ජෙෆ්රි ඇලෝසියස් ගේ රට ගමන් තහනම තාවකාලිකව ඉවතට මහ බැංකු බැදුම්කර වංචා කළ බවට චෝදනා ලැබ සිටින පර්පචුවල් ටෙසරීන් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතාට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කළ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඔහුට මාස 03 ක කාලයක් තුළ විදේශ ගත වීමට අවසර දුන්නේය. 13 June 2024
සේවක වර්ජනයෙන් තැපැල කොට උඩ සේවකයින් බඳවා නොගැනීමට විරෝධය පළ කරමින් තැපැල් සේවකයින් ඊ්යේ (12) මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කිරීම හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව අද (13) වසා දමා තිබේ. 13 June 2024
සමෘද්ධියට නව පණක් දේශපාලන අත පෙවීම් හා විවිධ ඕනෑ එපා කම් හේතුවෙන් පසුබෑමකට ලක්වූ සමෘද්ධි ව්‍යාපාරය යළි පණ ගැන්වීමට රජය තීරණය කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 13 June 2024
මුහුදුබඩ දුම්රිය මාර්ගය මුළුමනින්ම අවහිර වෙයි පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගය මුළුමනින්ම අවහිර වී තිබේ. 13 June 2024
නව හැවිරිදි දැරියට පහරදුන් සුළු පියා අත්අඩංගුවට නව හැවිරිදි පාසල් දැරියකට අමානුෂික ලෙස පහර දුන් බව කියන එම දැරියගේ සුළු පියා අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි. 13 June 2024
අල්ලස් ගත් වාරි ඉංජිනේරු-රියදුරු කොටුවෙයි අක්කරපත්තුව කොට්ඨාශයේ වාරිමාර්ග රක්ෂිත ඉඩමක් ගොඩකිරීම සදහා අවසර ලබාදීමට රුපියල් ලක්ෂ 04 ක් අල්ලස් ලෙස ඉල්ලා එයින් රුපියල් ලක්ෂ 02 ක් සිය රියදුරා ලවා ලබාගනිමින් සිටි වාරිමාර්ග ඉංජිනේරුවරයෙකු සහ මුදල් ලබාගත් රියදුරා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් අක්කරපත්තුවේ දී අත්අඩංගුවට ගෙන ඇත. 13 June 2024
අදත් වැසිවාර කිහිපයක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 13 June 2024
‘‘අයවැය ප්‍රගතිය පෙන්වන්න රජය අපොහොසත් වෙලා‘‘ 2023 අයවැය කතාවට ඇතුළත් කර තිබූ වටිනාකම වැඩිම වියදම් යෝජනා 25 ට ප්‍රතිපාදන ලෙස වෙන්කළ රුපියල් බිලියන 49.3 න් රුපියල් බිලියන 43.8 ක මුදලක් වෙන්කර තිබූ අයවැය පොරොන්දු වල ප්‍රගතිය ගැන තොරතුරු ලබාදීමට රජය අපොහොසත් වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. 13 June 2024
මිහින්තලේ හිමිගේ පැමිණිල්ලට පොලිස්පතිගෙන් නියෝගයක් පොසොන් උත්සවයට මිහින්තලා පුදබිම සූදානම් වෙමින් පවතින අවස්ථාවක මිහින්තලා ප්‍රදේශයට පැමිණෙන සැකකටයුතු පුද්ගලයන් සම්බන්ධයෙන් විධිමත් පුළුල් විමර්ශනයක් කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට නියම කළේය. 13 June 2024
කුවේට් ගින්න 49 ක් බිලි ගනී කුවේටයේ, මැන්ගාෆ් දිස්ත්‍රික්කයේ, විදෙස් ශ්‍රමිකයන් නවාතැන් ගන්නා මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නට 49 දෙනෙක් බිලිවූහ. ඔවුන්ගෙන් වැඩිදෙනා ඉන්දියානුවන් බව පැවැසෙයි. 13 June 2024
පුත්තලමේ වැඩිහිටි දීමනාවෙනුත් යටි මඩි ගහලා වැඩිහිටි දීමනාව ලබා දීමට රජය නිකුත් කළ රුපියල් ලක්ෂ 10 කට ආසන්න මුදලක් ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් වැඩිහිටියන්ට නොදී වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී.හේරත් මහතා පැවැසීය. 13 June 2024
