
(යොහාන් භාසුර)
ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන සිරිපාල අමරසිංහ මහතා එළඹෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ඇප මුදල් අද (5) පෙරවරුවේ තැන්පත් කළේය.
සිරිපාල අමරසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
ඒකාබද්ධ වෘත්තිය සමිති කේන්ද්‍රය වෙනුවෙන් ස්වාධීන අපේක්‍ෂකයෙක් ලෙස ඒ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතය.
අමරසිංහ මහතා මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ 15 වැනිදා වන අතර හයවැනි ස්වාධීන අපේක්‍ෂකයා ද වේ.
COMMENTS
රනිල්ගේ බැසිල්ගේ දේශපාලන කොන්ත්‍රාත් ඉටුකරන සදාතනික ජනාධිපති අපේක්ෂකයෝ...!
මේ ගොල්ලෝ කරන්නේ දුප්පත් මිනිසුන්ට සල්ලි වලට විනාශයක් මිසක් රටට හෝ රටේ ජනතාවට වැඩක් වෙන දෙයක්ද? මීටර් ගණන් දිග ඡන්ද පත්‍රිකා ගැහුවා කියලා උන්ට වැඩකුත් නෑ... අපට වැඩකුත් නෑ...
අවුලක් නෑ 75000.00නේ.. අඩුම තරමින් ගෙදර අයගේ ඡන්ද ටිකවත් ගන්න බලන්න.
අපගේ පක්ෂයේ හිටපු විරෝධාර විප්ලවවාදී සාමාජිකයෙක්. අනුර වගේම එඩිතර සහෝදරයෙක්. ජයවේවා...! අනුරට දෙන ඡන්දයේ දෙවැනි මනාපය මේ සහෝදරයාට දෙමු...!
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්..? ඇයි හිටපු කියන්නේ? මෙයා කරපු දූෂණ වගයක් පක්ෂයට දැනගන්න ලැබුණු වහාම පක්ෂයෙන් එළවලා දැම්මා. ඊට පස්සේ ප්‍රසන්න කප්පමාට මුට්ටි අල්ලපු කතාවකුත් යනවා...!
මෑත කාලීනව ප්‍රසන්න රණතුංගගේ කෙනෙක්. එවක, ජවිපෙ දේශපාලනයේ ඉඳලා, බොහෝ කලකට පෙර, දරුණු දූෂණ චෝදනා කිහිපයකින් වැරදිකරු වී, පක්ෂයෙන් පන්නා දැමුවෙක්. දෙවනි මනාපය නොව, පළවන මනාපයට සුදුසූ බව යෝජනා කරමි.
ජවිපෙ වහලෙක් නොවී වෙනස් අදහසක් දැරුවොත් එයා හොරෙක්. ඕකෙ නායකයෝ රැකියාවක් ව්‍යාපාරයක් නොකර යහතින් ඉන්නේ කොහොමද කියලා අපටත් කියන්නකෝ...!
ඔය මිනිහත් පරණ ජේවීපී කාරයෙක්. ඒකාලේ නම් පක්ෂයේ උරුමක්කාරයෝ. හැබැයි දැන්? ඔහොම මිනිස්සු තවත් කොපමණ ඔය පක්ෂය තුළ ඉන්නවද? අනුරත් තව කාලෙකින් ස්වාධීනව ඡන්දේ ඉල්ලයි. එයාගේ වත්කම US $ මිලියන 1.3 කියලා Forbes සඟරාව කියනවා. පටන් ගත්තේ, එයාම කියන විදිහට, කෝච්චියේ වඩේ විකුණලා.
ඇත්තටම මුන්ට පිස්සුද?