
(නිමල කොඩිතුවක්කු)
පාන් මිල අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින්ට සතියක කාලයක් ලබා දීමට කටයුතු කරන බව වෙළඳ, වාණිජ සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඉන්පසුවත් මිල අඩු නොකරන්නේ නම් නීතිමය කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
රුපියල් 10.00 කින් පාන් මිල අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින් එකඟ වී ඇති බැවින් එම සහනය පාරිභෝගිකයන්ට ලබාදිමට ඔවුන් කටයුතු කළ යුතු බවත් කොලඹදී පැවති මාධ්‍ය හමුවකදී නලීන් ප්‍රනාන්දු මහතා කීවේය.
නිෂ්පාදකයින්ට සහන ලබා දී තිබෙන අවස්ථාවක එම සහනය පාරිභෝගිකයාට නොලැබෙන්නේ නම් දිගින් දිගටම රජයට මැදිහත් වීමට සිදු වන බවත් ඔහු සඳහන් කළේය.
වෙළඳපොල තුළ පාන් ගෙඩියක තිබිය යුතු වන ග්‍රෑම් 450 බර ප්‍රමාණය අනිවාර්යෙන් තිබිය යුතු බවත් එසේ නොකරන බේකරි නිෂ්පාදකයින් වැටලීම් කිරීමට පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබා දී තිබෙන බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
595
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාන් මිල - බර ගැන ඇමතිවරයා දැඩි තීරණයක
Lalla Wednesday, 31 July 2024 08:41 PM
අපි ගම්පහ ඉඹුල්ගොඩ ඉස්කෝල හන්දියේ පාරිභෝගිකයෝ.ඔය කියන ග්‍රෑම් 450 පාන් දැකල නෑ. 350 ග්‍රෑම් පාන්නම් තියෙනවා. තව 400 ග්‍රෑම් පෙති පාන් එනම් සැන්ඩ්විච් පාන් තියෙනවා. ඒත් රු.220/=.
C.K.Lankaputhra Thursday, 01 August 2024 05:44 AM
මේ ඇමැත්තා රටට කොයි තරම් බරක් දැයි, ජනතාව වැඩිකල් නොගොස් තීරණය කරනු ඇත.
sam Thursday, 01 August 2024 06:52 AM
මාරයි නේද .මේගොල්ලන්ට ජනතාව විඳින දුක තේරෙන්නේ චන්දයක් එනකොට විතරයි .මාර විහිලු කතා
sujeewa Thursday, 01 August 2024 12:43 PM
පාන් ඇමති