාතික පාසලේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බී මලීෂා නිර්මාලී ( 15 ) ලෝකයේ රටවල් අසූ තුනක දරුවන් පරදවා එම තරගයෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගෙන තිබේ. 06 June 2024
වව්නියාවේ ළිඳකින් ටී 56 උණ්ඩ තොගයක් මතුවෙයි වවුනියාව ,පම්පමඩුව දෙමළ ප්‍රාදේශිය සභා ඉඩමෙහි ළිඳක්තුල තිබී ටි 56 වර්ගයේ ජීව උණ්ඩ 2298 ක් සොයාගත් බව පූවරසන්කුලම පොලිසිය පවසයි. 06 June 2024
බළන්ගොඩ කස්සප හිමි අත්අඩංගුවට යෝජිත විදුලි පනතට එරෙහිව විරෝධතා පුවරුවක් රැගෙන පාර්ලිමේන්තුව අසල උපවාසයක නිරත විමට සූදානම් වූ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද (06) දහවල් අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි 06 June 2024
බානගල උපතිස්ස නාහිමිගෙන් මෝදිට ආශිර්වාද තෙවැනි වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වූ නරේන්ද්‍ර මෝදි මහතා වෙත ඉන්දියාවේ සාංචි චේතියගිරි විහාරය සහ ජපානයේ සවරා හී ලංකාජී විහාරස්ථානයේ විහාරාධිපති ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමිපාණන් සුබ පැතුම් පිරිනමති. 06 June 2024
ඇඹිලිපිටිය පොලිසියේ හයකට එරෙහිව නඩුවක් තම නිවස පිටුපස කානුවේ ගිණිඅවියක් සඟවා බොරු සාක්කි සෑදීම, ශරීරයට හෝ කීර්තියට හානිවන ආකාරයට චෝදනා කළැයි පවසමින් ඇඹිලිපිටිය පොලිසියේ නිලධාරීන් හයදෙනකුට එරෙහිව අගතියට පත් අයකු ගොනු කළ පැමිණිල්ල අගොස්තු මස 05 දින විභාගයට ගැනීමට ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් දිලූම් ප්‍රනාන්දු මහතා අද නියම කළේය. 06 June 2024
මෙක්සිකෝවේ කුරුලු උණ මරණයක් මෙක්සිකෝවෙන් කුරුලු උණ රෝගියකුගේ මරණයක් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. මේ, කුරුලු උණ වයිරසය ආසාදනය වී මියගිය පළමු තැනැත්තාය. 06 June 2024
විශ්‍රාමික සෙබළුන්ට විදෙස් රැකියා ශ්‍රී ලංකා රජයට ලැබෙන විදේශ රැකියා ප්‍රමාණයෙන් කොටසක් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ලබාදීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය කැමැත්ත ප්‍රකාශ කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. 06 June 2024
ගාසා පාසලකට ඊශ්‍රායලය පහර දීලා ගාසා තීරයේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්‍රහයෙන් පවත්වාගෙන ගිය පාසලකට ඊශ්‍රායල හමුදා ඊයේ (6) ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් පාසලේ රැඳී සිටි 27 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 06 June 2024
පොලිස් සැරයන්ගේ සංවිධානාත්මක කල්ලිය කොටුවෙයි පොලිස් භෝජනාගාරවලට ලැබෙන සහල් සහ සිල්ලර භාණ්ඩ අඩු මුදලට ලබාදිය හැකි බව පවසා කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් රැසක් මුලා කරමින් සංවිධානාත්මක කල්ලියක් මෙහෙය වූ උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පෙනී සිටි පොලිස් සැරයන් වරයෙකු ඇතුළු තිදෙනකු අත් අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය කියයි. 06 June 2024
‘විදුලි පනතේ අරමුණ අපේ විදුලිය අදානිට දීම ‘ නව විදුලි පනතේ අරමුණ රටේ විදුලි බලය තනි ඒකාධිකාරී සමාගමකට පවරාදීම බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 06 June 2024
