
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමටත් සාගර කාරියවසම් මහ ලේකම්වරයා ඉවත් කොට එම ධුරයට රමේෂ් පතිරණ මහතා පත් කළ යුතු බවටත් වු යෝජනා දෙකක් ඒකමතිකව සම්මත කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමේ දී අද සිදු විය.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පාලටුව එල්.එච්.කේ හෝටලයේ දී පැවැත්විණි.
ඒ සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් බල මණ්ඩලය නියෝජනය කරමින් හිටපු පලාත් සභා මන්ත්‍රීවරුන්,හිටපු පලාත් පාලන ආයතන නියෝජිතයින්,ඡන්ද අපේක්ෂකයින් ඇතුළු තුන්සීයකට ආසන්න පිරිසක් සහභාගී වී ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගියදා ගනු ලැබු තීරණය ප්‍රතික්ෂේප කොට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේ දී සහාය දැක්විය යුතු බවට වු යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ අමාත්‍ය කංචන විජේසේකර මහතා විසිනි.
ඔහු විසින් ඉදිරිපත් කර ඇති අනෙක් යෝජනාව වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ඉවත් කොට ඒ වෙනුවට අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පත් කර පක්ෂය ශක්තිමත් කර ගත යුතු බවයි.
අදාල යෝජනා දෙකටම රැස්ව සිටි නියෝජිතයින් අත් ඔසවා ඒකමතිකව යෝජනා සභා සම්මත කර ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද බාලයන් කරන දේශපාලනය, අඩුම තරමේ මුන් කෙලෙහිගුණයවත් දන්නේ නැති සත්තු, තමන්ව දේශපාලනට ගෙනා දේශපාලනයේ අයන්න ආයන්න කීයලා දුන්ට තම නායකයාට ද්‍රෝහිකම් කරන ජඩ නීච දේශපාලුවෝ. එක අතකට මහින්දටත් මෙහෙම වෙන්න ඕනා එයා මුන්ට ඉගැන්නුවේ මහත්මා දේශපාලනය නොවේ ත්‍රාඩ මජර දේශපාලනයයි. එකේ ප්‍රතථල එයාට දැන් තමන්ගේ සියැසින්ම දැක ගන්න වෙලා.....
මාතර කට්ටියේ ඔතන සීයක්වත් නැහැනේ. හරි කමක් නැහැ .ඔතැන දාහක් ඉන්නවා කියමුකෝ .ඔය දාහෙන් රනිල්ව දිනවන්න පුලුවන්ද තව මාතර තව කොච්චර ජනතාවක් ඉන්නවාද. ඒ චන්ද ඔක්කොම ඔයගොල්ලන්ට ලැබෙන්නේ නැහැනේ
ඔය අය හිතාගෙන ඉන්නවා නම් ජනතාව තමුන්නැහැලා කියන විදියට ඡන්දෙ දේවි කියහොඳ ද. මෙවර දිනන්න පුළුවන් සජිත් හරි අනුර හරි දෙන්න ගෙන් එක්කෙනෙක් .