
බංග්ලාදේශ අන්තර්වාර රජය මෙහෙයවීමට, අන්තර්වාර අග්‍රාමාත්‍යවරයා ලෙස නොබෙල් සාමත්‍යාගයෙන් ද පිදුම් ලැබූ මුහම්මද් යූනුස් පත් කරන බව, බංග්ලාදේශ ජනාධිපති මොහොම්මද් ෂහබුදීන් පවසා ඇත. ඒ බංග්ලාදේශයේ විරෝධතා පවත්වන ශිෂ්‍ය සංගම් ඇතුළු සෙසු සිවිල් සංවිධාන කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමිනි.
ශිෂ්‍ය විරෝධතා හමුවේ, බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ෂෙයික් හසීනා, අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වී, රටින් ද පලා යෑමෙන් පසු, හමුදාව විරෝධතාකරුවන්ට පැවැසුවේ, තමන් මැදිහත් වී අන්තර්වාර රජයක් පිහිටුවන බවය. කෙසේ නමුත් විරෝධතාකරුවෝ ඊට දැඩි ලෙස විරෝධය දැක්වූ අතර, ඔවුන්ගේ එක හඬින් කියා සිටියේ අන්තර්වාර අග්‍රාමාත්‍ය ලෙස මුහම්මද් යූනුස් ත් කළ යුතු බවය.
ඒ අනුව, බංග්ලාදේශ ජනාධිපති මොහොම්මද් ෂහබුදීන්, ශිෂ්‍ය සංගම් නායකයන්, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, විපක්ෂ දේශපාලන නායකයන් අතරේ හමුවක් පැවැත්වුණු අතර, සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ මුහම්මද් යූනුස් අන්තර්වාර අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට කැමැත්ත ලබා දුන් බව පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගත අභිවෘද්ධිය දකින ජනතාවක් සහ දේශපාලකයින් ඉන්න රටක්.... පැනලා ගියපු අගමැතිනි ආර්ථික සංවර්ධන කළාට අනෙකුත් සෑම අතකින් ම ෆේල්... විපක්ෂය මර්දනය දැඩිව කළා. විපක්ෂයේ අය සිරගත කළා. මේක ලංකාවේ අයට හොඳ පාඩමක්.. ආදර්ශයක් .
ශ්‍රී ලාංකික ඔබට කළ නොහැකි වූ දේ ඔවුන් කලා දැනට, බලමු ඉදිරියට මොකද වෙන්නෙ කියලා.
ලංකාවේ සර්වෝදයේ ආරියරත්න වගේම ඇමරිකාවෙන් පුම්බපු තවත් වැඩ බැරිදාස කෙනෙක්.මේකෙන්ම හරිම පැහැදිලියි මේ බල අරගල පිටිපස්සේ ඉන්න අදිසි හස්තය කවුද කියලා. හැබැයි සාපේක්ෂව ලංකාව ඇතුළත වෙච්ච අරගලය ජනතාවාදී එකක් සහ මුල් අවස්ථාවේ එය ජනමතය නියෝජනය වුණ එකක්.එහෙත් එය අවසන් වන විට දේශපාලන රූකඩ වල වේදිකාවක් වුණා පමණයි.ගෝඨාභයව එලවා නොදැමුවා නම් රටේ තත්වය අතිභයංකාර වීමට තිබුණා.
අපේ ලොක්කා වගේ වෙයිද දන්නේ නෑ
මෙතුමා උගතෙක් තමයි. දැන් ඔය N.G.O. නඩයට අහුවෙලා ඉන්න පරිනත නොවූ ජනයාට තේරෙයි පොතේ දැණුමත් ප්‍රායෝගිකත්වයත් අතර වෙනස. තව ටික කාලයක් යයි.