
(සුජිත් හේවාජුලිගේ)
සුරක්ෂා සිසු රක්ෂණය උරුමය ඔප්පු යනාදී සියලු ඔප්පු ප්‍රදානය කිරීම් ඡන්දය අවසන් වනතුරු නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයා අැතුලු ප්‍රධානීන්ට දැනුම් ඇත.
මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එවැනි බෙදාදීම්වලට කොමිසමේ විරෝධයක් නැතත් ඡන්දයක් ප්‍රකාශ කර ඇති අවස්ථාවක එවැනි බෙදාහැරීම් නිදහස් හා සාධාරණ ඡන්දයකට බාධා එල්ල විය හැකි හෙයින් ඒවා ඡන්දය අවසන් වනතුරු තාවකාලිකව නතර කිරීමට සිදුවන බවයි.
මේ අතර විවිධ පාර්ශ්වවලට විවිධ දීම නා ගෙවීමද මේ අවස්ථාවේදී කළ නොහැකි බව කොමිෂන් සභාව සඳහන් කරයි.
කොමිසම ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව සභාපතිවරයා කීවේය.
පාසල් දරුවන්ට සුරක්ෂා රක්ෂණ ඔප්පු ගෙවීම ඡන්දය අවසන් වනතුරු නතර කරන ලෙස දන්වමින් මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට පෙරේදා 3 ලිපියක් යවා ඇත.
COMMENTS
ඔය සුරක්ෂා රක්ෂණය එකපාරක් නැවැත්වුවා ලොකු දූෂණයක් නිසා. අනිත් එක උරුමය? කොහේ තියෙන උරුමයක්ද? ඔය නිකම් කඩදාසි විතරයි. ඔය උරුමය ගත්තු කෙනෙක් දැකලා තියෙනවද තමන්ට ලැබුණු ඉඩම් කොටස ඇස් දෙකෙන්...? ඔය ඇස්බැන්දුම් ඔක්කෝම නාකි රනිල්ගේ වැඩ. රටවැසියන්ව රැවට්ටුව චෝදනාවට රනිල්ට කවදාහරි කුඩුවට යන්න වෙනවා...
රට පාලනය කලේ තමුන්ලා නේද , ඔප්පු දෙන්නෙ තමුන්ලාම මිස ජනතාවද? ඇයි මේ හදිසිය? වැරදි වැඩ කරලා රජයන් පිහිටුවා ගන්න හිතන්නවත් එපා, බංගලාදේශයේ වැරැදි තීරණ ගනිපු අගමැතිණිය පැනලා ගියා... මෙහෙත් එහෙම වුණා. ආයෙම එහෙම නොවෙන එකක් නැහැ.
කටිනුයි තගෙනුයි වැඩ කරන්නේ නැති නීති ගරුක හෘද සාක්ෂියට එකඟ නායකයෙක් කවදද අපට ලැබෙන්නේ? එහෙම කෙනෙක් පත්කර ගැනීමට අපට ඥානය ලැබේවා !