
(අංජුල මහික වීරරත්න)
අධ්‍යාපනය, ව්‍යවස්ථාව සහ බලය බෙදීම වැනි කරුණු පිළිබඳ විවිධ අදහස් දැරිය හැකි මුත් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේදී වත්මන් රජයේ වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
එබැවින් එම වැඩපිළිවෙළ ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙවර ජනාධිපතිවරණයේ දී සියලු දෙනා පෙරට පැමිණිය යුතු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි ත්‍රිකුණාමලය හෝටල් සංගමය විසින් ත්‍රිකුණාමලය Beach Resort හෝටලයේදී සංවිධානය කර තිබූ හමුවකට සහභාගී වෙමිනි.
ත්‍රිකුණාමලය සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට ගෙන ඇති පියවර මෙහිදී පැහැදිලි කළ ජනාධිපතිවරයා මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය ලක්ෂ 25 සිට ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ගැනීමේ උපායමාර්ගික සැලසුම් පිළිබඳව ද විස්තර කළේය.
එම සංචාරකයන්ගේ පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් මහා පරිමාණ හෝටල් රැසක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බවත් ත්‍රිකුණාමලය සංචාරකයන්ගේ ආකර්ශනීය ගමනාන්තයක් බවට පත් කිරීමේ දී හෝටල් සංගම්වලට ඉටු කළ හැකි කාර්යභාරය පිළිබඳවත් ජනාධිපතිවරයා සාකච්ඡා කළේය.

COMMENTS
රටේ ආර්ථිකය නැති කරපු අයම ඒක හදන්න අවස්ථාව දෙන්න කියලා කියන කාලකණ්ණි ඉන්නේ ලංකාවේ විතරයි. ඒ වගේම ඒක විශ්වාස කරලා ඔවුන් පස්සේ යන අපතයෝත් ඉන්නේ අපේ රටේ විතරයි.
ආර්ථිකය විනාශකළ ඔබලාම කියනවා නම් එය නැවත ගොඩනැගිය හැක්කේ ඔබලාටම පමණයි කියලා ඒ තරම් විහිළුවක් තවත් තියනවාද? මහ බැංකු බැඳුම්කරයෙන්, සීනි බදු වංචාවෙන්, සුදුළුෑණු බදු වංචාවෙන් ඒ වගේම පොල්තෙල් බදු වංචාවෙන් රටේ ආර්ථිකයට කළ දේ ඔබලාගේ එහෙයියන් හැරුණු විට මුළු රටම දන්නවා. ඒ වගේම ඊට නිසි පිළිතුරු දීමට දිනය එළඹෙන තුරු ජනතාව බලා ඉන්නවා...
ඔව් රනිල් දැන් මුළු ලංකාවම IMF ණය උගුලට අහු කරලා ඉවරයි.. ඒ ගොල්ලන්ගේ පදේට නටනවා ඇරෙන්න දැන් ලංකාවට ආර්ථිකයක් කියලා දෙයක් නැහැ...
අවුරුදු 76ක් රට කාපු අය දැන් එනවා ඒවාට විසඳුම් හොයන්න.
මේ රටට කරන්න පුළුවන් හැම කොඩිවිනයම කරලා දැන් මෙතැන අපිට බණ කියන්නත් එනවානේ ලජ්ජා නැතිව... මේ අයට ඕනෑ පක්ෂ තුළ බලය තහවුරු කර ගනිමින් හැමදාම බලයේ ඉන්න විනා වෙන කිසිවක් නොවෙයි... කතාවට විතරක් ලෝකෙන්ම ප්‍රෞඩ ජාතිය කියලා ලෝකෙන්ම හිඟන හා නිවට ජාතිය බවට පත් කළාට නුඹලාට මේ සංසාරයේ නම් හොඳක් වෙන්නේ නැහැ... නොදකින්, හොර තක්කඩි!!
මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ නාස්තිය කරලා ආර්තිකය මුලුමනින්ම විනාශ කෙරුවේත් දූෂිත දේශපාලුවෝ මිස වෙන කවුරුවත් නෙවෙයි...
පච කෙලින්නේ නැතිව ගෙදර යන්න.
මහ බැංකුව ගැන මොන වගේ මතයක්ද දරන්න ඕනේ...?
අපොයි ඔව්, ආර්ථිකය ගැන හිතන්න ඕනෑ තමයි. ඉන්දියාවෙන් පුළුවන් තරම් ණය අරන් ඔවුන්ගේ කොන්දේසි වලට යටවෙලා අපේ රටේ අනාගත පරපුරට අයිති සියලු සම්පත් ඔවුන්ට විකුණලා ඒ සල්ලිත් නිකම් වැඩකට නැති දේවල් වලට වියදම් කරලා සුන්නත්දූලි කරලා අන්තිමට ණය ගෙවන්න මොනම විදියක් වත් නැති වුණාම මුළු රටම ඉන්දියානුවන්ට ලියලා දීලා අන්තිමට ගිහින් මිනී වලේ තමයි හාන්සි වෙන්න තියෙන්නේ...
රනිල් කලබල වෙන්නේ නැතුව ඉන්න. ඔයාගේ ක්‍රමය ඇවිල්ලා ණයටකන එක, විකුණන්කන එක, ඉල්ලන්කන ඒකනේ. ඔයාගේ ආර්ථික ක්‍රමයට වඩා ඉතාමත්ම හොඳ, ලංකාවට ගැලපෙන ආර්ථික ක්‍රමයක් හදන්න පුළුවන් විශේෂඥයෝ ලංකාවේ ඕනතරම් ඉන්නවා. ඔයාගේ ක්‍රමය කිසිසේත්ම ලංකාවට ගැලපෙන්නේ නැති බව කණගාටුවෙන් වුණත් කියන්න සිද්ධ වෙනවා.