
(සුජිත් හේවාජුලිගේ )
දේශපාලන පිටියේ පසුගිය දිනවල සිදුවුණු විවිධ පෙරළි සහ හැලහැප්පීම් හේතුවෙන් ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම්ද දැඩි උණුසුම්කාරී තත්වයක් ගනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
එසේම ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන අතරතුරදි පිල් මාරුවීම් කිහිපයක්ද සිදුවනු ඇතැයි දැනගන්නට ඇත.
මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදී වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගත් තීරණයක් සමග පාර්ලිමේන්තුවේ බල තුලනයද වෙනස්වී ආණ්ඩු පක්ෂයේ බහුතර බලය අහිමිවී ගොස් ඇතැයි පැවසේ.
මේ හේතුවෙන් යම් පනතක් සම්මත කිරීමේදී අවශ්‍ය සරල බහුතරය ලබා ගැනීමද ඉදිරියේදී ගැටලුකාරී වනු ඇතැයි දේශපාලන විචාරකයෝ සඳහන් කරති.
ආණ්ඩුවේ සහයට මීට පෙර මන්ත්‍රීවරුන් 117 ක් පමණ සිටි අතර එම සංඛ්‍යාව මේ වනවිට සියයකට ආසන්න සංඛ්‍යාවක් දක්වා පහළ බැස ඇතැයි කියති.
සාමාන්‍ය පනතක් සම්මත කිරීමට අවශ්‍ය මන්ත්‍රීවරුන් 113 (සරල බහුතරය) මේ හේතුවෙන් අහිමිව ගොස් ඇත.
මේ අතර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැදවීමේ දිනය ලං වෙමින් පවතින හෙයින් මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමේ සාකච්ඡාද ඒ ඒ දේශපාලන පක්ෂ ඉතා ප්‍රබල අදියරකින් ආරම්භ කර ඇති බව වාර්තාවේ.
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය නොදී වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කිරීමත් සමඟ මහින්ද රාජපක්ෂ නාමල් රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරුන්ට ඉදිරි කාලයේදී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්වල අසුන් ගැනීමට සිදුවනු ඇතැයිද පැවසේ.
මෙතෙක් කල් ආණ්ඩුවේ කටයුතුවලට සහාය දුන් මෙම පිරිස වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සහාය දීමත් සමඟ ඔවුහු විපක්ෂයේ භූමිකාව ඉටු කරන පිරිසක් බවට නිතැතින්ම පත් වන්නෝය.
ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවෙන්නේ මෙම මස 15 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවේ මැතිවරණය වෙනුවෙන් එක්සත්ව, එක්සිත්ව ඉදිරිපත් වෙලා පුද්ගලික ලාබ ප්‍රයෝජන වෙනුවෙන් හැලගෙම්බෝ වගේ එහේට මෙහේට පැනයන දේශපාලුවෝ සියලු දෙනාටම ඊළඟ වතාවේ මහ උලුගෙදර නිත්‍ය වාසස්ථානය කරන්න ඕනෑ... එක් අතකින් අවුරුදු 75 දෙපැත්තම රට කෑවා කියන්නේ... මේ තත්වය නිසා වෙන්න පුළුවන්. රටේ පවතින්නේ ජනාධිපති පාලනය නම් ඒ මැතිවරණය මගින්ම ආණ්ඩුව පිහිටුවා ගන්න ඕනෑ... ඇත්තටම මේ එහෙට මෙහෙට පැනලා රටේ සංවර්ධනය අඩාල කිරීමට කටයුතු කළ කිසිම කෙනෙකුට ඡන්දය නොදීමට ජනතාව පෙලගැසිය යුතුයි...!
මොන පිස්සුද, ඕව නිකං අපි රවට්ටන්න දාන බොරු ජවනිකා. අන්තිමට මුං ඔක්කොම එකතු වෙනවා. මොනම හේතුවකට වත් එවුං කවදාවත් තමන්ට අයිති මැති ඇමැති වරප්‍රසාද නැතිකර ගන්නෙනෑ.
