
(සුජිත් හේවාජුලිගේ)
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ගත් තීරණයට එරෙහිව යමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කරන සියලුම මන්ත්‍රීවරුන් ඔවුන් මෙතෙක් දැරූ තනතුරු වලින් ඉවත් කිරීමට එම පක්ෂය තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් අප එම පක්‍ෂයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ දැනටමත් ඒ සම්බන්ධයෙන් කටයුතු සූදානම් කරගෙන යන බවයි.
පක්ෂයේ තීරණයට එරෙහිව ගිය පිරිස් නිලතල වලින් පමණක් නොව ආසන සංවිධායක ධූරවලින්ද ඉවත් කිරීමට නියමිතය.
ඒ සම්බන්ධයෙන් සියලු තොරතුරු අධ්‍යයනය කරගෙන යන බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදී වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය 22 වැනිදා තීරණය කළේය.
එම තීරණයෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන බව දැනුම් දුන්හ.
ඔවුන් මෙම දැනුම්දීම කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (30) පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය.
මේ අතර ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන නියෝජිතයන් ඇතුළු ක්‍රියාකාරීන් බහුතරයක්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට දැනටමත් තීරණය කර ඇතැයි දැනගන්නට ඇත.
2025 දෙසැම්බර් මස 18
595
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රනිල්ට උදව් කරන මන්ත්‍රීලාට වැඩ වරදී
බණ්ඩා Wednesday, 31 July 2024 04:43 PM
නාමල් රාජපක්‍ෂ වැනි අපකීර්තිමත්, හොරකම්, වංචා, මිනීමැරුම් සහ දූෂන සහිත වාර්තා ඇති පුද්ගලයෙකුට ධම්මික පෙරේරා වැනි කැසිනෝ කාරයෙකු තෝරාගැනීමට බොහෝ හේතු තිබිය හැකි වූවත්, රටට අවශ්‍ය වැඩ කල හැකි, ජාත්‍යන්තරය පිලිගත් පරිණත දේශපාලඥයෙකි
JayasekaraThursday, 01 August 2024 09:24 AM
සහතික ඇත්ත... රටට කුණු කන්ටේනර් ගණන් ගෙනාපු මහලොකු බුද්ධිමත් ව්‍යාපාරිකයා...
ගමේ එකාලා Wednesday, 31 July 2024 05:44 PM
දූෂිත පවුල් පාලනේ අය පොහොට්ටුවේ දූෂිත දේශපාලුවන් ඔය විදියට හරි උන්නේ රනිල් නිසා. හොර පෙරකදෝරුවාට ඕනෑ විදියට...
සුරනිමල Wednesday, 31 July 2024 05:48 PM
නාමල් විසින් පොහොට්ටුවේ අවසානයේ ඇරඹුම සනිටුහන් කර ඇත. ඔහු ගෝඨාභයට කළේද මෙවැනිම දෙයකි...
ජගත් ලියනගේ Wednesday, 31 July 2024 05:57 PM
පොහොට්ටුවටත් block votes ප්‍රමාණයක් තියෙනවා. කවුරු ගියත් ඒ කට්ටිය දෙන්නේ මහින්දට...
Prabha Wednesday, 31 July 2024 06:25 PM
මේවා දවල් රණ්ඩු.. රෑට එක්කොම එක මේසෙ...
Lalla Wednesday, 31 July 2024 08:45 PM
කොහොමත් ඔය 225 න් බහුතරය ඊළඟට එන පාර්ලිමේන්තුවේ නෑ. ඒක ස්ථිරයි...