හිතුමතේ කෙරෙන කැසිනෝවලින් රජයට කෝටි ගණනක පාඩුවක් නියාමනය කෙරෙන නීති නැති හෙයින් ඔන්ලයින් කැසිනෝවලින් රටට රුපියල් කෝටි ගණනින් ආදායම් අහිමි වෙමින් පවතින බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මුදල් අමාත්‍යවරයාට ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත. 13 June 2024
නුවර ගුරුවරියගේ නඩුවෙන් රන්ජන් නිදහස් මහනුවර ප්‍රදේශයේ කාන්තාවකට විවාහ පොරොන්දු දී මූල්‍ය වංචාවක් කළැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරිමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා අද (12) නියෝග කළේය. 12 June 2024
අනධ්‍යයන සේවක වර්ජනයට දින 44 තවමත් විසඳුම් නෑ විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ දීර්ඝ වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල රැසක ප්‍රායෝගික පරීක්ෂණ අඩාලවීමෙන් සිසුන් විශාල පිරිසක් ගැටලුකාරී තත්වයකට මුහුණ දී සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය. 12 June 2024
දැරියක පැහැරගෙන බංකරයක හංගාගෙන බුත්තල පොලිස් වසමට අයත් කටුගහගල්ගේ ප්‍රදේශයේ නිවෙසකට පැමිණි පිරිසක් මවුපියන්ට පහරදී නිවෙසේ කාමරයක නිදාගෙන සිටි දාහතර හැවිරිදි දැරියක පැහැරගෙන යෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෝ තිදෙනෙක් බුත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 12 June 2024
ලයිටරයක් නිසා ගිනි පෙට්ටිය නැති වෙයිද? විදෙස් රටවලින් ගෙන්වන ලයිටර් විශේෂයක් නිසා මෙරට දේශීය ගිනිකූරූ නිෂ්පාදන ආයතන වලට යන එන මං නැතිවී ඇතැයි එම ආයතන හිමිකරැවෝ පවසති. 12 June 2024
කුකුල් චමින්ද නීතියේ රැහැනට කොටු කළ තරුණයාට මුදල් ත්‍යාගයක් වැලිඔය පොලිස් වසමේදී කුඩා දැරියකට අමානුෂික පහරදීමේ සිද්ධිය වීඩියෝ කර සැකකරු අනාවරණය කරගැනීමට අවශ්‍ය තොරතුරු ලබාදුන් තරුණයාට රුපියල් ලක්ෂ 5ක මුදලක් සහ එම වින්දිත දැරියට රුපියල් 250,000ක මුදල් ත්‍යාගයක් පිරිනැමීම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ ප්රධානත්වයෙන්අ ද(12) බත්තරමුල්ල මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී පැවැත්විණ. 12 June 2024
ස්විස්ටලන්ත කෞතුකාගරයක තිබු ආදීවාසී අස්ථි කොටස්-කෞතුක භාණ්ඩ යළි ලංකාවට ස්වභාව දහමේ රස කොටස්වලින් ඇට, මස්, නහර හැදුණු ආදි වාසී ජනතාව මේම පොළොවට ණය ගැති වන අතර ඒ ණය ගෙවාදැමීමට මේ භූමියේ මිහිදන් කළ යුතු බවත් පරපුරේ නායකයා ලෙස ස්විස්ටර්ලන්තයේ සිට රැගෙන ආ මෙරට ආදිවාසී ජනතාවගේ අස්ථි කොටස් ඒ ණයෙන් නිදහස් කිරීම සිදුකරන බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තෝ පැවැසීය. 12 June 2024
මරණ දඬුවම් නියම වු මත් ජාවරම්කරුවෙක්ගේ ලක්ෂ 65ක් අධිකරණ බාරයට මරණීය දණ්ඩනය නියමව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට ප්‍රසිද්ධ නලින් සුරංග චූදිතගේ බවට සැක කරන රුපියල් ලක්ෂ හැටපහක මුදලක් අධිකරණ බාරයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නියෝග කළේය. 12 June 2024
ධීවර ලේකම් බංගලාවේ සියලු සේසතටම සුද්දෙ දීලා ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරයාට වෙන්කර තිබූ නාරාහෙන්පිට මුහන්දිරම් ඊබී දාබරේ මාවතේ නිල නිවසේ දොර ජනෙල් අගුළු සහ සවිකිරීම් සියල්ල ගලවාගෙන ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 12 June 2024
