
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රත්මලාන දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රිය මැදිරිවලින් රුපියල් ලක්ෂ 4 කට ආසන්න වටිනා යකඩ උපාංග කට්ටල සොරාගෙන යමින් සිටි පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් එම සැකකරුවන් යකඩ උපාංග කට්ටල දෙකක් සමග සිය භාරයට ගෙන පොලිසිය ට බාර දි ඇත .
සැකකරුවන් සොරාගෙන ඇත්තේ දුම්රිය මැදිරි දෙකක් එකිනෙකට සම්බන්ධ කිරීමට යොදා ගන්නා ස්ක්‍රෙව් කප්ලින් කොටස් දෙකක් බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් රත්මලාන කඳවල පාර හා දුම්රියපොළ පාර , පිළියන්දල හැඩිගම , හා පදිංචි වයස අවුරුදු 22 හා 29 අතර පසුවන කම්කරු රැකියාවේ නිරත වූවන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් තමයි. ඒත් එකෙකුට දෙන්නෙකුට වෙඩි තියන්නේ නැතුව ඕක නවත්තන්න බෑ.