බිල ගෙවලා නෑ: ඝානා පාර්ලිමේන්තුවේ ලයිට් කපලා විදුලි බිල නොගෙවීම හේතුවෙන්, ඝානා පාර්ලිමේන්තුවේ විදුලිය විසන්ධි කිරීමට එරට විදුලිබල සමාගම පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 03 March 2024
බිම ඇඳ වැටී දෙදරු මව මරුට මාකුඹුර අධිවේගී පිවිසුම අසල පිහිටි දේවාලයක වාර්ෂික දේව මංගල්‍යයක් නැරඹීමට පැමිණ සිටි දෙදරු මවක් එක්වරම බිම ඇද වැටි සිදුවූ අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. 03 March 2024
ගාසා වැසියන්ට ගුවනින් ආහාර ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් උන්හිටිතැන් අහිමි වී, කුසගින්නේ පෙලෙන, ගාසා පලස්තීන වැසියන්ට ඇමෙරිකාන ගුවනින් ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා දීම ආරම්භ කර ඇත. 03 March 2024
අම්මත් අධික අවුරුද්දේ, දුවත් අධික අවුරුද්දේ අධික අවුරුද්දක උපන් මවක මෙම 2024 අධික අවුරුද්දේ දියණියක බිහි කළ පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා වේ. 03 March 2024
රනිල්ට වඩා දුර්වල කෙනෙක් දැම්මොත් තීන්දුවක් ගන්නවා පොහොට්ටුව ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ඔහු වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට වඩා අති දක්ෂයකු විය යුතු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 03 March 2024
මන්ත්‍රීන් බිලිබාන්න දෙපැත්තෙන්ම මහ සටනක් ආණ්ඩුවත් සමග ජන බලවේගයත් මන්ත්‍රීවරුන් තම පිල්වලට එකතු කරගැනීමේ සටන වේගවත් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ. 03 March 2024
හිටපු පොලිස් සැරයන්ගේ නිවසට වෙඩි නාගොඩ වලකුඹුර අත්කම් නිවාස යෝජනා ක්රමයේ පදිංචි සේවය අත්හිටුවා ඇති හිටපු පොලිස් සැරයන්වරයකුගේ නිවස ඉදරිපිටදී අහසට වෙඩිතබා සැකකරුවන් පලාගොස් ඇතැයි පොලීසිය කියයි. 03 March 2024
බොරැල්ල වෙඩි තැබීමේ සැකකරුවෙක් මාට්ටු බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ මහල් නිවාස සංකීර්ණයේ දී ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා අපරාධකල්ලි සාමාජිකයෙකු වන අමල් ප්‍රසාද් ගුණසේකර නමැත්තාට වෙඩි තබා බරපතළ තුවාල සිදු කිරීම සඳහා පැමිණි පුද්ගලයෙකු සේදවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. 03 March 2024
ජනපති කුඹුරට බසියි යළි රට ගොඩ නැඟීම හමුවේ ජයගත යුතු අභියෝග රැසක් පැවතියත් ගොවි ජනතාවගේ ගැටළු විසඳීමට ප්‍රමුඛත්වය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 03 March 2024
දිස්ත්‍රික්ක කිහිපයකට සවස වැසි කළුතර, රත්නපුර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 03 March 2024
ඉන්ධන බෙදුම්කරුවෝ සටනකට සූදානම් වෙති ඉන්ධන බෙදුම්කරුවන්ගේ මාසික වට්ටම් මුදලින් සියයට 35 ක් මාසික පරිහරණ ගාස්තුවක් ලෙස මෙම 4 වැනිදා සිට අයකර ගැනීමට ලංකා ඛනිජතෙල් සංස්ථාව තීරණය කර ඇති බවත් එම තීරණයට විරුද්ධව සංස්ථා පාලිත ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය දැඩි පියවරක් ගන්නා බවත් සංස්ථා පාලිත බෙදුම්කරුවන්ගේ සංගමය පැවසීය. 02 March 2024
බස්නාහිර පළාත් වාර විභාගය අත්හිටුවයි බස්නාහිර පළාතේ රජයේ පාසල්වල වාර විභාගය අත්හිටුවීමට බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 02 March 2024
බැකෝව සමග දෙකක් පස් කණ්ඩියට යට වෙයි බලංගොඩ හපුගහකුඹුර ප්‍රාදේශයේ ගෙවත්තක පස් කපමින් සිටි බැකෝ යන්ත්‍රයක් මතට ඉහල සිට විශාල පස් කන්දක් කඩා වැටිම හේතුවෙන් එම බැකෝ යන්ත්‍රයේ ක්‍රියාකරු සහ ඔහුට සහය වෙමින් සිටි පුද්ගලයකු අද දහවල් ඊට යට වි බරපතල තුවාල ලබා සිටිදි ගම්වාසීන් බෙරාගෙන බලංගොඩ මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි බලංගොඩ පොලිසිය සදහන් කරයි. 02 March 2024
හානි වූ කුඹුරුවලට වන්දි ඉල්ලා විරෝධයක් ගංවතුරින් හානිවු කුඹුරු වගා හානි සදහා රජයෙන් ලබා දෙන වන්දි මුදල් මෙතෙක් නොලැබුණැයි පවසමි පොලොන්නරුව දිවුලාන ගොවිහු පිරිසක් විරෝධතාවක නිරත වූහ. 02 March 2024