පාස්කු බුද්ධි තොරතුරු ගැන හොයන්න ජනාධිපති කමිටුවක් පාස්කු බෝම්බ ප්‍රහාර පිළිබඳ ලැබුණු පූර්ව තොරතුරු/බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධි ප්‍රධානී (CNI) සහ අනෙකුත් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ. 12 June 2024
එක්දරු මව දියරකුසාට බිලි සිය පිරිමි දරුවා පහ වසර ශීෂ්‍යත්ව උපකාරක පංතියකට ඇරලවා කෙටි පාරකින් නිවස කරා ගමන් කළ ගිය 34 හැවිරිදි මවකගේ සිරුර මාටුවාගල දැල්වත්ත මාර් ගයේ කුරුගඟ ආසන්නයේ ජලයේ තිබී සොයාගත් බව කිරිඇල්ල පොලීසිය පවසයි. 12 June 2024
කතුන් අලෙවි කළ නිලියක ඇතුළු හතරක් කොටුවෙයි ජනප්‍රිය නිලියන් සහ සුරූපී කාන්තාවන් රුපියල් 30,000 සිට ඉහළ මිලට ගණිකා වෘත්තිය සදහා යෙදවූ බව කියන සරාගී චිත්‍රපට නිළියක් ඇතුළු කාන්තාවෝ 4 දෙනෙක් මොරගහහේන කෝරළයිම, දෙමටහැත්ත ප්‍රදේශයේදී වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 12 June 2024
ව්‍යාජ සහතික පත්‍ර ඉදිරිපත් කළ ලාංකිකයන්ට ඉතාලියේදී වැඩ වරදී වෙන්නප්පුව ප්‍රදේශයේ විදේශ සහතික පරිවර්තන ඒජන්සියකින් සැකසූ, ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයේ ව්‍යාජ මුද්‍රා සහිත සහතිකපත් ඉදිරිපත් කරමින් ඉතාලිය පුරවැසිභාවය ඉල්ලුම් කළ ශ්‍රී ලාංකිකයන් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අපරාධ නීතිය යටතේ නඩු පවරා ඇත. 12 June 2024
ලයිට් බිල අඩු කෙරෙන දිනය ගැන ඉඟියක් විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති නව විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලියට අනුමැතිය ලබාදීම ලබන මස මැද භාගයේදී සිදු කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. 12 June 2024
බිබිලේ අනතුරකින් තුනක් මරුට බිබිල - මහියංගනය ප්‍රධාන මාර්ගයේ වෑගම දී බස් රථයක් සහ වෑන් රියක් මුහුණට මුහුණ ගැටීමෙන් එකම පවුලේ තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 12 June 2024
ජනපති සාර්ක් මහ ලේකම් හමු වෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සාර්ක් මහලේකම් ගොලාම් සර්වාර් (Golam sarwar) මහතා අතර හමුවක් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. 12 June 2024
ඡන්දෙ කල් දානවට පොහොට්ටුව විරුද්ධයි මැතිවරණ කල්දැමීමට සම්මාදම් වන සියලු දේශපාලන පක්ෂ විනාශ වන බවත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා එක කථාවක් ද, එහි ලේකම්වරයා තවත් කථාවක් ද, කියන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (12) පැවසීය. 12 June 2024
නෙළුම්මල් කඩන්න ගිය පුතා වැවේ සැඟවේ ඇතිමලේ පොලිස් වසමට අයත් තෝරඅතුපිටිය වැවේ නෙළුම්මල් කැඩීමට ගිය පාසල් ශිෂ්‍යයෙකු දියේ ගිලී මියගොස් ඇතැයි ඇතිමලේ පොලීසිය පවසයි. 12 June 2024
බඹර ප්‍රහාරයකින් කැකිරාව පාසලක 35ක් රෝහලේ පාසැල නිමවීමට ආසන්නව තිබියදී එල්ලවූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් කැකිරාව අධ්‍යාපන කලාපයට අයත් ඉහළ කාගම ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් හා ගුරුවරුන් ඇතුළු 35ක පමණ පිරිසක් ප්‍රතිකාර සදහා කැකිරාව දිසා රෝහලට ඇතුළත් කර තිබේ. 12 June 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026