
(පද්මසිරි ගාර්දියවසම් )
මිළ කල නොහැකි ගජමුතු දෙකක් ළඟ තබාගත් පුද්ගලයින් හතර දෙනෙකු තිස්සමහාරාම නගරයේදී අත් අඩංගුවට ගත් බව තිස්සමහාරාම පොලිසිය පවසයි .
අත් අඩංගුවට ගත් හතර දෙනා අතර පාසැල් ගුරුවරියකද සිටින බව පොලිසිය පවසයි .ඇය වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි කාරියකි.
අනෙක් සැකකරුවන් තිදෙනා බුත්තල ,වැල්ලවාය සහ ගල්ගමුව ප්‍රදේශවල පදිංචි කරුවන් බව පොලිසිය පැවසීය. සැකකරුවන් ලග තිබී සොයාගත් ගජමුතු දෙක විකිණීම සදහා තිස්සමහාරාම ප්‍රදේශයට පැමිණ ඇතැයි පොලිසිය පවසයි.
සැකකරුවන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය .තිස්සමහාරාම පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd