
(තිලකරත්න දිසානායක)
සමගි ජනබල වේගය තවත් වසර පහක් විපක්ෂයේ නොසිට මීළඟ ජනාධිපතිවරයා වශයෙන් යළිත් වරක් පත්වන රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දිය යුතුව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන අද ගම්පහ දී පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලය ගම්පහ , පල්ලිය පාරේ විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් රුවන් විජයවර්ධන මහතා මේ බව සදහන් කළේය.
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් අතුරින් සුවිශේෂී අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා බවත් රටේ ආර්ථික තත්ත්වය යහපත් කරමින් වසර දෙකක් තුල රට පැවති අගාධයෙන් ගොඩගත් වත්මන් ජනාධිපතිවරයා යළිත් බලයට ගෙන ඒම පිනිස ප්‍රසන්න රණතුංග මහතා ඇතුලු පොදුජන පෙරමුණේ පිරිසක් එක්ව සිටින බවත් රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුවන්ගෙන් සජබෙට යෝජනාවක්
Sujith Chaaminda Sunday, 04 August 2024 08:58 AM
මේ කාළකණ්නි රට වනසපු රාජපක්ෂල එක්ක එකතුවෙලා උන් රකිනවා. ආයෙත් මේ පිංගුත්තරයන්ට රැවටෙන්න එපා. මුන්ට ඕන බලේ ඉන්න මිස රට හදන්න නොවන බව සිහිතබා ගන්න