IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


‘‘ලයිඩා‘‘ තාක්ෂණයෙන් පරාක්‍රමබාහු මාලිගයේ තොරතුරු

(ආර්.ටි. තෙන්නකෝන්)

පොළොන්නරුව ඉපැරණි ඇතුළු නගරයේ පරාක්‍රමබාහු මාලිගය පරිශ්‍රය තුළ ප්‍රථම වරට ‘‘ලයිඩා‘‘ තාක්ෂණය උපයෝගි කර ගනිමින් සිදු කරන ලද පර්යේෂණයකින් උද්‍යාන සහිත නටබුන් කලාපයක් සොයා ගැනීමට හැකි වූ බව මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා අද (03) දහවල් අනාවරණය කළේය.

මේ අනුව ඉපැරණි පරාක්‍රමබාහු මාලිගයේ සිට උතුරු දොරටුව දක්වා පොකුණු මාර්ග සහිත උද්‍යාන භූමියක නටබුන් දිස්වන  භූමියක නටබුන් දැකගත හැකි වන බව ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

මෙම ලයිඩා තාක්ෂණයේ විශේෂත්වය වනුයේ ඉතාමත්ම ඝන කැලෑවක තිබෙන පුරා විද්‍යාත්මක නටබුන් මීටර් තුනක් පොළොව යට නිරීක්ෂණය කර බැලීමට හැකි වීම බව බව ඒ මහතා මෙහිදී කරුණු අනාවරණය කළේය.

ඕස්ට්‍රේලියාවේ ලාට්‍රොප් විශ්ව විද්‍යාලය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මධ්‍යම සංස්කෘතික අරමුදල සහ කැලණිය විශ්වවිද්‍යාලය එක්ව මසක පමණ කාලයක සිට මෙහි කැණීම් කටයුතු සිදු කරන අතර මෙමගින් චීන කාසි සහ චීන යුගයේ භාවිතා කරන ලද මැටි බඳුන් ද පරාක්‍රමබාහු රජ මාලිගය පරිශ්‍රය තුළ සිදු කරන ලද කැණීම් තුළින් සොයා ගත් බව ඒ මහතා පැවසිය.

මේ අනුව  10 සහ 12 වැනි සියවස්වලට අයත් චීනයේ සෝන් යුගයේ චීන කාසි බවද ඒ මහතා කීය.

පොළොන්නරුව යුගයට වඩා අතීතයක් පුරාතනයක් ජනාවාස යුගයක් තිබුණු බවට මෙසේ හමුවූ මැටි බඳුන් කැබලි තුළින් අනාවරණය වනු ඇතැයි ඒ මහතා තවදුරටත් කීය.

හමුව ඇති චීන කාසි පබලු සහ මැටි බඳුන්වල කාල නිර්ණය කිරීම සඳහා විද්‍යාගාර පර්යේෂණ සඳහා තවදුරටත් යොමු කළ යුතු බවද ඒ මහතා සඳහන් කළ අතර ඉතිහාසයේ චීනය සහ ශ්‍රී ලංකාව අතර දැඩි ජාත්‍යන්තර වෙළඳ සම්බන්ධතා තිබුණු බවට ඉතිහාස පොතපතේ සඳහන් කරුණු පොළොන්නරුව යුගයේදී සාක්ෂි තවදුරටත් ඔප්පු වන බවද ඒ මහතා අවධාරණය කළේය.

මහාචාර්ය ප්‍රිෂාන්ත ගුණවර්ධන මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ජී.පී.ආර්. තාක්ෂණය (පොළොව ස්කෑන් කිරීම තුළින්)ලබා ගත් පුරා විද්‍යාත්මක සාධක සහ ලයිඩා තාක්ෂණය ඔස්සේ ලබාගත් සාධක පුරාවිද්‍යාත්මක සාධක වලට සමාන බවය.

ඕස්ට්‍රේලියාවේ ලාට්‍රොප් විශ්වවිද්‍යාලයේ සහකාර අධ්‍යක්‍ෂක ආචාර්ය කිය ස්ට්‍රික්ලන් මහතා ඇතුළු විදෙස් විශ්ව විද්‍යාල ශිෂ්‍ය කණ්ඩායමක් එක්ව සිටි.

 

 



අදහස් (2)

‘‘ලයිඩා‘‘ තාක්ෂණයෙන් පරාක්‍රමබාහු මාලිගයේ තොරතුරු

kethmi Saturday, 03 August 2024 02:33 PM

ඉන්දියන් කාසි එහෙම නැද්ද?

:       18       22

Sam Saturday, 03 August 2024 07:09 PM

ඩොලර්ස්?

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 687 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17823 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site