
(සුජිත් හේවාජුලිගේ සහ කඩුවෙල බුද්ධික කුමාරසිරි)
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා මහජන එක්සත් පෙරමුණ තීරණය කර ඇත.
මේ තීරණය ගෙන ඇත්තේ දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම පක්ෂ මූලස්ථානයේදී අද පස්වරුවේ පැවැති විශේෂ සාකච්ඡාවකදීය.
මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා එක්සත් පෙරමුණේ උප සභාපතිවරුන් වන රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතාංජන ගුණවර්ධන, නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමනී ගුණවර්ධන සහ උප ලේකම් ලලිත් රෝහණ ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මූට පෙරමුණක් තියනවද ?
වර්තමානය වන විට ලොව බොහෝ රවටල දූෂීත පාලන ක්‍රම අවසන් වෙමින් ඇත.රුවන්ඩාව ඉතියොපියාව වැනි රටවල් 2000 වර්ෂයේදි සිය දූෂිත පාලන ක්‍රම පෙරලා දමා ජනතාවාදි රජයන් පත් කරගෙන ඇත.අද එම රටවල් වේගයේන දියුනු වෙමින් පවති.එම නිසා ලාංකික ජනතාවද මෙම ක්‍රමය අනුගමනය කල යුතුමය.එසේ නොමැතිව පරන හොරුන්ටම පාලනය දුන්නොත් ඔබේ දරුවාගේ අනාගතය ඉතාමත් අදුරු වන බව කරුනාවෙන් සලකන්න
ත්‍රී වීල් පක්ෂ මොනව කලත් වෙනසක් නැත. අනික ඕකේ ඉන්නේ මන්ත්‍රීල දෙන්න නේද? පොන්සි පුතා සහ බෙරිහන්දෙන අප්පා.....
එහෙම නැතුව කොහොමද අගමැති තනතුර ලැබුනෙ දෙපසක හිටියත් පාසල් මිතුරාට පිංසිදුවන්න කියලා ජනතාව දන්නවා
මීට වඩා හොදයි ගිහින් මරදානේ ලයිට් කණුවක් යට හිට ගත්ත නම්
තාත්තා කල දේ පුතා නොකලොත් ඌ නොට්ටිගේ පුතාලූ, ඒක හින්දා දිනේෂ් ඔප්පු කරලා පෙන්නුවා තමන් පිලිප්ගේ අතිජාත පූත්‍රයා කියලා.
සිංහයොත් බලු වෙන කාලයක් මේක!!!
වැල යන අතට මැස්ස ගැහැව්වා මිසක් රටට වැඩක් කරපු කෙනෙක් නෙවෙයි. සදහටම .බලයේ ඉන්ඩයි ඕන උනේ? ඔය කියන පෙරමුණේ ඉන්නෙත් කීයෙන් දෙනාද?
හිනා යනවා ඕයි මේවට
තාත්තාට අගමැතිකම තියාගන්නත් කිසිදාක පොදු ජනතාව අතරට ගියෙවත් නැති ඡන්දයක් ඉල්ලා පාර්ලිමේන්තු ආවේ නැතුව තාත්තාගේ බෝනස් ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආපු පුතාට ඒ මන්ත්‍රිකම රැක දෙන්නත් ඕන නිසා බොරලුගොඩ පරම්පරාව වාමාංශික දේශපාලන කඳවුරට පයින් ගහලා ධනවාදී දක්ෂිණාංශික කඳවුරට පැන්නා. නැත්නම් පුතාගේ මන්ත්‍රිකම ඉවරයි. ඔච්චරයි කතාව. අනික් අතට බැලුවාම පිලිප් ගුණවර්ධන වුනත් හත් හවුලේ හිටියානේ. ඒ නිසා ජානවල බලපෑම ඇති.
මේක අලුත් දෙයක් නෙමෙයි නේ?
මේ වගේ සහය දෙන්න කට්ටියක් ඉන්නවාද මේ පක්ෂයේ
ඡන්ද පදනමේ වර්ධනය කෙසේ වෙතත් රනිල්ට බාධකයක් එකතු වුනා.
ඔය වගේ පක්ෂයක් ලංකාවේ තිබුණාද? අපි නම් දැක්කේ නෑ ඔය පක්ෂයෙන් ඡන්දේ ඉල්ලනවා....
1994 දිත් මෙයා එජාපෙට පක්ෂව හිටියා මතක ද?
මට තේරුම් ගන්න බැ ඇයි අවිස්සාවේල්ල මිනිස්සු මෙයාට ඡන්දේ දෙන්නේ කියලා. ඔහු මේ කාලේ කිසිදු දෙයක් කරලා නෑ නේ...
එක්ව හොරා කමු..හොරු බේරමු..තව බදු ගහමු..එක්ව හොරා කමු..හොරු බේරමු..තව බදු ගහමු..!!
පින් ජනපතිට පින් අගමැති..!
රනිල්ට හොරා කියලා දැන් මිනිහාට එකතුවෙන මෙයත් හොරෙක් වෙන්න ඇති...
කිසිම ලැජ්ජාවක් නැති වාසි කියන දේකට අත උස්සන කෙනෙක්...