
(යොහාන් භාසුර)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කළ පිරිස පොහොට්ටුව ප්‍රතික්ෂේප කරන්නේ නම් එයට විකල්ප වැඩපිළිවෙලක් සකස් කර අවසන් බවත් එම පිරිස මේ වන විට සන්ධානයක් සකස් කර ඇති බවත් එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉතිරිව සිටින අය ප්‍රතිපත්ති නොව පෞද්ගලික වාසිවලට කටයුතු කරන බව ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
උඩුගම්පල පිහිටි ප්‍රසන්න රණතුංග මහතාගේ පක්‍ෂ කාර්යාලයේදී පැවැති ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිස්ක්‍රික් බල මණ්ඩලයේදී ඒ මහතා එසේ පැවසීය.
COMMENTS
බයිලා ගැහැව්වාට තමුන් ගැනත්, පවුලේ අයගේ කෙරුවාවල් ගැනත් අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
සංධානයේ නම දාගන්න. හොර, කප්පම්, කසිප්පු, රත්තරන් සංධානය කියලා...
දැන් ඉතිං පාර්ලිමේන්තුවේ කාලය ඉවරයි. වෙනත් මොකක් හරි රස්සාවක් සොයා ගන්න. රට කෑවා ඇති...
මේ අප්‍රසන්න, කප්පන් ගත්තේ පෞද්ගලික වාසියට නොවෙයි, පොදු ජනතාවගේ උන්නතිය උදෙසා.
ඒ සංධානයට නම දා ගන්න, කප්පම් සංධානය කියලා...!
ඔය සන්ධනයට "ගෙම්බෝ" කියලා නම දැම්මොත් හොඳයි නේද?
නිකන් බොරුව ඒපා ලොක්කා. රනිලුයි, පොහොට්ටුවයි එකතුවෙලා ගහන ගේමක් මේක. නිකන් මීඩියා කැම්පේන් විතරයි. රනිල්ට නැති රැල්ලක් මවලා පෙන්නන්න හැදුවාට මිනිස්සු අහු වෙන්නේ නෑ දැන්...!
පේනවා නේද වෙලා තියෙන දේ. ශිෂ්ඨ සම්පන්න, යුක්තිගරුක, අවංක දේශපාලනයක් කළ කෙනෙකුට ඊළඟ මැතිවරණයෙන් දිනුවත්, පැරදුණත් කලබල වෙන්න කාරණයක් නැහැ. තමන් අසාර්ථක වුවත් දූශිතයෙකු නොවේ නම් තමන්ට බය වෙන්න දෙයක් නැහැ... ඡන්දෙන් පස්සේ නිවී සැනසිල්ලේ ගෙදර ගිහින් තමන්ගේ වැඩක් බලා ගත හැකියි. එහෙම තමයි දියුණු රටවල උගත් ශිෂ්ඨ සම්පන්න දේශපාලකයින්ගේ හැටි. ඕන්න මේ ගොල්ලන්ට වෙලා තියෙන දේ. බලයේ ඉන්න කොට කරපු තරමක් දූෂිත අකටයුතු අශිෂ්ට ක්‍රියා නිසා දන්නවා පැරදුනොත් නිතිය ඉදිරියේ මහා විනාශයකට මුහුණ දෙන්න වෙන බව. ඒ හින්දා මෙච්චර කල් පෙන්නන් හිටපු මහා ලොකු මහින්ද ප්‍රතිපත්ති ද මොනවද ජාතිය බල්ලට දාලා එක එකා පස්සේ ගිහින් පිදුරුගස් අලි වලිග වගේ එකී නොකී හැම එකේම එල්ලිලා බලනවා මොන තොවිලේ හරි නටලා පන නල ගැට ගහගන්න. හරියට පස්ස ගිනි ජාලාවක් ඇවිලිලා වගේ මෙලෝ සිහියක් නැතුව දඟලනවා..
මේ ගොල්ලන්ට වැඩිම වුණොත් ජනාධිපතිවරණයේදී 10-12% හම්බ වේවි., ඒකත් පර්ලිමේන්තු මැතිවරණයේදී හැලෙනවා. පාර්ලිමේන්තුවේ ආණ්ඩු සහ විපක්ෂ යන දෙක ලබන ඡන්දෙදී මාලිමාව සහ සමගි බලවේගේ අතරේ බෙදෙනවා.
මොවුන්ගේ රටට ඇති ආදරයක් නැත.. මේ අය ආදරේ කරන්නේ ඔවුන්ට ඔවුන්ගේ ඇමැතිකම් රැකගන්න තනතුරු ලබාගන්න රැක ගන්න බලයට එයි කියලා හිතන පක්ෂවලට හේත්තු වෙනවා. ජෙප්පන් ආවත් ඔය ටිකම තමයි සිද්ද වෙන්නේ...