IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රැකියා කෝටාවට විරෝධය පා බංගලි වැසියෝ වීදී බසිති

(විමුක්ති එස් රුද්‍රිගු)

බංග්ලාදේශයේ රජයේ රැකියා කෝටාවට විරෝධය පළ කරමින් පසුගිය මාසයේ පැවැති විරෝධතාවලිදී මියගිය 200 කට අධික පිරිසට යුක්තිය ඉල්ලා එරට ජනතාව නැවත වරක් විදී බැස්සේය. මියගිය පිරිසේ වගකීම බාර ගනිමින් අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා සහ රජය ඉල්ලා අස්විය යුතු බව විරෝධතාකරුවන්ගේ ඉල්ලීම වී ඇත.

අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ රජයට ඉල්ලා අස්වන ලෙස බළ කරමින් සිවිල් ව්‍යාපාරයක් ආරම්භ කළ යුතු බවට ශිෂ්‍ය නායකයන් එරට ජනතාවගෙන් කළ ඉල්ලීමත් සමඟ බංග්ලාදේශ ජනතාව නැවත වීදි බැස විරෝධතා ආරම්භ කළේය. එම ඉල්ලීම කළ අවස්ථාවේ රජයේ රැකියා කෝටාවට විරෝධයපාමින් විරෝධතා ආරම්භ කිරීමට මුල්වූ "වෙනස්කම්වලට එරෙහි සිසුන්" නම් සංවිධානයට අග්‍රාමාත්‍ය හසිනා සමග සාකච්ඡාවක් ලබා දීමට එරට රජය කටයුතු කළත් එයද එම සංවිධානය ප්‍රතික්ෂේප කළේය.

අග්‍රාමාත්‍ය හසීනා සමඟ ලබාදුන් සාකච්ඡාව ප්‍රතික්ෂේප කරමින්  "වෙනස්කම්වලට එරෙහි සිසුන්" නම් සංවිධානය ප්‍රකාශ කර සිටියේ පසුගිය මාසයේ පැවැති විරෝධතාවලදී 200 කට අධික පිරිසක් මියයාම සම්බන්ධයෙන් වගකීම අග්‍රාමාත්‍ය හසීනා බාරගත යුතු බවත් ඔවුන්ට යුක්තිය ලබාදීම සඳහා අධිකරණයට කැඳවිය යුතු බවත්ය.

විරෝධතා මේ වනවිට නැවත වරක් ප්‍රචණ්ඩවී ඇති බවත් ගාසිපූර්හිදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුමක් ඇතිවී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එසේම ඩකා අගනුවර ආසන්නයේද විරෝධතා පැවැත්වෙන බවත් එම විරෝධතාද ප්‍රචණ්ඩවී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

මේ අතර පසුගිය මාසයේදී පැවැති විරෝධතාවලදී ළමයින් 32 ඝාතනය වී ඇති බවත් ඒ අතර වයස අවුරුදු 5 ට අඩු ළමයින්ද සිටින බවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. එම ළමුන් විරෝධතාකරුවන් නොවන බවත් ඔවුන්ගේ මරණ කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි බවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පැවැසුවේය.



අදහස් (5)

රැකියා කෝටාවට විරෝධය පා බංගලි වැසියෝ වීදී බසිති

රනේ Sunday, 04 August 2024 07:05 AM

ලෝකයම සමානාත්මතාව පිළිගත යුතුයි..

:       0       4

Don pablo escobar Sunday, 04 August 2024 10:04 AM

ශිෂ්‍ය ව්‍යාපාර නම් ත්‍රස්ථවාදී කල්ලි සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න ඕනේ

:       7       3

sumanasiriSunday, 04 August 2024 05:04 PM

පුන්නක්කු ගිලින උන්ට ශිෂ්‍යය ව්‍යාපාර අරහං

:       0       0

Don pablo escobar Sunday, 04 August 2024 10:05 AM

ශිෂ්‍ය ව්‍යාපාර නම් ත්‍රස්ථවාදී කල්ලි සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න ඕනේ

:       7       3

නිමල් Sunday, 04 August 2024 06:07 PM

අනිවාර්යයෙන්ම ශිෂ්‍ය ව්‍යාපාර පමණක් නොව ඒවාට පණ දෙන, දේශපාලන ව්‍යාපාරත් විනාශ කරන්න ඹ්නැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site