
(සුජිත් හේවාජුලිගේ )
ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු වශයෙන් පෞද්ගලික හේතුවක් මත තමා ඉදිරිපත් නොවන බව ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාට ලිපියක් යවමින් දැනුම් දී ඇත.
ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන අපේක්ෂකයා වශයෙන් තමා ඉදිරිපත් කිරීමට යෝජනා කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායකත්වයටත් ඔබටත් අනෙකුත් සියලුම දේශපාලන නියෝජිතවරුන්ටත් හෘදයාංගම ස්තූතිය පුද කරන බවද ඔහු එම ලිපියෙන් දන්වා ඇත.
පක්ෂයේ උන්නතිය සහ ඉදිරි කටයුතුවල සාර්ථකත්වය උදෙසා සුබ පැතුම් පිරිනමන බවද ඔහු එම ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිහා දන්නවා හොඳට ම නාන්න වෙනවා කියලා.
මහා ව්‍යාපාරිකයාට පච වුණා ඇති කියලා හිතෙන්න ඇති.
පිහිය රත්තරන් කියලා කවුද කැමැති පිහියෙන් ඇන ගන්න. ගන්නා බොහෝ තීරණ වලදී ගණිතමය තීන්දු ගන්නා මෙයා මේ වෙලාවේ බෙල්ල දේවී කියලා හිතන්නේ කොහොමද?
ජනතාව මොනවා කළාටද ඡන්දෙ දෙන්නේ? තේරෙන්නේ නැහැ.
එක හොඳයි... පරදින පැත්තකින් ඉල්ලලා නම කැත කරගන්නවාට වැඩිය?
ආන්නේකයි. තමන්ගේ තරම දැන ගෙන වැඩ කලාම හොඳටම හොඳයි. එංගලන්තයේ රෝහල් අපද්‍රව්‍ය හොර රහසින් මෙරටට ගෙන්වා මුදල් ඉපයූ, තමන්ගේ කර්මාන්තශාලා වලින් පිටවන අහිතකර රසායන ද්‍රව්‍ය නිසා අහිංසක මිනිස්සුන්ගේ පානීය ජලය ටිකත් අහිමි කෙරූ තමන්ට මේ රටේ මිනිස්සු ඡන්දයක් දෙන්නෙ නෑ කියලා තේරුම් ගන්න තරම් බුද්ධිමත් වීම සතුටුදායකයි.
මොළේ පෑදුනා එහෙනම්. මේකට බැස්සනම් බිස්නසුත් විනාශ කරගෙන, සල්ලිත් නැතිකරගෙන, එක එකාගෙන් කුණු බැනුනුත් අහගෙන පච වෙන්න තිබුණ.
ධම්මික ජනාධිපතිවරණ සටනින් ඉවත් වෙන්න හේතු වෙන්න ඇත්තේ බංගලාදේශයේ ඇතිවී තිබෙන තත්වය විය හැකියි. බංගලාදේශයේ ඇති ආයෝජන වලට ඇති විය හැකි බරපතල අලාභයන් සහ ඡන්ද වියදම් තනිව දරා ගැනීමට සිදුවීමත් යන කාරණාවත්, නියත පරාජයත් උපදේශකවරු අවබෝධ කර දෙන්නට ඇති...
පරදින්ට බය වුනා නේද?
එයා ආවත් එකයි නාවත් එකයි. අපිට එයාව කොහොමත් තර්ජනයක් නොවෙයි. ආවොත් එයාගේ හොර, මගඩි, ජාවාරම් වලින් උපයපු සල්ලි වලට වඩා , රටේ මහජනතාවගේ ශක්තිය බලය පෙරමුණ අරගෙන ජාතික ජනබලවේගය විශාල ජයග්‍රහණයක් ලබනවා. මාලිමාවට ඡන්ද කෝටියක් !!!
ජනාධිපති තරඟයට හිටපු එකම එක කුණු ඒජන්සිය එහෙනං එලියට. හැබැයි ඒ වෙනුවට වැසිකිලියක් එනවලු කියන්නේ.
බැරිදේ පුලුවන්ද දත්මිටි කෑවාට කියන්නෙ ඕකට තමයි උන්නැහේ .ඔය රාජපක්ෂලා ඔවුන්ගෙන් පිටස්තර කිසිවෙකුට නැගීසිටීමට ඉඩක් දෙන්නෙ නැහැ .ඒක තේරුම් අරගෙන පැත්තකට වෙලා පුළුවන් වැඩක් කරගෙන ඉන්නකෝ.එහෙම නැත්නම් සුදුස්සාට සුදුසු තැන ලැබෙන පක්ෂයක් සමග සම්බන්ධ වෙන්න.එහෙමත් නැත්නම් DP Education තවත් ප්‍රවර්ධනය කරල ඊළඟ වතාවේ ස්වාධීනව නැගිටලා ඉදිරිපත් වෙන්න .අපි කලින්ම කිව්වෙ මෙවර ඔහේට බැහැ කියලා තමයි.කොහොම කිව්වත් රාජපක්ෂලා ළග සිටින කිසිම කෙනෙකුට ඔවුන්ට ඉහලින් යන්න නම් දෙන්නෙම නැහැ. කොහොම හරි ලංකා පාලනයේ විශාල වෙනසක් වෙලා පවුල් පාලන ක්‍රමය ලංකාවෙන් තුරන්වේවි කියලා හිතෙනවා..
ලංකාව දියුණු කරන්න බ්‍රිතාන්‍යයෙන් තව තවත් කුණු ගෙන්වාගන්න අපි ධම්මික ට ඡන්දය දෙන්න බලාගෙන ඉන්නවා.
සල්ලි තිබුනට මොළයක් ගෑවිලාවත් නම් නැහැ නැත්නම් තමන්ගේ ධනය කාලය නාස්ති කරගෙන රටේ නායකත්වය සදහා ඉදිරිපත් වෙන්න කියලා පස්සෙ බොරුවට නෑ දෙන්න බැහැ කිව්වම ලැජ්ජාවක් හා ආත්මාභිමානයක් තියෙන කෙනෙකුට තවදුරටත් එහෙම පක්ෂයක රැදී ඉන්න පුලුවන්ද ඕක ඉතින් මහමුදළි කමටත් වඩා ලොකුයිනේ.
ධම්මික කියන්නේ ව්‍යාපාරිකයෙක් නේ... ආයේ කැමති නෑ ලාභයක් නැති වැඩ වලට අත ගහන්න.. ධම්මික දන්නවා දැන් පොහොට්ටුව පරදිනවා කියලා ඇපත් නැතුව
අනේ බොහොම ස්තුතියි
කොහොමද රාජපක්ෂලාගේ ආර්ටිෆිෂල් ඉන්ටර්ලිජන් . ඔයාගේ එකට වැඩිය ඇඩ්වාන්ස්. අපරාදේ බද්දට පොල්ල තියාගෙන සූදු කෙලගෙන සුද්දන්ගේ කුණු ඇදගෙන රට ගඳ ගස්සගෙන ඉන්න තිබුනා අය්යෝ සල්ලි