
(ප්‍රදීප් කුමාර)
යාපනය ප්‍රදේශයේ දින 45 ක් වයසැති බිලිදෙකුට හිසට කළ පහර දීමකින් එම බිලිදා මියගොස් ඇතැයි තෙල්ලිප්පලේ පොලිසිය සදහන් කරයි.
මියගොස් ඇත්තේ සසිරුබන් නික්ෂන් නමැති දින 45 ක බිලිදෙකි.
මවු කිරි ලබා දීමෙන් අනතුරුව බිලිදා සිහිසුන්වූ බව පවසා මව විසින් බිලිදා අලවෙට්ටි ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කරනු ලැබ තිබේ.අනතුරුව වැඩි දුර ප්‍රතිකාර සදහා තෙල්ලිප්පලේ රෝහලට මාරු කර යවා තිබේ.එහිදී බිලිදා මියගොස් ඇත.
මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ හිසට එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් බිලිදා මියගොස් ඇතිබව යැයි පොලීසිය කියයි. ඒ අනුව මරණය සම්බන්ධයෙන් බිලිදාගේ මව තෙල්ලිප්පලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය පවසයි.
COMMENTS
මේ ප්රවෘත්තිය අහන්න ලැබීමත් අපේ පවක්... මේ වගේ අයට අම්මා කියන්න පුළුවන්ද? තිරිසන්නුන්ටත් අන්තයි.
පරීක්ෂණ කරුට අපේ ප්රශංසාව ... මෙවැනි අපරාධ සොයාගැනීම වෙනුවෙන්..!
ඔන්න දැන් ඉන්න අම්මලා . මේවාට හේතුව දෙමව්පියන් තම දරුවන් වගකීම් විරහිත දරුවන් සමාජයට බිහිකිරීමයි. දෙමව්පියනි තම දරුවන්ට සුදුසු කාලයේ ගෙදර දොර වගකීම් පවරා ඔවුන් වගකීම් සහගත තත්වයට පත් කරන්න
යකෝ අපිට දරුවෝ නැතුව දුක්වෙනවා .මුන්ට දරු සම්පත් ලැබිලත් පින නෑ . දරුවෝ එපානම් නොහදා ඉඳපන්
උඹලා වගේ ගෑනු අම්මලා නෙමෙයි මෙලොව උපන් යක්ෂනියෝ.... පව් අර කිරි සප්පයා...