
(විමුක්ති එස් රුද්‍රිගු)
බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඩකාහි අග්‍රාමාත්‍ය නිල නිවසින් පිටත්ව ආරක්‍ෂිත ස්ථානයක් කරා ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
අග්‍රාමාත්‍යවරිය සහ ඇයගේ නැගණිය වන ෂෙයික් රෙහානා අද (05) පස්වරු 2.30 ට පමණ හමුදා හෙලිකොප්ටර් යානයකින් අග්‍රාමාත්‍ය නිල නිවසින් පිටත්වී ඇතැයි බංග්ලාදේශ මාධ්‍ය සඳහන් කළේය.
ආරංචි මාර්ගවලට අනුව ඇය ඉන්දියාවේ බටහිර බෙංගාලය වෙත ගොස් ඇතැයි බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේය.
වත්මන් තත්වය හමුවේ බංගලාදේශ හමුදාවේ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් වකර් උස් සමාන් ජාතිය ඇමතූ අතර ඔහු ප්‍රකාශ කර සිටියේ වත්මන් දේශපාලන අර්බුදය අවසන් කිරීම සඳහා අන්තර්වාර රජයක් පිහිටුවීමට කටයුතු කරන බවයි.
විරෝධතාවලදී මියගිය 300 කට වැඩි පිරිසකට යුක්තිය ඉටුකිරීමට කටයුතු කරන බවත් හමුදාව කෙරෙහි විශ්වාසය තබන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.
ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුකිරීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ගොඩනැගූ රට විනාශ කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බවත් ජෙනරාල් සමාන් පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හසීනා නංගී, මමත් ඔහොම ගිය හැටි මතකයි, මට හොඳ හැටි මතකයි.
ලංකාවේ දේශපාලනය වගේම වංචා, දූෂණ වලින් පිරිච්චි රටක් තමයි බංගලාදේශය...!
දූෂිත ෂික් හසිනා පවුල් පාලනයෙන් තම රට මුදවාගත් බංග්ලාදේශ ජනතා අරගලයට ජයවේවා...!
පරගල මොඩලයා ලෝකයට වාතයක් වේගෙන යන්නේ...!
ලංකාවට වුණු දීම බංග්ලාදේශයත් කරලා තියෙන්නේ. හැදීගෙන ආපු රටක්... NGO දරුණු ත්‍රස්තවාදීන්ට වඩා දරුණුයි.
මෝඩයින්ට අරගලය බංගලාදේශය යන්තම් ගොඩ ආවා. ඒත් මෝඩ අරගලයක් නිසා නැවත හිඟාකන්න වෙනවා...
එහේ අයත් ජනතාවගේ කීමට අස්වෙනවා. ඒකට මෙහේ උන්දෑ, මුළු රටම ඇවිල්ලා ගේ වටකරන් යන්න කිව්වත් කොහේ හරි හැංගිලා ඉඳලා කියයි.. මම තමයි තවම පින්පති කියලා...!
බංග්ලාදේශයත් කැම්පස් ළමයි ටික තමයි, ඉස්සෙල්ලාම කුලප්පු කර ගත්තේ... ඔය කාලේ කොල්ලෝ කෙල්ලෝ කොහොමත් නාහට නාහන වයස. ජීවිතේ බරක් පතලක් තේරෙන්නේ නැති, හරි වැරැද්ද තේරෙන්නේ නැති කාලේ.... ඉතින් ඒ දරුවන්ව අල්ලා ගත්තාම ඕන ගොන් අරගලයක් කරන්න පුළුවන්. ලංකාවේත් 1971, 1989, 2022 ඕකම තමයි වුනේ. බටහිරට ඕනෑ විදියට නටන බව ඔවුන්ට තේරෙන්නේ නෑ...
අපේ රටේම වගේ තමයි ඔලුව උස්සන්න දෙන්නේම නෑ. ඒ රටේ ඉන්නෙත් මෝඩ අරගල කාරයෝ NGO බුරියානි කාලා...!
බංග්ලාදේශයේ සිට...!
බන්ගලිකාරයෝ සීයට අසූවක් කැමති මේ වුණු දේට...
වැරැදි කරත්, හොරකම් කරත්, අන්තිම මොහොතේ හරි, රටේ මිනිස්සු තමන්ගේ දරුවෝ වගේ කියලා හිතන පාලකයෝ...!
විශ්වය එක නඩුවක් විසඳුවා. ප්‍රජාතන්ත්‍රවාදය අවසානයේ ජයගත්තා.
අරගල චකබ්ලාස් කරන්න පුළුවන් කෙනෙක්නම් ඉන්නවා. මේ වෙලාවේ මෑන් මෙහෙ ඡන්දේ ඉල්ලනවා. නැත්නම් එවන්න තිබුණා..
