
(බණ්ඩාර ජයරත්න)
මාවනැල්ල නඟරයේ පෙරපාසලක කුඩා දැරියකගේ හිසට පොල්ගෙඩියක් වැටි තුවාල ලැබූ දැරියක මියගොස් ඇතැයි පොලිසිය කියයි.
පොල්ගෙඩිය වැටීමෙන් තුවාල ලැබූ දැරිය මාවනැල්ල මූලික රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු බරපතළ තත්වයේ පසුවූ බැවින් මහනුවර ජාතික රෝහල වෙත ඇතුළත් කළ පසු මරණයට පත්ව ඇතයි මාවනැල්ල පොලිසිය පැවසීය .
අනතුරින් මරණයට පත්ව ඇත්තේ රනුලි හසත්මා එදිරිමාන්න නැමැති දියණියකි. දැරියගේ මව පවුල් සෞඛ්‍ය සේවිකාවක් බවත් පියා රජයේ රෝහලක ගිලන්රථ රියදුරකු වශයෙන් කටයුතු කරන බවද පොලිසිය පැවසීය .
පෙරපාසැලේ ගේට්ටුව වහන්න එනවිට පාලිකාව පිටුපසින් දුවගෙන ආ දරුවන් තිදෙනා සමග නැවත පෙරපාසලට යමින් සිටියදි රනුලි දියණියගේ හිසට පොල් ගෙඩියක් වැටිමෙන් තුවාල ලබා රෝහල් ගතකර ඇත.
මියගිය දියණියගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මහනුවර ජාතික රෝහලේදී සිදුකිරීමට නියමිතව ඇතිබවද පොලිසිය පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්තරං දුවට නිවන් සුව
මෙවැනි ස්ථානයක කිසිම විශාල පළ දරන ගසක් තබන්න බැරි නීති අවශ්‍ය නේද? කොස් පොල් අඩුම තරමේ අඹ ගසක් නොතිබීමයි හොඳයි.
පෙර පාසලක් පවත්වන විට දසදිසාවෙන් දරුවන්ට සිදුවියහැකි අනතුරු ගැන බලන්නෙ නැද්ද මුල් ළමාවිය සංවර්ධන නිළධාරින් පෙර පාසල් නිරීක්ෂණය කරන්නෙ ලියකියවිලි පමණක්ද කියලා අහන්න ඕන