
(යොහාන් භාසුර)
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව මෙම මස සමස්ත උද්ධමනය සියයට 2.4 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට 1.5 දක්වා ඉහළ ගොස් ඇති බවත් ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය.
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය ජූනි මස උද්ධමනය සියයට 1.7 ක්ව පැවැති බවත් ඒ අනුව මෙම මස තුළ උද්ධමනය සියයට 0.7 කින් ඉහළ ගොස් ඇතැයි එම දෙපාර්තමේන්තුව කීය.
පසුගිය ජූනි මාස ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 1.4 ක් ලෙස වාර්තා වූ බව කියන ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය මෙම මස සියයට 2.8 ක පැවැති අතර ජූනි මාසයේ එය සියයට 1.8 ක් ලෙස වාර්තා වූ බව ද සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොලර් එක අඩු වුණාම අඩුවුණු දේවල් ගැන දැන ගැනීමට මහ බැංකු අධිපතිතුමාව අමතන්න..
රනිල්ට ඕන විදියට උද්දමනය ගණන් කරලා කියන විට වෙන්න ඇති ඔහොම ගණන් එන්නේ රටේ ඇත්ත උද්දමනය ඔයිට හූඟාක් වැඩියි.
උද්ධමනය ඉහළට. බැංකු පොළිය, ඩොලරය පහළට. මරු එකොනොමි මේවා..!
මරු න්‍යාය උද්ධමනය ඉහළට ගියාට ඩොලර් එක අඩුවෙලා... අපේ තැන්පත් වලට දීපු පොලිය අඩු වෙලා කෝ සහන?