වාරියපොළ සුමංගල හිමි සැමරේ වීරවර වාරියපොල ශ්‍රී සුමංගල අනුනාහිමියන් ගේ 209 වන ගුණ සැමරීම අද (02) උන් වහන්සේගේ ජන්ම භූමිය ලෙස සැළකෙන වාරියපොල දී සිදුකෙරිණ. 02 March 2024
කඩ කෑම මිල ඉහළට ආපනශාලා ආහාරපානවල මිල ගණන් අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි. 02 March 2024
සමන් රත්නායක රිමාන්ඩ් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා ලබන 14 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළාය. 02 March 2024
පාතාලකරුවෝ කීප දෙනෙක් පිටරටදී කොටු මෙරට අවශ්‍ය තවත් අපරාධකරුවන් කිහිපදෙනෙකු විදේශයන්හි අත්අඩංගුවේ පසුවන බවත් ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරගෙන යන බවත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය 02 March 2024
පාසල් ප්‍රවාහන ගාස්තු තීරණය රජය යටතට පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් ඇතුළු සියලුම ගොඩබිම වාහන සම්බන්ධයෙන් ගාස්තු තීරණය කිරීම රජය යටතට ගැනීමට තීරණය කර ඇත. 02 March 2024
’’මෛත්‍රීට වෙච්ච දේ හොඳයි’’ නිල නිවස අහිමිවීමෙන් මෛත්‍රිපාල සිරිසේන මහතාට වෙච්ච දේ හොඳ යැයි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය 02 March 2024
පාසල් සිසුන්ට දෙන්න ගෙනා මත්පෙති 1000ක් මාට්ටු පාසල් දරුවන් ඉලක්ක කර ගෙන මත්පෙති 1000 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු කළුබෝවිල හත්බෝධිය ප්‍රදේශයේදී ඊයේ (1) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 02 March 2024
’’හරිනි ජනපති අපේක්ෂක කරන්න’’ ජාතික ජනබලවේගයේ ජනපති අපේක්ෂකයා ලෙස පත්කළ යුත්තේ ආචාර්ය හරිනි අමරසූරිය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය. 02 March 2024
කෙහෙළිය පාර්ලිමේන්තු එන්න බෑ කියයි බාල ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින සෞඛ්‍ය හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවන බව ඔහු පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත. 02 March 2024
ශ්‍රී ලංකා නව සන්ධානය ලබන සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ නව සන්ධානය ලබන සතියේදී පිහිටුවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය 02 March 2024
පී.එච්.අයිට වෙඩි තිබ්බේ වැරදිලාද? මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ භාණ්ඩාගාරික දිලී ප රෝෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් යොදවා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 02 March 2024
ඇත් දළක් සමග අයෙක් වෙඩි තබා ඝාතනය කරන ලද දළ ඇතෙකුගේ අඩි 04 ක් පමණ දිග දළ කොටසක් පොරවකින් කපා සඟවාගෙන සිටි අම්බලන්තොට නරියාය ප්‍රදේශයේ පුද්ගලයෙකු ඊයේ (1) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 02 March 2024
බොහෝ ප්‍රදේශවලට වැස්ස නෑ කළුතර,රත්නපුර,නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේ වැසි ස්වල්පයක් හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 March 2024
ධීවර හබ විසඳන්න ඉන්දු-ලංකා එකතුවක් ඉන්දු - ලංකා ධීවරයන් අතර ඇතිව තිබෙන ගැටළුවට ස්ථිර විසදුමක් ලබා ගැනීම වෙනුවෙන් සාකච්ඡා කිරීමට දෙරට තීන්දු කර ඇත. 02 March 2024
ඉසුරු සොයා ගිහින් දුක් විඳින කතුන් ගෘහ සේවය සඳහා මෙරටින් සවුදියට ගිය කාන්තාවන් සිව් දෙනකු රියාද් හී නිවාසයක රඳවා මාස ගණනාවක් තිස්සේ විවිධ හිරිහැර බාධා කරදර සිදුවන බව එම කාන්තාවෝ පවසති. 02 March 2024
රත්නපුර සම්බන්ධීකරණය ජනපති,කැබිනට් තීරණය විසි කරයි සමනලවැව ජලාශයේ ජල කාන්දුවේ ජලය භාවිත කරමින් ජලාශයට පහළින් කුඩා පරිමාන විදුලි බලාගාරයක් ඉදිකිරිමට අවසර නොදීමට රත්නපුර දිස්ත්‍රික් සම්බධීකරණ කමිටු රැස්වීමේ දී තීරණය විය. 02 March 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026