මේ රට වෙලාගෙන ඇති දූෂිත වංචාකාරී වංක දේශපාලන සංස්කෘතිය වෙනස් කරනතුරු මේ රට දියුණු කල නොහැකි බව හොදින්ම ඔප්පු වෙමින් ඇත.ඒ නිසා මේ රට ගැන හිතන දරුවාගේ දියුණුව පතන සැමගේ එකම බලාපොරොත්තුව අදූෂිත මිනිසුන්ගේ එකතුවෙන් සැදුම්ලත් අවංක දේශපාලන ව්‍යාපාරයක් බලයට ගෙනැවිත් මේ රටේ ජනතාව සමග එකාවන්ව මහන්සිවී කැපවීමේ වැඩ කර දියුනු සංවර්දිත රටක් හෙට දරුවන්ට උරුමකර දීමයි.ඒ සඳහා රට බේරාගත් රණවිරුවන්,විදෙස් උගත් බුද්ධිමත් ප්‍රජාව,පර්යේෂකයින් විද්‍යාඥයින්,විශ්‍රාමික ප්‍රජාව,ගුරුවරුත්,ඉංජිනේරුවන් ,හෙදියන් රටේ රාජ්‍යසේවකයන් එක හඩින් අද එකතුවමින් ඇත.අපේ වාසනාවට එවැනි දේශපාලන වයාපාරයක පෙරලිය සිදුවෙමින් ඇත.ජයවේවා
2005 ඉදලා අවුරුදු දහනවයක් රනිලුයි මහින්දයි හොරා පොලිස් සෙල්ලම් කෙරුවා, දවසක රනිල් හොරා මහින්ද පොලිස් ඊළග දවසේ මහින්ද හොරා රනිල් පොලිස් ඒක තමයි මෙච්චර කාලයක් උනේ. එහෙම කරලා ජනතාව රවටමින් දෙගොල්ලොම සහයෝගයෙන් රටේ ධනය හොරා කෑවා. අවසානයේ රටේ ආර්ථිකය බංකොලොත් උනා රට පුරා මේ හොර කල්ලී වලට එරෙහිව අරගලයක් ඇති උනා, අරගලයෙන් පස්සේ තවදුරටත් මේ සෙල්ලම කරගෙන යන්න බැරිවෙලා තියෙනවා. ඒ නිසා දෙගොල්ලොමටම එකට එකතු වෙන්න බල කරලා තියෙන්න. නමුත් එකිනෙකාට හතුරන් සේ රගපෑ කල්ලි දෙකක් එක කල්ලියක් සේ පෙනි හිටිමින් තවදුරටත් දේශපාලන කරන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ, ඒ නිසා පොහොට්ටුවේ දෙවෙනි පෙළ හා තුන්වෙනි පෙළ රනිල්ට කුළියට දෙන්න මහින්ද තීරණය කරලා තියෙන්න. ඒ දෙගොල්ලොන්ගේම යහපතට සහ ආරක්ෂාවට. තමන් මෙතෙක් පවත්වාගෙන ආ දූෂිත හා සාපරාධී ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යාමේ බලාපොරොත්තුවෙන් එහෙම නැතුව රනිල් සහ මහින්ද අතර ආරවුලක් නැහැ. ඔවුන් ඉස්සර වගේම ගජ මිතුරුන්ය.
ලංකාවේ තවමත් බොහෝමයක් මිනිසුන් දේශපාලනිකව අන්ධයින් සේ කටයුතු කරති. මෙපමණ වූ ප්‍රශ්න රාශියකට රට ඇද දැමූ ත්‍රාඩ, සොර, වංචාකාරී, තම බඩගෝස්තරය ගැන පමණක් හිතන දේශපාලුවන් ප්‍රතික්ෂේප කිරීමට මොලයක් ඇත්තේ සීමිත පිරිසකට පමණි. දැන්වත් ඇත්ත අවබෝධ කර ගැනීමට අපේ ජනතාවට මොලේ පෑදේවා...!
විවිධ නාටක ඉදිරියේදී රඟ දැක්වීමට නියමිතය. එම නිසා ජනතාව ඒවා පිළිබඳ කලබල නොවී පොදු අරමුණ වෙනුවෙන් කටයුතු කරන්න..!
ඔයිට අන්තයි මේ ඔක්කෝටම කලිසම් නැතිව යන්න වුණාම...
අවසානයේ දූෂිත පවුල් පාලනේ අයට ඉතුරු වෙන්නේ පව්ලේ හතරවරිගයේම අය විතරයි. වපුරපු තරමටලු අස්වැන්න.
මේ ඔක්කෝම දේශපාලන ගුන්ඩු. ඔක්කොම අලි ටෙලි පොහොට්ටු ගුණ්ඩු... කවුරු මොනවා කරත් අපි අපේ ඡන්දෙ නියම කෙනාට දෙමු...
ආණ්ඩුවේ බහුතරය නැතිවෙන්න නම් ඉල්ලා අස්වීමක් නැත්නම් මියයාමක් වෙන්න ඕනෑ... එහෙම නැතුව ජනතා මනාපයෙන් පත්වෙලා ජනතා පරමාධිපත්තිය බල්ලාට දාන්න කාටවත් අයිතියක් නැහැ... එහෙනම් අයින්වෙලා යන්න කියන්න ශක්තියක් අදාල පක්ෂයේ නැත්නම් සංධානයේ ලේකම්ට නැද්ද එහෙම ලේකම්ලා... ඉතින් පොල් පිත්තෙනුත් හදාගන්න පුළුවන් වේවි... අපේ ඡන්දය අරගෙන පාර්ලිමේන්තුවේ වාඩිවුණා උන්දැලා අපිට පොරොන්දු රාශියක් දීලා ඒවා කරන්න බැරි නම් වෙන පොරොන්දු දුන්නු අයට එකතුවෙන්න ඒ අයට අයිතිවාසිකම් නැහැ. අපිට දුන්නු පොරොන්දු ඉටුකරන්න බැරි නම් ඉල්ලා අස්වෙලා යන්න.
අන්න බංග්ලාදේශයේ අගමැතිනිය ඉල්ලා අස්වෙලා...