’’කුඩු ජයනි’’ කොරළවැල්ලේදී මාට්ටු දැනට බන්ධනාගාරගතව සිටින කුඩු ජනිත් නැමැත්තකු විසින් මෙහෙයවනු ලබන මහාපරිමාණ මත්කුඩු ජාවාරමේ නිරතවන කොරළවැල්ලේ ‘කුඩු ජයනි‘ සහ ඇගේ ප්‍රධාන ගෝලයෙක් ලක්ෂ දහයකට අධික අයිස් මත්ද්‍රව්‍ය සමග කොරළවැල්ල ප්‍රදේශයේදී වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 06 June 2024
එකම දිනයේදී දෙවරක් එලොව ගිය කතක් එකම දිනයේ දෙවතාවක් මියගිය කාන්තාවක් පිළිබඳ තොරතුරු ඇමෙරිකාවේ නෙබ්‍රස්කා ප්‍රාන්තයෙන් වාර්තා විය. නෙබ්‍රස්කා ප්‍රාන්තයේ අගනගරය වන ලින්කන්හි සත්කාර ලබමින් සිටි මෙම කාන්තාව පසුගිය (03) දා උදෑසන 9.44 ට ප්‍රථම වතාවට මියගොස් ඇතැයි ලින්කන් නගර බලධාරීහු ප්‍රකාශ කළහ. 06 June 2024
ලංකාවට ’’Starlink’’ ගේන්න අවසර දෙයි ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් අන්තර්ජාල සේවා සැපයීම සඳහා ’’ස්ටාර් ලින්ක්’’ (Starlink)වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අනුමැතිය ලබා දුන් බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය. 06 June 2024
ලංවිම සේවක නිවාඩු අවලංගු කරයි ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන්ගේ නිවාඩු නැවත දැනුම් දෙන තෙක් අවලංගු කළ බව එම මණ්ඩලය පැවසීය. 06 June 2024
සැමියා සොරාගන්නා රන් බඩු බිරිය උකස් කරලා සැමියා රාත්‍රි කාලයේ නිවසක් බිඳ සොරා ගන්නා ලද රන් භාණ්ඩ බිරිඳ ගෙන ගොස් උකස් කර ඒ මුදලින් හෙරොයින් මත්ද්‍රව්‍ය ගෙන එමින් සිටියදී අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය කියයි. 06 June 2024
ලයිට් බිල අඩු වෙන්නේ මෙහෙමයි විදුලි ගාස්තු ලබන ජූලි මස 1 වැනිදා සිට අඩු කරන බව විදුලි බල හා බලශක්තිය අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (6) පැවසීය. 06 June 2024
චෙක් ජනරජයේ දුම්රිය අනතුරක් චෙක් ජනරජයේ මගී ප්‍රවාහන දුම්රියක් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවම වශයෙන් සිව් දෙනකු මියගොස් 23 දෙනකු තුවාල ලබා ඇතැයි එරට බලධාරීහු ප්‍රකාශ කළහ. 06 June 2024
නව විදුලි පනතින් ඇතුලේ සමහරුන්ගේ බිස්නස් නැති වෙනවා නව විදුලි පනත සම්මත වීමෙන් අනතුරුව විදුලිබල මණ්ඩලයේ සමහරුන්ට තිබෙන බිස්නස් නැති වී යන බව විදුලි බල හා බලශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 06 June 2024
ජූඩ් ශමන්තට සමාව දීම ව්‍යවස්ථාවට පටහැනියි රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවී මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශමන්ත ජයමහ නැමැත්තාට ජනාධිපති සමාව ප්රදානය කිරීමට ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) තීන්දු කළේය. 06 June 2024
ගම්පහ ගංවතුර මඬින්න ඒකාබද්ධ කමිටුවක් ගම්පහ දිස්ත්‍රික්කය ජලයෙන් යටවීම වැලැක්වීම සඳහා සියලු රාජ්‍ය ආයතන වලින් සමන්විත ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවක් පත් කර ඇත. 06 June 2024
ජනපති දේශපාලන කාර්යාලය විවෘත කරයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර සිය දේශපාලන කාර්යාලය කොළඹදී සුබ මොහොතින් විවෘත කළේය 06 June 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026