දරුවො නැති අය විශ්ව විද්‍යාල ළමුන්ට දොස් තියනවා. අරගල කරන්නේ සනීපෙට නොවෙයි. ගොං අරගල වලට යනවා කියලා අර්ථ දක්වන අයට කියන්න කැමැතියි අසාධාරණකම් ඉවසන්න බැරි තරුණ ජවය කියලා. මේත් ජනතාවගේ දරුවෝ, බුරියානි කෑමට රැවටුණා නම් එන්ජීඕ සල්ලි ගත්තා නම් ඒකෙ වගකීම රටේ වැඩිහිටි දෙමාපියන්ට එනවා... නමුත් එහෙම ළමුන් නෙමෙයි මේ...!
මම බංගලාදේශයේ, ඉන්දියාවේ මිනිස්සු මේ ගැන කතාකරන අන්තර්ජාලයේ සාමූහික ගොඩක අදහස් කියවලා බැලුවා... ලංකාවේ බයියෝ විතරයි මේ ගැන නාහෙන් අඬන්නේ...!
අඳුරන බංගලි කියන විදිහට නම් නැගීගෙන ආපු රට දැන් තියෙන්නේ චීන ණය උගුලට අහුවෙලා කියලා...
මේකේ කමෙන්ට් වලින් මට පේන්නේ තාමත් ලංකාවේ බහුතරයක් ඉන්නේ වහල් මානසිකත්වයේ... මටත් ලංකාවෙන් යන්න වුනේ දූෂිත රජයක් තිබ්බ හින්දා. ඉස්සර ඉඳන්ම දුෂිතයින්ට එරෙහිව ජන අරගල තිබ්බා.. ප්‍රංශයේ වේවා, ඉතාලියේ වේවා, ලංකාවේ වේවා, බංග්ලාදේශයේ වේවා ඔක්කෝම එකයි හැබැයි සමහර රටවල අරගලයෙන් පසු රට ගොඩ ගියා සමහර රටවල් වලපල්ලට ගියා. මට හිතෙන විදියට පාකිස්ථානයේ වුණත් තව මාසයක් ඇතුළත අරගලයක් ආරම්භ වෙයි. ඇත්තම කතාව මිනිස්සු බල්ලෝ වගේ හිර කරගෙන කූඩුවල ඉන්න ජාතියක් නෙමෙයි. මම හිතන විදියට ලංකාවත් හොංකොං, තායිවානය, දකුණු කොරියාව, සිංගප්පූරුවට පස්සේ ඊළඟ ආසියානු මකරා වෙනවා...
අපේ රටේ වගේ එහෙත් විකුර්ති ජාන සහිත ජෙප්පෝ පෙරෙට්ටෝ වැනි අපතයෝ ඉන්නවා වගේ. අඩුපාඩු එක්ක හරි ෂීක් හෂීනා රට දියුණු කරන්න ගන්න කොටම ජෙප්පො සිරිමාවෝ මැතිණියට කලා වගේම කඩාකප්පල් කළා. ජෙප්පොයි, පෙරෙට්ටොයි අද වෙනකල්ම කරන්නේ ඒකමයි.
සෑම අරගලයක් පිටුපස මංකොල්ලයක් ඇත. බංගලි ජෙප්පෝ මංකොල්ලකන විදිහ ඇසින් දැකගන්න YouTube බලන්න. සැප්තැම්බර් 21 ජෙප්පන්ට රටගියොත් අපේ දේපල සියල්ලම ඕකුන් මංකොල්ල කනවා ෂුවර්.
සමන්, කියන්න කැමැතියි වසර පහළොවක් රට පාලනය කරලා මදි වෙලා, තවත් බලයේ ඉන්න වසර 53 කට පෙර වෙච්චි විප්ලවයට සහභාගි වෙච්චි අයගේ නමින් රැකියා දෙන්න අර අඳින්නේ තමන්ගේ පාක්ෂිකයින්ට සලකන්න, එච්චර කාලෙකට පෙර පවුල් වල අය කොහොම හොයලා ඔය රැකියා කෝට කොහොම සාධාරනව දෙන්නද, ලංකාවේ නම් ඔය ක්‍රමයට කලින්ම එරෙහි වෙන්නේ ජෙප්පො තමයි. ෂික් හසීනගේ දූෂිත ක්‍රමය සාධාරණීීකරනය කරනව කියන්නේ මෙහෙත් දූෂිතයින්ගේ කල්ලියේ අය තමයි...
සමන්, මැතිණිගේ රජය වට්ටවා ගත්තේ මැතිණිම තමයි. ඒ කාලේ එතුමිය කරපුවා අපි හොඳට දන්නවා...!
මේ කියන විදියට රනිල් 2048 වෙනකන් ජනපති වුනොත් ලංකාව ලෝක බලවතා වෙනවලු. මට පේන විදියට අප්‍රිකාවේ ඇටසැකිල්ල සෝමාලියාව වගේ වෙයි ලංකාව.