
(සුමිත් පොතුපිටිය)
පරිගණක අපරාධයක් සිදුකලැයි ඇතිවූ සැකය මත චීන ජාතිකයින් 22 ක් ලැගුම් ගෙන සිටී කළුතර ට ආසන්න හෝටලයක කාමරයකට මුද්‍රාතබා හෝටලයට පොලිස් ආරක්ෂාව යොදා ඇතැයි කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය කියයි.
ඔවුන් සන්තකයේ තිබූ පරිගණක යන්ත්‍ර සියල්ල සහ උපාංගද එම කාමරයේම තබා පොලිස් භාරයේ ඇත. එම චීන ජාතිකයින්ට එම හෝටලයේම පිටතට නොයා රැදී සිටින ලෙස පොලිසිය ඔවුන් දැනුවත් කර ඇත.
මොවුන් කිසියම් පරිඝණක අපරාධයක් සිදුකලේද යැයි සොයාබැලිම සදහා ඉදිරිපත් විමර්ශන සදහා පරිගණක අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ හරියට දන්නෙත් නැතුව සීල් තියලා .මාරයි